මේ සතිය ඔබට ජූලි 22 සඳුදා සිට ජූලි 28 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන,

ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

22 සඳුඳා - පෙ:ව: 07. 33 සිට පෙ:ව: 09. 03 දක්වා
23 අඟහරුවාදා - ප:ව: 03 03 සිට ප:ව: 04. 33 දක්වා
24 බදාදා - පෙ:ව: 12- 03 සිට ප:ව: 01. 33 දක්වා
25 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 33 සිට ප:ව: 03. 03 දක්වා
26 සිකුරාදා - පෙ:ව: 10. 34 සිට දහවල්: 12. 04 දක්වා
27 සෙනසුරාදා - පෙ:ව: 09. 04 සිට පෙ:ව: 10. 34 දක්වා
28 ඉරිදා - ප:ව: 04.34 සිට ප:ව: 06- 04 දක්වා
  • මේෂ - රැකියා ව්‍යාපාර ආදියේ දියුණුවක්                                 

ඔබට මෙම සතියේ ආරම්භක දින හතර තුළදී තම අරමුණු සැලසුම ඉෂ්ට සිද්ධ කර ගැනීමට යෑමේදී අවශ්‍ය සහයෝගය අන්‍යයන්ගේ ආධාර උපකාර අතහිතදීම හිමිවෙයි. අධ්‍යාපනයේ නිරතවන්නන්ට තම අධ්‍යාපන ඉලක්ක බාධාවකින් තොරව සපුරා ගත හැකිය. අපේක්ෂිත අයුරින් ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ඔබ මෙම දිනවලදී විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලී භාවයෙන් යුතුව කටයුතු කළහොත් රැකියා ව්‍යාපාර ආදියේ කිසියම් දියුණුවක් ස්ථාවර භාවයක් සලසා ගත හැක.

  • වෘෂභ - මූල්‍ය අවශ්‍යතා සපුරාගනී                                     

ඔබට මේ සතිය පුරාවටම මෙන් සිතේ සතුටට කටයුතු පිළිෙයල වේ. සැප පහසුවට අදාළවන දේ ලැබෙන මිතුරු මිතුරියන් හා වැඩියෙන් ආශ්‍රයට යොමුවන සතියක් ද වේ. මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමට පිළිවන්වන අතර පැවති ණය ගනුදෙනුවකින් නිදහස්වීමටත් අවස්ථාව සැකසේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආයෝජනයට අවශ්‍යව තිබූ මූල්‍ය හා ද්‍රව්‍ය සම්පත් ද උපයා සපයා ගැනීමටත් හැකි වේ.

  • මිථුන - දෙස් විදෙස් රැකියා අවස්ථාවක්                                  

ලග්නාධිපති සඳු ග්‍රහයාගේ ගමනේ බල දුබලතාව පරිදි අරමුණු සැලසුම් සිතැඟි පරිදි ඉෂ්ට සිද්ධ කර ගැනීමට පුළුවන. මෙම සතියේ අවසන් දින හතර තුළදී ප්‍රීතිමත් අවස්ථාවන්ට අදාළ ගමන් බිමන් යෙදේ. ඉගෙනීමට හා ස්වයං රැකියා ව්‍යාපාර ආදියට අවශ්‍ය පොත්පත් තාක්ෂණික උපකරණ යනාදිය මිලදී ගැනීමටත් හැකියාව ලැබේ. ඔබ තම නිවසට ආයතනයට යම් යම් දේ මිලදී ගන්නා සතියකි. තැන්පත් ධනයට යමක් එකතුකර ගත හැකි පරිදි මුදල් ලාභ ගෙනදේ. දෙස් විදෙස් රැකියා අවස්ථාවක් ඉටු කරගැනීමට විශේෂ පුද්ගලයකුගේ ආධාර උපකාරයක් ඔබට මෙහිදී ලැබෙනු ඇත.

  • කටක - තීන්දු තීරණ කල් නොදමන්න                                      

ඔබට මෙම සතිය ආරම්භයේ සිටම මෙන් අවිවේකීබවක් ඇති වේ. එසේම මනසට පීඩාකාරී සිතුවිලි ඇති කරනබවක් පෙන්වයි. තීරණ කිහිපයක් ද කල් දැමීමට හෝ වෙනස් කිරීමටත් සිදු වේ. තමාගේ වැඩ අතපසු කර අනුන්ගේ වැඩට වෙහෙසෙන්නට සිදුවන සතියක් ද වේ. පවුලේ හෝ හිතවතකු වෙනුවෙන් හදිසි මුදල් වැයවීමකට කරුණක් යෙදේ. නිකරුණේ කෙරෙන වියදම් වැඩිවන සතියකි.

  • සිංහ - ගමන් බිමන්වලදී කල්පනාකාරී වන්න                         

ඔබට මෙම සතිය තුළ සිදුවන ක්‍රියා හේතූවෙන් කණගාටු සහිතව කාලය ගත වේ. අනුන්ගේ වැඩ තමාට බිය උපදවයි. නිෂ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇතිවන අවස්ථා බහුල වෙයි. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිවී වැඩට සිත අධෛර්යවීමද සිදු වේ. හදිසි මිල මුදල් වියදම්ද සිත් තැවුල්ද ඇති කරයි.තමා සතු වටිනා දෙයක් නැතිවීමටත් ඉඩ තිබෙන සතියක් බැවින් ගන් බිමන් වලදී කල්පනාකාරී වන්න.

  • කන්‍යා - රැකියා ලාභයක්                                                                

ඔබට මෙය ශුභ අශුභ මිශ්‍ර අයුරින් ගතවන සතියකි. ඔබ තම සැලසුම් හා ක්‍රියාදාම අනුන් අතට පත් නොවීමට වගබලා ගන්න. කෙසේ වෙතත් ඔබට මෙම සතියේ අවසන් දින තුනේදී තමා නිරත රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල නව ප්‍රගතියක් ප්‍රතිසංස්කරණයක් අත්වන ලෙසට කටයුතු සිදුවෙයි. හිතවතෙකු මාර්ගයෙන් රැකියා ලාභයක් ද ලැබේ. ලැබෙන මුදල් විනෝදාස්වාදය, නිශ්ප්‍රයෝජන ගමන් බිමන් උදෙසා වැය නොකරන්න.

  • තුලා - මිල මුදල් හා දේපළ ලාභ                                   

තම එදිනෙදා කටයුතුවල නව මුහුණුවරක් ඇති වූවත් තමාගේ ඇප කැපවීම මතම සිට අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට හැකිවන බව සිතට ගන්න. ශිෂ්‍යත්ව ලාභ ආදියට අවශ්‍ය කටයුතු පිළියෙලවන සතියකි. ධනෝපායන මාර්ගයන්ට අවහිර බාධා මතු නොවුණත් සතියේ මුල් දින දෙකේදී අනපේක්ෂිත වියදම් ගෙන දෙන තත්ත්වයක් ගොඩ නැගේ. කෙසේ නමුත් ඔබට මෙම සතියේදී මිල මුදල් හා දේපළ ලාබ ප්‍රයෝජනයන්ට බලය සැකසේ. එසේම අපේක්ෂා කළ ණය ගනුදෙනු හා වෙනත් ගනුදෙනු ද සාර්ථක වේ.

  • වෘශ්චික - බලපෑ ගැටලුවකට සාර්ථක විසඳුම්              

ඔබට මෙම සතියේ මුල් දින හතර ශුභ ඵලදායී අයුරින් ගත වේ. එබැවින් මෙය බලාපොරොත්තු ඉටුවන දියුණුවට කටයුතු පිළියෙල වන ප්‍රතිඵල දායක සතියකි. විටෙක දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම් ද ඇතිවෙයි. ඒවා මතු යහපත උදෙසා වේ. ආදායම් තත්ත්වයෙහි ද ප්‍රගතියක් ද දක්නට ලැබේ. ව්‍යාපාරවල නිරතවන්නන්ට අලුත් අදහස් ක්‍රියාවට නැගීමෙන් නව නිපැයුම් ඉදිරිපත් කිරීමට හැකිවේ.

  • ධනු ලග්නය ලැබෙන උපයන දෙයින් ලාභ                     

ඔබගේ ලග්නාධිපති ගුරු මෙන්ම යෝගකාරක ග්‍රහයාගේ ගමන මුල්කොට මෙම සතියේ මුල් දින පහ තුළ නොයෙක් ආකාර සුළු සුළු ද්‍රව්‍ය ලාභ ආර්ථිකමය වාසි ප්‍රයෝජන ලැබෙනු ඇත. නිතර මිත්‍රයන් හමුවීමට යාමට සිදුවේ. තම වැඩට ආධාර කරුවන්ද ලැබේ.  ලැබෙන උපයන දෙයින් ලාභ සත්කාර මෙන්ම සැප සම්පත් ලඟා වේ. අවසන් දින දෙක තුළ සතුරන් නිසා සිතට භය හා සැක සහිතව කාලය ගෙවේ. නිෂ්ඵල වූද වියදම් අධික වූද ගමන් බිමන් යාමට සිදුවේ.

  • මකර ලග්නය - අමතර ආදායම් මාර්ග                          

මකර ලග්නය හිමි ඔබට මේ සතිය ශුභදායි අයුරින් ගත වන අතර තම අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටු කර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයකින්ද ඔබ මෙම සතියේ ක්‍රියා කරයි. පොත පත කියවීමටත් දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ඔබට මේ සතිය තුළ ඉපැයීම් මාර්ග කෙරෙහි අයහපත් නොවේ. ඇනහිට තිබූ ආදායම් තත්ත්වය යථා තත්ත්වයට පත් වේ. අමතර ආදායම් මාර්ග කෙරේ ද ඔබේ අවධානය යොමු වී ඊට අදාළ කාර්යයක ද ඔබ නියැළේ. නව රැකියා අවස්ථා හෝ ස්ථාන වෙනස්කම් කෙරේ බලපෑ අවහිර බාධා ද පහව යයි.

  • කුම්භ - වියදම් සීමා කරගන්න                                            

ඔබ කරන කියන කටයුතු සඵලවන ප්‍රීතිමත් ගමන් බිමන් යෙදෙන සතියක් බවට පත්වේ. අධ්‍යාපනයේ හෝ ව්‍යාපාරවල නිතර වන ඔබට, ඔබ කලක් තිස්සේ සිතා සිටි අයුරින් ඒවායේ වෙනසකට අවස්ථාව උදාවේ. ඔබට යම් යම් මිලමුදල් ලාභ ලැබුණත්, ආදායම ද අඩුවක් නොවුණත් ලැබෙන මුදල් ඉතිරියක් නොවන අයුරින් වියදම් යෙදේ. ඒ නිසා ඔබ වියදම් සීමා කරගන්න. පසුගිය දිනවල හවුල් ව්‍යාපාරවලට හෝ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙන් සිතට ඇති වී තිබූ අසහන සිත්තැවුල්වලින් මිදී කටයුතු කිරීමටත් හැකියාව ලැබේ.

  • මීන -  ආයතන වෙනසකට සිත යොමුවෙයි                          

යම් යම් කාර්යයන් කෙරෙහි ඔබ කෙරේ හටගෙන තිබූ අවිනිශ්චිතතාව පහව යයි.අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු වල ප්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. වෘත්තීය කටයුතු ගැන දැනුම දියුණුකර ගැනීම ගැන උනන්දුවක් දක්වයි. ඔබගේ වෘත්තීය ක්ෂේත්‍රයේ කාර්යයන්ට හා නව සැලසුම් යනාදියට වගකිවයුතු තැන්වල සිටින අයගෙන් එම කාර්ය කටයුතුවලට නොමසුරු සහයෝගය ලබාගැනීමට හැකිවේ. රැකියා ව්‍යාපාරික කටයුතුවල නියුතු වන අයට එම මාර්ග වල විශේෂ වෙනසක්, ස්ථාන මාරුවක් හෝ ආයතන වෙනසකට ද සිත යොමුවෙයි.

ජ්‍යෝතිෂවේදී බෙන්තොට - හේමන්ත වීරසිංහ.

 

 

 

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට Read Previous

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

කාලගුණේ රතු වෙලා - පරිස්සමින් Read Next

කාලගුණේ රතු වෙලා - පරිස්සමින්

Realted Post

Leave a comment