ජූනි 10 සඳුදා සිට ජූනි 16 ඉරිදා දක්වා

ජූනි 10 සඳුදා සිට  ජූනි 16 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,  බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන,  ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

10 සඳුදා - පෙ:ව: 07. 24 සිට පෙ:ව: 08. 54 දක්වා
11 අඟහරුවාදා - ප:ව: 02 54 සිට ප:ව: 04. 24 දක්වා
12 බදාදා - පෙ:ව: 11- 54සිට ප:ව: 01. 24 දක්වා
13 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 24සිට ප:ව: 02. 54 දක්වා
14 සිකුරාදා - පෙ:ව: 10. 24 සිට දහවල්: 11. 54 දක්වා
15 සෙනසුරාදා - පෙ:ව: 08. 55 සිට පෙ:ව: 10. 25 දක්වා
16 ඉරිදා - ප:ව: 04.26 සිට ප:ව: 05- 56 දක්වා

මේෂ - වෙහෙස ඇති කටයුතු කිහිපයක්                  

තම කටයුතු ක්‍රියාවන්ට විරුද්ධ ලිංගිකයන්ගෙන් විශේෂ උදව් උපකාර ලැබේ. ඔබ සැලසුම් කරන දෙයට වඩා නොසිතන නොපතන පැති හා ක්‍රමෝපාය මගින් ඔබට ශුභඵල ගෙනදීමට ඉවහල්වන සතියක් බව ද කිව යුතුයි. වෙහෙස ඇති කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසේ. හදිසි උත්සව අවස්ථාවක් යෙදෙන බවක් පෙනේ. ඥාතියකුගේ හෝ පවුලේ කෙනකුගේ ගැටලුවක් වෙනුවෙන් මැදිහත්වීමට හේතු යෙදෙන සතියකි.

වෘෂභ - ශාරීරික වෙහෙස ගෙන දෙයි                 

අවිවේකී වුවත් මේ සතියේ වැඩ කටයුතු පිළිවෙළකට කරගත හැකිවන අතර නොදැනුවත්කම හේතුවෙන් සිදුවන්න ගිය අලාභයක් වළක්වා ගැනීමටත් හැකිවෙයි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙනබවක් පෙනේ. සතිය අවසන් දින දෙක වන විට පවුලේ කටයුතුවලින් ඈත්වීමට සිදුවෙයි. ණය ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනකාරීබවක් ඇතිවීමට ඉඩ ඇත. ගේ දොර අලුත් වැඩියාවකට සිත යොමු කරන සතියකි.

මිථුන - විසිතුරු දේ පිළිබඳ සිත ඇදී යයි                              

ඔබට අන් අයගේ සිත් දිනා ගැනීමට හැකිවන සතියක්. එසේම ඔබ මෙම සතිය තුළ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ. ආයෝජනයකට මුදල් සොයන මාර්ග පෑදේ. අවිවාහකයන්ට ප්‍රේම සබඳතාවල හා මංගල යෝජනා ආදියේ බලාපොරොත්තු සාර්ථක කරගත හැකිය. නිතර විසිතුරු දේ පිළිබඳ සිත ඇදී යන සතියක්. රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් කරගෙන ආ වැඩපිළිවළක් වෙනසකට ලක් කරයි.

කටක - සිත් සතුටට කරුණු සැලසෙයි                                  

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර තම මතයට අනුව කටයුතු කිරීමට පෙලඹේ. කොතනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කථා කිරිමට අවස්ථාව සැලසේ. මූලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි. අනුන්ට යටත් නැතිව තම තනි මතයටම ක්‍රියා කරන්නට සිතෙයි. එහෙත් ඊට ඔබ යොමුනොවී අන්‍යයන්ගේ මතයටත් කන් දී කටයුතූ කරන්න. ධන ලාභ ලැබේ. සිත් සතුටට කරුණු සැලසේ. එසේම යහපත් මිත්‍රයන් ද ඇසුරට ලැබෙයි.

සිංහ - වාහන ගමන් පිළිබඳ කල්පනාකාරීවන්න 

විශේෂ ඉපැයීම් කටයුතු කීපයකට සම්බන්ධවීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන අතර මෙතෙක් යටපත්ව තිබූ ණය ගනුදෙනු ප්‍රශ්නයක් නැවතත් මෙම සතිය තුළ ඉස්මතු වේ. එමෙන්ම නීති ගැටලුවකට මැදි විය හැකි සතියක් ද බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. රාජකාරී කටයුතු සම්බන්ධ විවේකය අඩුවනබවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ කල්පනාකාරී විය යුතුයි. මවට හෝ මවුපස ඥාතියෙකුට අපල සහගතබවක් පෙන්නුම් කරයි. සති අන්තයේ අඹුසැමි විශ්වාසය බිඳ වැටෙයි.

කන්‍යා - මුදල් ගැටලුවක් නැවතත් මතුවෙයි                            

එදිනෙදා කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත්බවක් ඇතිකරමින් සතිය ආරම්භ වන අතර විදෙස් තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. නිතර ඇවිදිලි ඇතිකරන කාලයක් බැවින් දෛනික වැඩකටයුතු අතපසු කරනොගන්න. නොවිසඳුණු දේපළ හෝ මුදල් ගැටලුවක් නැවතත් මතුවෙයි. ආයෝජන කටයුත්තක් වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට සිදු වේ.  සති අන්තය වන විටදී මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මානසික අසහනකාරීබවක් ඇති වෙයි.

තුලා - විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව     

මෙය ඔබ ගතවූ සතියට වඩා උත්සාහයෙන් කටයුතු කරන සතියක් වන අතර ව්‍යාපාරවල නිරත වන්නන්ට මෙම සතිය අතමිට සරු වෙන සතියකි. සමාජයේ සැලකිලි සහ කීර්තිය ඉහළයන සතියකි. විශේෂයෙන්ම තමාට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද සතිය පුරා ලැබේ. තම වැඩවලට උදව් උපකාර හිමි වේ. ප්‍රමාද වී හෝ ගත් තීරණ කීපයක් සාර්ථක වන ලකුණු පෙනේ. අමතර ලැබීමකට හිමිකම් ඇත.  තාවකාලිකව නිරත රැකියා ස්ථිර තහවුරු වෙයි.

වෘශ්චික - ආයෝජනයකට අත ගසයි                   

අනාගත ප්‍රගතිය උදෙසා පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් රැසක් සිදුකරමින් සතිය ගත වන අතර විශේෂ ගනුදෙනුවකට හෝ ආයෝජනයකටත් අත ගැසීමට අවස්ථාව උදා වේ. ඇසුරට අලුත් හිතවතෙකු හමුවීමෙන් ගැටලු කීපයක් විසඳා ගැනීමටත් මඟ සැලසේ. ආගමික සැලසුමක් වෙනුවෙන් මුල් දින දෙකේ වැඩි කාලයක් වැය කරයි. එමෙන්ම අමතර වෙහෙසීම් ගෙන දෙන අන්දමේ කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව සැලසේ. අඩපණ තත්ත්වයේ පැවති ඉපැයීම් මාර්ග හා රැකියා ව්‍යාපාර නව පනකින් නැවත ස්ථාවර වේ.

ධනු - අවිවේකී සතියක්                                              

මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන අතරම හදිසි වී ගන්නා තීන්දු තීරණයක් හේතුවෙන් නොසිතු ගැටලු කීපයකට මැදිවීමට සිදුවෙයි. එමෙන්ම හිතවත්කම් අලුත් වන අන්දමේ කටයුතු කිපයකට ද මඟ සැලසේ. විදෙස්  ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි කරයි. යටපත් වූ සෙම් ආබාධයක් නැවත මතුවෙයි. තමා නිරත රැකියා ස්ථානයේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරන අතර ඒ සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. සතිය ආරම්භක දින දෙකේදි මෙතෙක් පැවැති අමතර ලැබීමකට බාධාකාරීබවක් ඇති කරයි.

මකර - ශාරිරික වෙහෙස මහන්සිය                              

හවුල් කටයුතු සැලසුම් සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන අතර එසේම මෙතෙක් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි. ශාරීරිකවෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයකම නිරතවීමට  සිදු වේ. නීතිමය ගැටලුවකට මැදවීමෙන් පවුලේ ප්‍රශ්න රැසක් මතු කරයි. සතිය මැද කාලයේදී හට ගන්නා සෙම් හා උණ වැනි ආබාධ හේතුවෙන් පිඩාකාරීබවක් ඇති කරයි. සහෝදර සිත් අමනාපකමක් ඇති වන අන්දමේ කටයුතු කිපයක් යෙදීමට ඉඩ ඇත.

කුම්භ - අමතර ලැබීම්                                               

සතිය අවිවේකී වුවත් කටයුතු කිපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන්නේ නමුදු මෙතෙක් තමාට අහිමිව තිබු දෙයක් නැවත හිමි කර ගැනිමට මඟ සැලසේ. අමතර ලැබීම් හිමි වුවත් වැයපස අධික සතියකි. පවුලේ ළඟම ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අවිවාහකයන්ට යහපත්  කාලයක් වන අතර හදිසියේ ගෙන එන විවාහ යෝජනාවක් ස්ථිර වන ලකුණු පෙන්නුම් කරයි. නිතර ඇවිදිලි ඇති කරන සතියක් ද බැවින් එදිනෙදා කටයුතුවලදී කල්පනාකාරීවන්න. 

මීන -  බාධක ජයගන්නා සතියක්                                   

බාහිර ආරවුලක් හේතුවෙන් මනසට පීඩාකාරීබවක් ඇති කළත් ඔබේ දියුණුවේදොරගුළු විවර කිරීමට සමත් වෙන සතියකි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැළෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. මෙය ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැලසෙන සතියකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනබවක් පෙන්නුම් කරයි.

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට-හේමන්ත වීරසිංහ.

 

නවීන විලාසිතා බොහෝමයකට පැරණි ඉතිහාසයක් තියනවා.... Read Previous

නවීන විලාසිතා බොහෝමයකට පැරණි ඉතිහාසයක් තියනවා....

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment