මේ සතිය - ජූලි 08 සඳුදා සිට ජූලි 14 ඉරිදා දක්වා

 

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,
බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

08 සඳුදා - පෙ:ව: 07. 30 සිට පෙ:ව: 09. 00 දක්වා
09 අඟහරුවාදා- ප:ව: 03 01 සිට ප:ව: 04. 31 දක්වා
10 බදාදා - පෙ:ව: 12- 01 සිට ප:ව: 01. 31 දක්වා
11 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 31 සිට ප:ව: 03. 01 දක්වා
12 සිකුරාදා - පෙ:ව: 10. 31 සිට දහවල්: 12. 01 දක්වා
13 සෙනසුරාදා - පෙ:ව: 09. 01සිට පෙ:ව: 10. 31 දක්වා
14 ඉරිදා - ප:ව: 04.32 සිට ප:ව: 06- 02 දක්වා
 

මේෂ - උගත්කමට , කුසලතාවට තැන
ඔබට මෙය සුබාසුබ මිශ්‍රපල ගෙනදෙන අතර මෙම සතිය තුළ අභියෝග ජයගෙන අවහිර බාධක මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට පිළිවන්කම ලැබෙන්නේ සැළසුම් සහගතව කටයුතු කළහොත් පමණි. ඔබට සතිය අවසන් වීමට ප්‍රථම අනපේක්ෂිත හෝ බලාපොරොත්තු රහිත මාර්ගයකින් යහපත් දෙයක් සිදුවේ. උගත්කමට හැකියා කුසලතාවට තනතුරු නිලතල වරප්‍රසාද ලබාගැනීමටත්, අවස්ථා ගොඩනැගේ. හිතවතුන්ගේ ආශ්‍රය මෙන්ම ආධාර ද අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි ලැබේ. ආයෝජනයකට මුදල් සොයන මාර්ග පෑදේ.
වෘෂභ - සාර්ථක නිමාවක්
මෙය ඔබේ පවුලේ මෙන්ම සමාජීය සුහදතාවයට කටයුතු සැලසෙන සතියකි. අනාගතයට ප්‍රයෝජන සලසාගත හැකි විශේෂ කෙනකුගේ හමුවීමත් සිදුවෙයි. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ගනුදෙනුවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු කීහිපයක සාර්ථක නිමාවක් ඔබට මෙම සතිය තුළ දැකිය හැකියි. සතිය අවසන් දින දෙක අතමිට මුදලගැවසෙන බවක් පෙන්නුම් කරයි. ග්‍රහ ගමන මත අරමුණු සැලසුම් සිතැඟි පරිදි ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට මෙම සතියේදී ඔබට ඉඩකඩ සැලසෙයි.
මිථුන - සිතට ප්‍රීතියක් ඇතිවෙයි
ඔබට අලුත් ඥාති මිත්‍රයන් ලැබේ. ඒත් සමගම යම් යම් ධන ලාභ ද ලැබෙනවා ඇත. බලාපොරොත්තු ඉෂ්ට වෙන සතියකි. යහපත් සත් පුරුෂ ගුණවත් අය ඇසුරට ඉඩ ලැබෙන ඔවුන් සමග කටයුතු කිරීමට හැකිවෙන සතියකි. සිතට ප්‍රීතියක් ඇතිවන සතියකි. ඇවිදිමින් කරන රැකියාවල නියුතු අයට බොහෝ ප්‍රතිඵල ලැබේ. තම කටයුතුවලට මවුපියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගයත් ලැබෙන හෙයින් පොදුවේ මෙය වැදගත් කටයුතුවලට බැසීමට යහපත් සතියකි.
කටක - විශේෂ උදව් උපකාර
ඇණහිට තිබූ නිවාස වැඩ ද ආරම්භ වේ. සිත කුල්මත් කරන උත්සව ප්‍රිය සම්භාෂණ ආදිය පැවැත්වීමට අවශ්‍ය ඉඩ පහසුකම්ද උපකාර ද ලැබෙනවා ඇත. තමාගේ නම හොඳ වේ. යම් කටයුත්තකට අඩුපාඩුව තිබුණු මුදල් අවශ්‍යතාවක් පිරිමැසෙයි .හිගව තිබුණු අරමුදල් බැංකු මුදල් ආදිය සම්පූර්ණ කරගත හැකි වේ. නොයෙක් ද්‍රව්‍ය ලැබෙන්නට පුළුවන. තම කටයුතු ක්‍රියාවන්ට විරුද්ධ ලිංගිකයන්ගෙන් විශේෂ උදව් උපකාර ලැබේ.
සිංහ - අලුත්වැඩියා කටයුත්තක්
සමස්ථයක් වශයෙන් බලන කල ඔබට මෙම සතිය සුබදායිී අයුරින් ගතවනු ඇත. ගෙදරදොර කටයුතුවලින් ප්‍රීතියත් සැනසීමත් ලැබීමෙන් වාසනාවන්තභාවයක් උදා වේ. සමාජයෙහි හොඳ තත්ත්වයක් ඇති වේ. හිත මිත්‍රයන් සහ මිතුරියන් සමග විනෝද ගමන් යාමට ඉඩ ලැබේ. ආයෝජන කරගැනීමට ඉඩ ලැබීමෙන් තම කටයුතු යථා තත්ත්වයට හරවා ගැනීමට හැකි වේ. තමාට අයත් දේ අලුත්වැඩියා කර ගැනීමට ලැබේ. කිසියම් මුදල් ලාභයක් ද ලැබෙන්නට පුළුවන.
කන්‍යා - ලාභ ප්‍රයෝජන සැලසෙයි
මෙම සතිය තුළ තමාට කිසියම් වාසි සහගත මෙන්ම ලාභ ප්‍රයෝජන ලැබෙන ලෙස කටයුතු කීපයක් සකස් කර ගැනීමට හැකියාව ලැබේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවීමෙන් දෛනික කටයුතු කීපයක් වෙනස්වෙයි. එසේම පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ද ඉටුවෙයි. නිතර වයසින් අඩු අය සමග ඇසුරට හා වැඩකටයුතු කිරීමටත් මඟ සැලසෙයි.. විදෙස් ලැබීමක් හෝ වෙනත් වාසි ප්‍රයෝජනයක් හේතුවෙන් හෝ වෙනදාට වඩා අතමිට සරුවනබවක් පෙන්වන සතියක් ද වනු ඇත.
තුලා - රක්ෂා තනතුරු ස්ථිර වෙයි
ඔබට මෙම සතිය කලින් තිබුණු තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සැලසේ. ලාභ ප්‍රයෝජන ද වැඩිවීමට පටන් ගනී. බලාපොරොත්තු රහිත හදිසි මිල මුදල් ලාභ ලැබේ. සමහරවිට හිතූවක්කාර වැඩට ද සිත දුවයි. අනපේක්ෂිත ලාභද ලැබෙන සතියකි. තම රැකී රක්ෂා තනතුරු ආදිය ස්ථිර වෙයි. උසස් අය සමග ආශ්‍රය කිරීමටත් ඔවුන් සමග හිත මිත්‍රකම් පැවැත්වීමටත් අවස්ථා ලැබේ. තම භාග්‍ය ඉස්මතූවන සතියකි. හෙවත් කළ වැඩකටයුතුවල ප්‍රතිඵල ලැබෙනු ඇත.
වෘශ්චික - රැකී රක්ෂාවලින් දියුණුව
ඔබට සමාජීය වශයෙන් මෙන්ම තම රාජකාරී ආයතනය කෙරෙන් ද ස්තුති ප්‍රශංසා ලැබේ. එසේම සමාජයෙහි ප්‍රසිද්ධිය ද දියුණුව ද ඇති වේ. කරගෙන යන කටයුතුවල ප්‍රගතියක් ඇති වේ. කලක සිට කරගෙන ආ රැකීරක්ෂා කටයුතුවලට උනන්දුව අඩු වුවත් අලුතින් ආරම්භ කරන රැකී රක්ෂාවලින් දියුණුව ඇති වේ. සතිය පුරාවටම ඔබට සමාජයෙන් ගරු සැලකිලි ලැබේ. කොතැනකට ගියත් වෙනසක් නොමැතිව හැසිරීමට කතා කිරීමට දක්ෂතාවත් මෙහිදී ඇතිකරයි. මුලිකයෙකු ප්‍රධානියෙකු ලෙස අන් අය අතර කැපී පෙනෙයි.
ධනු - හිතවතියන්ගෙන් ආදර සංග්‍රහ
ඔබට මෙම සතියේ අවසන් දින පහ සැනසිලිදායක ප්‍රීතිමත් අයුරින් ගතකල හැකිය. කරන කියන සියලු කටයුතුවලින්ම දියුණුවත් ලාභත් ලැබෙයි. ගෞරව සැලකිලිද වැඩි වේ. වෙළඳ ව්‍යාපාරවලින් ද පසුගිය සතියට වඩා ලාභ ලැබෙනවා ඇත. හොඳ ආහාර පාන වර්ගද හොඳ ඇඳුම් පැලඳුම්ද යාන වාහනද ලැබෙනවා ඇත. දරු ශිෂ්‍ය ලාභද ලැබෙන සතියකි. හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් ආදර සංග්‍රහ ඇප උපකාර ලැබේ.
මකර - නිකරුණේ මුදල් නාස්ති
ඔබට මේ සතිය තුළ සිත් තැවුල් ඇති වේ. භාර්යාව හෝ සැමියා සමග අවුල් මතු වේ. මුදල් අතින් අගහිඟකම් ඇති වේ. තමන්ගේ වැඩ කරගන්නට යම් යම් අයට බැගෑපත්වීමට පවා සිදුවේ. ප්‍රයෝජනවත් මෙන්ම නිශ්ප්‍රයෝජන ගමන් අධික වේ. සෙම් දෝෂ රත්පිත් ආසාදන සෑදෙයි. නැතහොත් තම භාර්යාවට හෝ සැමියාට අසනීපයක් වැලඳෙයි. නිකරුණේ මුදල් නාස්ති වේ. පවුලේ අවුල් ඇති නොවන පරිදි කටයුතු කළ යුතුයි.
කුම්භ - සහයෝගයෙන් කටයුතු කරන්න
මෙය ඔබේ ගතට සිතට සහනය සතුට පහවය න දෑ සිදුවන සතියක් බවට පත්වේ. හිසේබඩේ උෂ්ණකාරී ස්වභාවයක් ද මතූවන අතර සිරුරේ සෙම් හා ඌෂ්ණාධිකකම අධිකවීම හේතුවෙන් හටගන්නා රෝගයන්ට ලක් වේ. සිතට කයට පීඩාදායකයි. ලැබුණු මිල මුදල් අවහිර වේ. සතුරන් නිසා සිතට භයක් ඇති වේ. සිත් කැළඹිල්ලක් වුවත් ඇතිවීමට හේතුයි. රාජකාරී ස්ථානය තුළදී මෙන්ම වෙනත් කාර්ය කටයුතුවලදී අනන්‍යයන් සමග සහයෝගයෙන් සුහදත්වයෙන් කටයුතු කරන්න.
මීන - අධිෂ්ඨානයෙන් කටයු කරයි
ඔබට මෙම සතියේ අවසන් දින දෙක ශුභඵලදායී නොවුණත්, සෙසු දින පහ ශුභදායී වෙනස්කම් රැසකට හේතු යෙදේ. තමාගේ අධ්‍යාපන, රැකියා, ව්‍යාපර කටයුතු බාධාවකින් තොරව කිරීමට හැකි වේ. ප්‍රේම දිවිය හා යුගදිවි ගෙවන්නන්ගේ සෙනෙහස වැඩිවන දෑ සිදු වේ. ඔබ ඉදිරිපත්වන බොහෝ කටයුතුවලින් ජයග්‍රහණ ලැබීමටත්  හැකියාව ලැබේ.ඉගෙනීමේ කටයුතුවලට මෙන්ම තමාට අයත් රාජකාරි කටයුතුවලට ද පෙරට වඩා හෙවත් ගතවූ දිනවලට වඩා උනන්දුවක් දක්වමින් ක්‍රියාකරයි.

  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට-හේමන්ත වීරසිංහ.

 

 

 

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Previous

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Next

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

Realted Post

Leave a comment