චාල්ස්ගේ රාජාභිෂේකයට අලුත් සංගීත නිර්මාණ 12ක්...

 

චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා අලුත්ම සංගීත නිර්මාණ දොළහක් තෝරාගෙන ඇතිබව එක්සත් රාජධානියෙන් වාර්තා වෙයි. ඒ අතරට ජනප්‍රිය සම්මානලාභී කලාකරුවකු වන “ඇන්ඩෲ ලොයිඩ් වෙබර්” සාමීවරයාගේ ගීතයක්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ. 


මැයි මාසයේ 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන මෙම රාජාභිෂේකය සඳහා තොරාගෙන ඇති මෙම සංගීත නිර්මාණ දොළහ චාල්ස් රජුගේ පෞද්ගලික කැමැත්තට අනුව තෝරාගෙන තිබීමද විශේෂත්වයකි. එය සැලසුම් කර ඇත්තේ එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සංගීත කුසලතා සහ වෙනස් ආකාරයේ ශෛලීන් ප්‍රදර්ශනය කිරීම සඳහා බව වාර්තා වේ. එහිදී ග්‍රීසියේ උපත ලද ඔහුගේ පියා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුට උපහාර පිණිස ග්‍රීක ඕතඩොක්ස් සංගීතය වාදනය කරන බවද සඳහන් වෙයි. එය වාදනය කරනු ඇත්තේ බයිසැන්තියානු ගායන කණ්ඩායම විසිනි. රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සජිවීව විකාශනය කෙරෙන චාල්ස් රජුගේ රාජාභිෂේකයට අමුත්තන් දෙදහසක් පමණ සහභාගී වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

නයනා උදයංගනී  


 

අදත් ඉන්නට කැමති අප්පච්චිගේ හෙවනැල්ලයට Read Previous

අදත් ඉන්නට කැමති අප්පච්චිගේ හෙවනැල්ලයට

අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් Read Next

අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක්

Realted Post

Leave a comment