මේ සතිය - ජූනි 24 සඳුදා සිට ජූනි 30 ඉරිදා දක්වා

මරු සිටින දිශාව : සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත,
බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

24 සදුදා - පෙ:ව: 07. 27 සිට පෙ:ව: 08. 57 දක්වා
25 අඟහරුවාදා - ප:ව: 02 57 සිට ප:ව: 04. 27 දක්වා
26 බදාදා - පෙ:ව: 11- 57 සිට ප:ව: 01. 27 දක්වා
27 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 28 සිට ප:ව: 02. 58 දක්වා
28 සිකුරාදා - පෙ:ව: 10. 28 සිට දහවල්: 11. 58 දක්වා
29 සෙනසුරාදා - පෙ:ව: 08. 59 සිට පෙ:ව: 10. 29 දක්වා
30 ඉරිදා - ප:ව: 04.29 සිට ප:ව: 05- 59දක්වා
  • මේෂ : මුදල් ලාභ ලැබේ                                                                       

සුබඵලදායක ලෙස ආරම්භ වන මේ සතිය තුල වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙනබවක් පෙනේ. බලාපොරොත්තු ඉෂ්ට වේ. එයින් දියුණුවද ඇති වේ. ශරීර සනීපය යහපත්වේ. මෙම සතියතුල ඔබ කරන කියන වැඩ හා හැසිරීම කෙරෙහි ඥාතීන්ද ස්ත්‍රීන්ද සතුටු වේ. හොඳ ආහාරපාන වර්ග පරිභෝජනයට ලැබේ. මෙතෙක් පැවැති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි. මුදල් ලාභද ලැබේ. ඥාතීන් හෝ මිත්‍රයන් සමග ප්‍රීතියෙන් ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ.

  • වෘෂභ : ගෙදර දොර සැප පහසුව ඇති වේ                      

ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සංවිධානය වෙමින් සතිය ආරම්භවන අතර පවුලේ ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට ද සිදුවන බවක් පෙනේ. කලක්ති ස්සේ කරගෙන එන කටයුතු මෙන්ම අළුතෙන් ආරම්භ කරන කටයුතු වලද ප්‍රගතියක්ඇ තිවේ. තම වැඩට අනුන්ගෙන් උදව් උපකාර ලැබේ. මේ අතරට උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටියන්ගෙන් හෝ රාජකාරියෙන් හෝ භයක් සැකක් ඇතිවිය හැකි සිද්දියකටත් මුහුණ දෙන්ට සිදුවේ. ගෙදර දොර සැප පහසුව ඇති වේ. කළ වැඩකට මුදල් ලැබේ.

  • මිථුන : පරිස්සම් සහගත වන්න                                                

අතමිට මුදල් ගැවසුනත් අමතර වියදම් ද ඒත් සමගම ඇතිවෙයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසකාරී බවක් ඇති කරයි. ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන බවක් පෙනේ. සතිය ආරම්භක දින තුන පාදයේ වළලුකර ආශ්‍රිත ඇතිවන ආබාධයක් හෝ සෙම්පීඩා තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. මවට හෝ මව්පස ඥාතියකුට අපලයි. එදිනෙදා කටයුතුවලින් පරිස්සම් විය යුතු කාලයකි. නියම වේලාවට නියම ක්‍රමයට කෑම බීම් ආදිය ගැනීමට මෙන්ම රාජකාරියේ නිරතවීමටද පහසුකම් ඇති නොවන සතියක්.

  • කටක : හදිසි ගමන් බහුලයි                                         

අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන අතර මානසික සහනය බොහෝදුරටම අඩුවන බවක් ද පෙනේ. අන්‍යයන් සමග අනවශ්‍ය ආරවුලක් පවා ඇතිවීමටත් හේතුයෙදෙන බැවින් ඉවසීමෙන් සැකයෙන් තොරව දෛනික වැඩවල නිරතවන්න. යොදාගත් සැලසුම් කීපයක් වෙනස්කිරීමට ද සිදුවෙයි. හදිසි ගමන්බ හුල සතියක් ද බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. මුල්දින දෙකේ පැවැති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි.

  • සිංහ : යම් යම් තෑගි භෝගාදිය හිමිවෙයි                                   

නොසිතූ ලෙස වාසි කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන අතරම රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සොයා කරන්න. සැප පහසුව ඇතිවන යම් යම් දේ ලැ​ෙබ්.හොද ආහාර පාන වර්ග මෙන්ම යම් යම් තෑගි භෝගාදියත් ලැෙබ්. එමෙන්ම මිළ මුදල් හා ද්‍රව්‍යමය ලාභයන් ද ලැෙබ්. නැතහොත් බඩු බාහිරාදියක් වැනි දෙයක් හෝ ලැබේ. සති අන්තය වන විටදී පවුලේ ආරවුල්කාරී තත්වයක් දුර දිග යාමෙන් ගැටලු කීපයක් මතු කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර වෙනදාට වඩා ඉවසීමෙන්කටයුතු කළ යුතු සතියක් බවද කිවයුතුයි.

  • කන්‍යා : ව්‍යාපාරික ලාභ හිමිකම්                                    

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර විදෙස් හිතවතකුගේ උපකාරයක් ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වනබව පෙන්වයි. හදිසියේම මෙන් තමා සොයාගෙන එන කෙනකු නිසා අනපේක්ෂිත ගැටළු හා දෝෂාරෝපණයටත් ලක් වීමට සිදුවේ. නිතර සිදුවන වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු යි. ව්‍යාපාරික ලාභ හිමිකම් ඇති සතියක් බැවින් ඒ පිළිබඳ අපේක්ෂාවන් සාක්සාත් කරගැනීමටත් පිළිවන්කම ලැබේ. ශරීර දුර්වල තත්ත්වයක් ද සාමාන්‍යයෙන් ශරීරාබාධ ගතියක්ද සාදන සතියක්.

  • තුලා : සිත් සතුටට කරුණු සැලසේ                                

රාජකාරී කටයුතු පිළිබඳ මෙතෙක් පැවැති නොසන්සුන්තාවය මඟහැරෙමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ පවුලේ දියුණුව සම්බන්ධ වෙනදාට වඩා උත්සාහයක් දක්වන බවක් පෙන්නුම් කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසීම්ඇ තිකරයි. සතිය මැද කාලයේදී කෙනකුගේ උදව් උපකාරයක් හේතුවෙන් මෙතෙක් අතපසුවෙමින් පැවැති කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මග සැලසේ. බලාපොරොත්තු වූ දෙයක් ලැබේ. ඒ නිසාම සිත් සතුටට කරුණු සැලසේ.

  • වෘශ්චික : කරදරකාරි බවකින් නිදහස                            

ග්‍රහගමන පරිදි වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන අතර වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් බවද කිවයුතුයි. මේ අතර එදිනෙදා කටයුතු කීපයක් ද මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. තැන්පත් ධනය වැයවුවත් අලුත් කටයුතු කීපයකට අත ගැසීමට ඉඩ පහසුව සැලසේ. මෙතෙක් නිවසට අඩුපාඩුවක් ව පැවැති උපකරණ කීපයක්මි ලදී ගැනීමට අවස්ථාව සැලසේ. සතිය ආරම්භයේම මිල මුදල් කටයුතු ගැන හා ආයෝජන කෙරෙහි සාර්ථක අදහස් පහලවේ.

  • ධනු : වගකීම් බහුල සතියක්                                          

මේ දිනවල සතුරන් ඇති වීමක් හෝ සතුරන් ඇතිවෙන ආකාරයට කථා බස්වීමක් හෝ අනවශ්‍ය වාද විවාදයන්හි පැටලීම් වලටත් හේතු සැකසෙන නිසා ඇසුරු කරන්නන්කෙරෙහි සැලකිලිමත්ව සතිය ගතකරන්න. සුඑ සුඑ තෑගිභෝග වස්ත්‍ර ලාභ ලැබේ. වගකීම් බහුලවේ. මෙතෙක් ප්‍රමාදතා සිදුකල කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකෙරෙයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. 

  • මකර : අවධාණයෙන් සතිය ගතකරන්න                                 

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ වන අතර වියදම්අධිකවේ. අනවශ්‍ය වැඩ නිසා මුදල් හානි වේ. මුදල් වියදම් කිරීමට කටයුතු සැලසේ. වස්තුව හානි වී යයි. යම් යම් දේ කැඩී බිඳී යයි. එයින් පාඩු සිදු වේ. එනිසා ඒවා කෙරෙහිත් අවධාණයෙන් සතිය ගතකරන්න. එසේම තිබුණ ගෞරවය නැති වේ. නැතහොත් තමාට අගෞරව ලෙස වෙන කෙනෙක් ආමන්ත්‍රණය කිරීමක් මත ගැටුම් පවා හටගන්නා නිසා ඉවසිලිවන්තව කටයුතු කරන්න. සතිය මැද කාලයේදී ළගින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක් ද සිදුවීමටත්ඉ ඩ ඇති සතියක්.

  • කුම්භ : දියුණුවට කටයුතු සිදුවන සතියක්                             

ඔබට මෙම සතියේ මැදදින තුන දියුණුවට කටයුතු සිදුවන අතර ශරීරයට සිතට සුළු වශයෙන් හෝ සැප පහසුවක් ලැබේ. සැප පහසු ආකාරයට ඉදීමට අවස්ථාවද සැලසේ. සෙසු දිනවල ආදායම් ලැබෙන මාර්ග ඇහිරෙයි හෝ ප්‍රමාද කරයි. අනපේක්ෂිත කරදර හෝ බාධා සිදු වේ. බලාපොරොත්තු කඩ වේ. විවාහකයෙකුට නම් තම බිරිඳට හෝ ස්වාමියාට සුළු හෝ ආබාධයක් වැළඳේ. කරගෙන ආ කටයුතු ප්‍රමාද විය හැකි බැවින් උත්සාහයෙන් වැඩ කළ යුතුයි. අවුල් වියවුල් සහිතයි. 

  • මීන : ආශ්‍රය කරන්නන්ගෙන් පැසසුම්                                         

මානසික අවිවේකය ඇති කරමින් සතිය ආරම්භ වන්නේ නමුදු මිහිරි මෙන්ම කලකින් ලැබෙන ආහාර පාන වර්ගයක් කෑමට බීමට ලැබේ. නැතහොත් තමාම එවැනි කෑමක්සාදා ගනී. වෙනදාට වඩා ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක් ද යෙදේ. අලුත් සමාජ ආශ්‍රයකට වැටෙන දවස් කිහිපයකි. සමාජයද තමාට ප්‍රිය කරනවා ඇත. තමාද සමාජය ආශ්‍රයට ලැදි වෙයි. ආශ්‍රය කරන්නන්ගෙන් ප්‍රීතියට කටයුතු සැලසේ. 

ජ්‍යෝතිෂවේදී බෙන්තොට-හේමන්ත වීරසිංහ.

ඔබේ  Nude photo එකක් share  වුණොත් මොකද කරන්නේ Read Previous

ඔබේ Nude photo එකක් share වුණොත් මොකද කරන්නේ

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Next

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

Realted Post

Leave a comment