මේ සතිය ඔබට - ජූලි 15 සඳුදා සිට ජූලි 21 ඉරිදා දක්වා

ජූලි 15 සඳුදා සිට  ජූලි 21 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,
බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

15 සඳුදා - පෙ:ව: 07. 32 සිට පෙ:ව: 09. 02 දක්වා

16 අඟහරුවාදා - ප:ව: 03 02 සිට ප:ව: 04. 32 දක්වා

17 බදාදා - පෙ:ව: 12- 02 සිට ප:ව: 01. 32 දක්වා

18 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 32 සිට ප:ව: 03. 02 දක්වා

19 සිකුරාදා - පෙ:ව: 10. 33 සිට දහවල්: 12. 03 දක්වා

20 සෙනසුරාදා - පෙ:ව: 09. 03සිට පෙ:ව: 10. 33 දක්වා

21 ඉරිදා - ප:ව: 04.33 සිට ප:ව: 06- 03 දක්වා

 
  • මේෂ  - වැඩකටයුතුවල අස්ථීරභාවය
ඔබගේ වැඩකටයුතුවල අස්ථීර භාවය, ප්‍රමාදතාව, ක්‍රමානුකූලබවක් නොමැතිවීම යනාදිය ඇති කළත් හවුල් වැඩවලින් කොටස් ව්‍යාපාරවලින් සතුට සැනසුම ගොඩනැගෙන අවස්ථාත් ඇතිවෙයි. එහෙත් ඔබ තමා කෙරෙන් හටගන්නා කම්මැළි උදාසීනකම මගහැර ගනිමින් උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් තමඅත්‍යවශ්‍ය කටයුතු සාර්ථක කර ගැනීමට උනන්දු වන්න. රැකියාවට අදාළ වැඩ කිහිපයක යෙදීමට ද ඉඩ යෙදේ.
  • වෘෂභ - ආර්ථික තත්ත්වයේ ප්‍රගතියක්
ආර්ථික තත්ත්වයේ ප්‍රගතියකට කටයුතු සිදුවුවත් තමා නිරත රැකියා ව්‍යාපාරාදියේ කටයුතු කරගෙන යෑමේදී එතරම් ශුභදායීබවක් ගෙන නොදේ. සිතේ සන්සුන්බව නොරැකෙයි. විවේකයට බාධා ගෙනදෙන අයුරින් උන්හිටි ගමන් හදිසි ගමන් යෙදේ. නැතහොත් අනුන්ගේ කරදරවලට වුව මුහුණදීමට සිදු වේ. රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකි වුවත් සුවිශේෂිවගකීම් වැනි දෑ භාර නොගැනීමට වග බලාගන්න.
  • මිථුන - සුහදශීලීව කටයුතු කෙරේ
මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය ශුභ අශුභ මිශ්‍ර අයුරින් ගත වේ. සතිය ආරම්භක දින තුන අධ්‍යාපනික හෝ ව්‍යාපාරික ස්ථානය සම්බන්ධව ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් ඒ සම්බන්ධ අවධානය යොමු කිරීමට සිදුවන දෙයක් ඇති වේ. සෙසු දිනවල තම අනාගත යහපත උදෙසා සුබපල රැසක් ගොඩනැගේ. ඔබ පවුලේ අය සමග මිත්‍රශීලීව, සුහදශීලීව කටයුතු කිරීමට පෙලඹෙන අතර ඔබගේ කාර්යාලයේ, වැඩබිමේ, ව්‍යාපාරික ස්ථානයේ සෙසු අය සමග සුහදශීලීව කටයුතු කිරීමෙන් ඔබට ඒ අයගේ ප්‍රසාදය දිනා ගත හැකිය.
  • කටක - වියදමේ පාලනයක් කරගන්න
ඔබට මේ සතිය සුබ අසුබ මිශ්‍ර පල ගෙනදෙයි. මුල් දින 2ත් අවසන් දින 2ක් ඔබේවැඩකටයුතුවලට ශුභඵලදායී අයුරින් ගත වේ. මෙහිදී තම ජීවිතයේ නව වෙනසක්පෙ රළියක් අමුත්තක් වෙනුවෙන් ක්‍රියා කිරීමේ සිත් පහළ වේ. ආදායම් තත්ත්වය හොඳවුවත් වියදමේ පාලනයක් නොමැති බැවින් ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යයි. ගෙදර දොර පවුලේ අයගේ ශුභ සිද්ධිය සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නට සිදු වේ. එසේම මෙම සතිය තුළ තම දෛනික කටයුතුවල අර්බුදයක් ඇති නොවන ලෙසට කටයුතු කරන්න.
  • සිංහ - අන්‍යයන්ගේ උදව් උපකාර
ඔබට මේ සතියේ මුල් දින තුන ශුභදායී ලෙස ගත වේ. අලුත් ප්‍රාර්ථනා අනුව නව මගක ගමන් කිරීමට එහිදී හැකි වේ. ඒ ඒ කාර්යයන්වලට අදාළව යම් යම් අයගෙන් අපේක්ෂා කරන සහයෝගය උදව් උපකාරද ඔබට නොඅඩුව ලැබේ. සෙසු දිනයන්හිදී ඔබගේ ඉක්මන්කාරී ක්‍රියා නිසා ප්‍රතිඵල සාර්ථක කර ගැනීමට බාධා පැමිණේ. එනිසා අරමුණු හා ක්‍රිියා සඵල කර ගැනීමට ඉවසිලිවන්තව කටයුතු කරන්න. සතුරු කරදර හෝ කුමන්ත්‍රණවලට ඔබ අසුවීමට ඉඩ ඇති නිසා නිතරම සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි.
  • කන්‍යා -  දියුණුවට කටයුතු සිදුවීමක්
මෙය ඔබට ශුභඵල ගෙනදීමට ඉවහල්වන සතියකි. ඔබට මෙම සතිය තුළ අලුත් ආදායම් මාර්ග කෙරෙහි සිත් යොමුවන අතර රැකියා ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් ද කටයුතු සිදුවන සතියකි. මේ සතියේ ඔබට යම් යම් තෑගි බෝග ලැබීමට ද වාසනාව මතු වේ. සතිය අවසන් වීමට ප්‍රථම විශේෂ උත්සව අවස්ථාවකටසහභාගී වීමටත් අවස්ථාව ලැබේ. රැකියා අපේක්‍ෂා ඉටුවේ. රාජකාරිය ද ක්‍රමවත්භායට පත් වේ.
  • තුලා - සංචාරක විනෝද ගමනක්
ගත වූ සතියට සාපේක්ෂව මෙම සතිය ඔබට යහපත්ය. ධන ලාභ, රැකියා ලාභ මෙන්ම ව්‍යාපාරවල දියුණුවට ද හේතු යෙදේ. යම් යම් ලාභ ප්‍රයෝජන මෙන්ම සැප පහසුවට අවශ්‍ය දේ හෝ ලැබේ. මෙම සතියේදී ඔබට සංචාරක විනෝද ගමනක් හෝ දුර බැහැර වන්දනා ගමන්හි නිරත වීමටත් අවස්ථාව සැලසෙයි. යහපත් අරමුණු ඉටු වී යම් යම් ලාභ ප්‍රයෝජන ද ලැබේ. සිත් සතුටට කරුණු සැලසේ. එසේම යහපත් මිත්‍රයන් ද ඇසුරට ලැබෙයි.
  • වෘශ්චික - සිතේ සතුට හා සැනසීම
තරගකාරී කටයුතුවලින් ජය ලැබෙන රැකීරක්ෂා තනතුරුවලින් දියුණුවද සතුට ද ඇතිවන සතියක් වුවත් ඔබ මෙම සතියේදී ප්‍රයෝජනවත් ස්ථීර දෙයකට මුදල් යෙදවීමට වගබලාගන්න. නැතහොත් ඒවායින් අලාභ, පාඩු සිදු වේ. පැරණි හිතවතුන්ගේ ආශ්‍රයද ඔවුන්ගේ උපකාර ද ලැබේ. ගෙදරදොර කටයුතුවලින් සිතේ සතුට හා සැනසීමද ගෙනදෙයි. ඔබ පසුගිය දිනවල ඉටුකර ගැනීමට නොහැකි වූ කටයුතු ඉටුකර ගැනීමට මෙම සතියේ දැඩි උනන්දුවක් දක්වනවා ඇත. කලකට පෙර අහිමි වූ උරුම හිමිකමක් යළිත් ලබා ගැනීමට මාර්ග සැකසේ.
  • ධනු - ආර්ථික වාසි
ඔබෙන් දුරස්ව සිටි අය නැවතත් ඔබ සමග ඇසුරට පත්වේ. ආර්ථික වාසිබලාපොරොත්තු විය  ඉඩමක් ගෙයක් නැතහොත් වෙනත් අවශ්‍යතාවක් සඳහා ඔබ යමක් මිලදී ගැනීමට කටයුතු පිළියෙල කරගනී. බලපෑ ගැටලුරැසක් මෙහිදී විසඳේ. එසේම මෙම සතිය තුළ සැප පහසුවට කටයුතු සැලසේ. කාර්යාලවල කටයුතුවලින් දියුණුව ලැබේ. ප්‍රීතිමත් උත්සව හෝ ප්‍රිය සමාගම් පවත්වන්නට ඉඩ ලැබේ.
  • මකර - විරුද්ධ ලිංගික ඇසුර
සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතිය තුළ තමා කරගෙන යන කටයුතු සාර්ථක වෙයි. මුදල් හෝ ද්‍රව්‍යමය ලාභයකට හේතු ඇති කරයි. වෙළඳාම් කටයුතුවල මෙන්ම කලාත්මක අංශයේ දේවල්වල නිරතවූවන්ට යහපත්ය. ණය ගණු දෙණුවකින් නිදහස් වේ. විරුද්ධ ලිංගික ඇසුරට හිත යොමුවන සතියකි. එමෙන්ම මෙය ඔබට ගතට සිතට සැපත සතුට මැනවින් ලැබෙන සතියක් ද වන අතර. මුදල් ලාභ ලැබේ. ගෙදරට අවශ්‍ය භාණ්ඩ ලැබේ. ඒවා මිලදී ගැනීමට ඉඩ ලැබේ. ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි.
  • කුම්භ - ස්වාමි පක්ෂයේ ප්‍රසාදය
මෙම සතියේ අවසන් දින පහතුල සමාජයේ උසස් අය යටතේ වැඩවල නියුතු අයට තම ස්වාමි පක්ෂයේ ප්‍රසාදය ලබා ගන්නට පිළිවන්කම ලැබෙන අතර පොදු සමාජීය කටයුතුවලටත් වැඩි වශයෙන් සම්බන්ධවී කටයුතු කිරීම නිසා ප්‍රසාදය මෙන්ම විවිධලාභප්‍රයෝජන ද ලැබේ. පවුලේ කටයුතු, අධ්‍යාපන හා තමා නිරත රැකියා ව්‍යාපාර ආදියේ කාර්ය කටයුතු කරදර බාධාවකින් තොරව එම දිනයන්හිදී පවත්වාගෙන යාමටත් කරගැනීමටත් පිළිවන්කම ලැබේ. මුල් දින දෙකෙන් පසු හිතවතෙකුගේ ආධාර ඇතිව නව ආදායම් මාර්ගයක් ආරම්භ කිරීම සඳහා කටයුතු පිළියෙළ වේ.
  • මීන - දුෂ්කර ගමන්
මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී එතරම් සුබදායීබවක් පෙන්නුම් නොකරයි. තමාට හෝ අඹුදරු ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැකිය. රාජකාරී කරන තැන හෝ වේවා වෙනත් අයුරකින් හෝ වේවා උසස් අයගෙන්  කරදර ඇති වේ. දුක් කණගාටු හිරිහැර ඇති කළ හැකියි. වෙහෙස ඇති දුෂ්කර ගමන්ද යෙදේ. නීති විරෝධී වැඩ කිරීමට ද සිත් දෙන බැවින් ඊට නතු නොවන්න.අවසන් දින තුන මුදල් ලාබ රැකියා ව්‍යාපාරවල ප්‍රගතියටත් හේතු යෙදේ.

ජ්‍යෝතිෂවේදී බෙන්තොට-  හේමන්ත වීරසිංහ.

 

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ Read Previous

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය Read Next

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

Realted Post

Leave a comment