කෝටි ගාණන්වලට වෘෂණ කෝෂ විකුණන්න පුළුවන් ද?

 

මේ දිනවල සමාජ මාධ්‍ය පුරා විවිධාකාර ලෙස කතාබහට ලක්වී ඇති වෘෂණ කෝෂ විකිණීම සහ බද්ද කිරීමේ කතාව ඇත්තක්ද? ඇත්තටම තවත් පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂයක් වෙනත් පුද්ගලයෙකුට බද්ධ කළ හැකිද? එහි ඇත්ත නැත්ත හරිහැටි නොදැනම නොයෙක් කතාබහ ප්‍රචාරය වෙමින් පවතිනවා.


මේ කතාබහ පැතිර යන්න මූලිකම හේතුව වුණේ බොරැල්ලේ පෞද්ගලික රෝහලක එවැනි සැත්කම් කරන බවට යම් පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් නිසයි. ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක මිලක් ලබාදෙන බව තැරැව්කරුවෙකු ප්‍රකාශ කළ බවයි.


එහෙත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ඇතැම් මාධ්‍ය මඟින් වෘෂණ කෝෂ බද්ධ කිරීමක් ගැන තොරතුරු අසන්නට ලැබුණ බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවැනි බද්ධ කිරීම්වලට අවසර හෝ අවස්ථාව ලබා දී නැති බවත්ය. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයාගේ මතය වන්නේ පර්යේෂණාත්මක වශයෙන් හෝ සායනික වශයෙන් එවැනි බද්ධ කිරීමක් සිදුකර නොමැති බවත්ය. 


එමෙන්ම එවැනි වෘෂණ කෝෂයක් හෝ අවයවයක් විකිණීම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පවා නීත්‍යානුකූල නොවෙන බව ද සඳහන් වේ.

නයනා උදයංගනී


 

කුස්සියේ වැඩ පහසු කරන ක්‍රම ගොඩක් Read Previous

කුස්සියේ වැඩ පහසු කරන ක්‍රම ගොඩක්

රෑමත් හැකිවන්ගෙන් පිරිපුන්  සිරිකත කුමරිය 2025 සහ  කඩවසම් පෞරුෂත්වයෙන් හෙබි සිරිකත කුමරු  2025 Read Next

රෑමත් හැකිවන්ගෙන් පිරිපුන් සිරිකත කුමරිය 2025 සහ කඩවසම් පෞරුෂත්වයෙන් හෙබි සිරිකත කුමරු 2025

Realted Post

Leave a comment