හොඳම කැපුමට හරිම පිහිය තෝරගන්න
මු`ඵතැන්ගෙයි වැඩ කටයුතුවලදී ගෘහිණියන්ට නැතිවම බැරි උපකරණයක් වන්නේ පිහියයි. එහෙත් එළව`ඵ කපන්න, පාන් කපන්න, මස් මා`ඵ කපන්න හැමදේටම කුස්සියේ තියෙන්නේ එකම පිහිය නම් කාර්ය බහුල වෙලාවට ඉක්මනින්ම වැඩ කරගන්න අපහසු වෙනවා. ඒ විතරක් නොවෙයි අදාළ වැඩේට පමණක් විශේෂිත පිහිය වෙනත් කැපුම් සඳහා යොදා ගැනීමෙන් පිහියේ මුවහත නැතිවීමට සහ කැපුම් තලය ඉක්මනින්ම පළුදු වීමට ද පුළුවනි. එළව`ඵ වර්ග වගේම මස් වර්ග වුණත් ගනකම, හැඩය අනුව කපන පිහිය වෙනස් වෙනවා. වැඩේට ගැළපෙනම පිහිය ළඟ නැති නම් අපේ ගෘහිණියන්ට වැඩි වෙහෙසක් දරන්න වෙනවා. ඒ නිසා නියමිත වැඩේ පිළිවෙළට, ලස්සනට සහ පහසුවෙන්ම කරගන්න නම්, එක් එක් වර්ග සඳහා සුදුසු පිහිය භාවිතා කරන්න ඕනෑ. කැපුමට ගැළපෙන පිහි තල ගැනයි මේ සටහන.
Bread Knife පාන් පිහිය
මෙහි හැඩය සාමාන්‍යයෙන් අනෙක් පිහිවල තලයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. පිහිය කැපෙන පැත්තේ දැති සහිතව පිහිටා තිබෙන්නේ මේ පිහියෙයි. කෑම ලස්සනට එක සමාන විදියට කපා ගන්න නම් ඊටම ගැළපෙන පිහියක් තිබෙනවා. බ්‍රෙඩ් නයිෆ් ඕනෑම ගෙදරක අනිවාර්යයෙන් තිබිය යුතුමයි කිව්වොත් නිවැරදියි. ඊට හේතුව පාන්, බනිස්, බ්‍රෙඩ් රෝල්ස්, පේස්ටි්ර වගේ කෑම වර්ග ආහාරයට එකතුකර නොගන්නා නිවසක් නැති නිසයි. පාන් බනිස් වගේ කෑම සාමාන්‍ය පිහියෙන් කපන්න යන වෙලාවට මොකද වෙන්නේ කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ. ඒ වගේම මෙය කේක් කපන්නත් හොඳින්ම ගැළපෙනවා. අමුත්තන්ට සංග්‍රහ කරන වෙලාවට කේක් එකක් නොකැඩී ඇද පළුදු නැතිව කපාගන්න මේ පිහිය උදවු කරගන්න පු`ඵවන්.
Oyster Knife ඔයිස්ටර් පිහිය
මුහුදු බෙල්ලන් වර්ග ආහාරයට ගන්න කැමති අයට පහසුවෙන්ම බෙලි කටුව ඉවත් කරගැනීමට නම් මුළුතැන්ගෙයි පිහි අතර අනිවාර්ය පිහියක් වන්නේ ඔයිස්ටර් නයිෆ් පිහියයි. ඒ සඳහා වෙනත් පිහි තල භාවිතා කිරීම ඇතැම් විට අනතුරුදායක වෙන්නත් පුළුවනි. බෙල්ලන් කියූ විට විවිධ වර්ගයේ මුහුදු බෙල්ලන් සිටින අතර ඒ වර්ගවලට අදාළ විවිධ පිහිතල වර්ගද තිබෙනවා. පෙනුමින් උල් හැඩයක් ගන්නා මෙම පිහිතලයෙන් බෙලි කටුව පහසුවෙන්ම ඈත්කර ගැනීමට හැකියි. විශේෂයෙන් මෙම පිහිය නිවෙසේ මුළුතැන්ගෙයට වගේම අවන්හල්වලද තිබිය යුතු පිහිතලයක් ලෙස සඳහන් කළ හැකියි.
Chef’s Knife චෙෆ් ගේ පිහිය
අඟල් හයත් දාහතරත් ප්‍රමාණයෙන් යුතු මේ චෙෆ් නයිෆ් එක පහසුවෙන්ම එළව`ඵ වර්ග තළා ගැනීම සඳහාත් යොදාගන්න පු`ඵවන්. විවිධ හැඩතලවලින් යුතු පිහිය තල අතරේ චෙෆ් නයිෆ් විදියට හඳුන්වන මේ පිහිය නම් කුස්සියට නැතිවම බැරි කෙනෙක්. ඊට හේතුව මස්, මා`ඵ සහ ගන එළව`ඵ වර්ග පහසුවෙන්ම කපාගන්න නම් එය කුස්සියේ තියෙන්නම ඕනෑ. ඒ සඳහා පහසුවෙන්ම අතට හසුකර ගැනීමට හැකි මිටක් සහිතව මේ පිහිය නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම ශක්තිමත් නිමාවකුත් තිබෙනවා. ප්‍රමාණයෙන් ගත්තොත් මෙය තරමක් දිගින් යුතු පිහියක්. වැඩි ආයාසයකින් තොරව අපේ ගෘහිණියන්ට මස්, මා`ඵ කපාගන්න නම් ප්‍රමිතියකින් යුතු මේ වගේ පිහියක් මු`ඵතැන්ගෙයි තබා ගැනීම නම් අවාසිදායක නැහැ.
Butcher Knife– බුචර් පිහිය
බුචර් නයිෆ් එහෙමත් නැතිනම් ක්ලෙවර් නයිෆ් විදියට හඳුන්වන මෙම පිහිය නම් වැඩිදෙනෙකුට හුරු පිහියක්. එහෙමත් නැතිනම් නිතරම දකින්න ලැබෙන පිහියක්. එහෙත් සමහර වෙලාවට මේ වගේ එකක් ගෙදර තිබුණත් එය මොනවගේ කැපුම්වලටද යොදාගන්නේ කියලා වැඩි දෙනෙක් නොදන්නවා වෙන්න පු`ඵවන්. ගන මස් වර්ග මස් කටුව පිටින්ම පහසුවෙන්ම කපා ගැනීමට උදවු වෙනවා වගේම ඉඟුරු, සුදුලූනු වගේ දේවල් පිහිය හරහට යොදාගෙන තළාගන්නත් හැකියාවක් තිබෙනවා.
ඉතින් මේ කිව්වේ අපේ ගෘහිණියන්ට මු`ඵතැන්ගෙයි කපන දේවල් පහසුවෙන්ම කරගන්න වඩාත් ප්‍රයෝජනවත් වන ප්‍රධානම පිහිතල කිහිපයක් ගැන. මේ වගේ තවත් පිහි උපකරණ වගේම එදිනෙදා කාර්යයන් වඩාත් පහසු කරගන්නට පු`ඵවන් තවත් උපකරණ ගැන ඉදිරියේදිත් කතා කරන්න අපි සූදානම්.
Utility Knife – යුටිලිටි පිහිය
මේ පිහිය වැඩිපුරම අපට අවශ්‍ය වෙන්නේ ප්‍රමාණයෙන් පොඩි එළව`ඵ සහ පලතුරු සිහින්ව කපා ගන්නයි. මේ පිහියේ පෙනුම නම් ටිකක් චෙෆ් නයිෆ් එකට සමානයි. පෙනුම එක සමාන වුණත් චෙෆ් නයිෆ් එකට වඩා ප්‍රමාණයෙන් කුඩයි. එහෙත් එයින් සිදුවෙන කාර්යය නම් ඊට වඩා වෙනස්. උදාහරණයක් විදියට පලා වර්ග, තක්කාලි, මා`ඵ මිරිස්, බෙල්පෙපර් වගේ එළව`ඵ සිහින්ව කපාගන්න යොදාගන්නේ මේ පිහිය. සලාදයක්, එළව`ඵ බතක් පිසින වෙලාවක පහසුවෙන්ම අවශ්‍ය දේවල් සිහින්ව කපාගන්න නම් ඉතින් මේ පිහියත් නැතිවම බැහැ. පලා වර්ග කපන විට ඒවා තැළී යාම වළක්වාගන්නත් හැකියාව ලැබෙනවා.
සටහන නයනා උදයංගනී
(අන්තර්ජාලය ඇසුරිනි)
Leave a comment