මේ සතිය ඔබට කොහොමද? ජූනි 17 සඳුදා සිට ජූනි 23 ඉරිදා දක්වා

රාහු කාලය

17 සඳුදා - පෙ:ව: 07. 26 සිට පෙ:ව: 08. 56 දක්වා

18 අඟහරුවාදා - ප:ව: 02 56 සිට ප:ව: 04. 26 දක්වා

19 බදාදා - පෙ:ව: 11- 56 සිට ප:ව: 01. 26 දක්වා

20 බ්‍රහස්පතින්දා- ප:ව: 01. 26 සිට ප:ව: 02. 56 දක්වා

21 සිකුරාදා - පෙ:ව: 10. 27 සිට දහවල්: 11. 57 දක්වා

22 සෙනසුරාදා - පෙ:ව: 08. 57 සිට පෙ:ව: 10. 27 දක්වා

23 ඉරිදා - ප:ව: 04.27 සිට ප:ව: 05- 57 දක්වා

 

මේෂ - නිරත වැඩවල වෙනස්කම් කීපයක්                  

හවුල් වැඩ හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතු පිළිබඳ විවිධ වෙනස්කම් කීපයක් සිදුවෙමින් සතිය ආරම්භ වන අතර මේ සතිය ආරම්භයේදී පවුලට අලුත් සාමාජිකයෙක් එක් විය හැකිබවක් පෙනේ. එමෙන්ම පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. හිතවතකු සමග අත්‍යවශ්‍ය මුදල් ගනුදෙනුවක් සිදු කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. හදිසිවී තීරණ ගැනීමෙන් නොසිතු අලාභයක් සිදුවන නිසාත් එවැනි දේ නොකරන්න.

වෘෂභ - අමතර ලැබීම් ගෙන දෙන සතියක්              

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර හවුල් ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. එහෙත් මුදල් සම්බන්ධ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ඇසුරු කරන්නෙකු පිළිබඳ ඇතිවන සිත් කලකිරීමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද දිනවලදී උත්සව ප්‍රියසම්භාෂණ ආදී කටයුත්තකට සම්බන්ධ වීමට මඟ සැලසෙන්නේය. විවාහයට අදාළ කටයුතුවලට දුර පළාතකට යාමටද අවස්ථාව උදා කරයි.

මිථුන - වගකීම් පැහැර නොහරින්න                              

සතිය ආරම්භක දින තුන සිතේ නොසන්සුන්තාවකින් කටයුතු කිරීමට සිදුවුවත් ඔබබලාපොරොත්තු නොවන ආකාරයට ඔබගේ මහන්සියෙන් තොරව ඔබට ලැබීම්ද ගෙනදෙනු ඇත. නිතර ඇතිවන සිතේ අසහනකාරීබව හේතුවෙන් වගකීම් පැහැර හැරීමක් නිරත වැඩෙහි කල්යෑමක් ද සිදුවිය හැකියි. ප්‍රතිසංස්කරණ වැඩකටයුත්තක් හේතුවෙන් නිවාස දේපළ කටයුතු වෙනුවෙන් ධනය වැය කිරීමට සිදුවේ.

කටක - සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි                  

අවිවේකි වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කර ගෙන යාමට පසුබිම සැකසේ. ඔබට ජයග්‍රහණ නියත දවසකි. නමුත් ඔබගේ ඉක්මන්කාරී ක්‍රියා නිසා ප්‍රතිඵල සාර්ථක කර ගැනීමට බාධා පැමිණේ. එනිසා අරමුණු හා ක්‍රියා සඵල කර ගැනීමට ඉවසිලිවන්තව සිය ජවය යොදවන්න. විදෙස්ගත ඥාතියකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. මව හෝ මවුපස ඥාතියකු වෙනුවෙන් වෙනදාට වඩා ධනය ශ්‍රමය වැය කිරීමට සිදුවේ.

සිංහ - විශේෂ ජයග්‍රහණනයක්                                                      

පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙමින් නිතර ඇවිදිලි ගමන් බිමන් ද වැඩි කරයි. රාජකාරී ස්ථාන මාරුවීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. තමාට ප්‍රිය අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවෙයි. එසේම තමාට හිමිවන විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. වරින් වර ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ ක්‍රියාවක් ද සිදුවන අතර හදිසි මුදල් ලාභයකට ද හිමිකම් ඇතිබවක් පෙන්නුම් කරයි.

කන්‍යා - නව ජවයකින් කටයුතු කරයි                               

දෛනික ජීවන කටයුතු සාර්ථක කර ගැනීමට යහපත් ලෙස ග්‍රහ පිහිටීම පවතින මෙම සතියේ ඔබ ජවයකින් කටයුතු කරයි. නිවාස දේපළ යාන වාහන ආශ්‍රිත කටයුතු ඵලදරයි. පෙම්වතුන්ට සතුටුදායකයි. විවාහ ජීවිත ගෙවන අඹුසැමියන් අතර සෙනෙහස වර්ධනය කර ගනියි. වාහනයක ව්‍යාපාරික ස්ථානයට පදිංචි ස්ථානයක චංචල දේපළක අඩුපාඩු කීපයක් සපුරා ගැනීමටත් ඔබට මෙම සතියේදි හැකියාව ලැබේ.

තුලා - අලුත් කටයුත්තක් ඇරඹීමට මඟ                      

තම සිත නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන සතියක් වන අතර පෙරට වඩාඅඹුසැමි සහයෝගයෙන් කටයුතු කරනබවක් පෙනේ. එමෙන්ම හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි. දරුවන්ගේ මෙන්ම තම ඉපැයීම් මාර්ගයන්හි දියුණුව වෙනුවෙන් විවිධ පියවර කීපයක් ගන්නා සතියකි. රැකියා ස්ථිරවීමක් පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. විදෙස්ගත වූවන්ට සුබදායකබවක් පෙනේ. සති අන්තයේදී අලුත් කටයුත්තක් ඇරඹීමට මඟ සැලසේ.

වෘශ්චික - කරදරකාරිබවකින් නිදහස                        

මිශ්‍ර ඵලදායක ලෙස උදාවන මේ සතියේ නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකිවෙයි. අවසන් දින තුනේදී පැවැති කරදරකාරීබවකින් නිදහස්වීමට අවස්ථාව උදාවෙයි. සතිය මැද කාලයේදී පවුලේ අයගේ ප්‍රශංසාව හිමිවන අන්දමේ කටයුතු කීපයක් සිදුවෙයි. මුල් දින දෙකේ ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරෙන අන්දමේ පුවතක් අසන්න ලැබේ.

ධනු - අතපසු වු වැඩ නැවත සැකසෙයි                   

නිතර ඇවිදිලි වැඩි කරන සතියක් වන අතර දෛනික වැඩ කටයුතු පිළිබඳ විවිධ වෙනස්කම් රැසක් ද සිදුවෙයි. පසුගිය දිනවල අතපසු වූ කටයුතු කිපයක් සපුරා ගැනීමට අවස්ථාව උදා වේ. නිතර වාහන ගමන් මෙන්ම වාහනයක අඩුපාඩු කීපයක් වෙනුවෙන් ද වෙහෙසවීම් මෙන්ම මුදල් වැයවීම් ද ඇතිකරයි. ආත්මශක්තියකින් තම කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙසී කටයුතු කිරීමට ඔබ පෙළඹෙනු ඇත. ධනය අතින් සාර්ථක වන නමුත් ඔබගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා ඔබට අමතර ධනය වැය කරන්ට සිදු වේ.

මකර - විදෙස් ලැබීමකට හිමිකම්                                

ලැබීම් අතින් යහපත් සතියක් වන්නේ නමුදු මානසික අවිවේකයට හේතු යෙදෙන සතියකි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. රැකියා ස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබූ ගැටලුකාරීබවක් සමතයකට පත් කර ගැනීමට හැකිවෙයි. විදේශ ගමන්, විදේශගත රැකියා කටයුතු වර්ධනයක් හා සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර ජංගම ව්‍යාපාර, ලේඛන කටයුතු, අන්තර්ජාල කටයුතු, කලාත්මක කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල හිමිකර ගත හැකිය.

කුම්භ - සැලසුම් සහගත සතියක්                                

සැලසුම් සහගත කටයුතු කිපයකට සම්බන්ධවෙමින් සතිය ආරම්භ වනු ඇත. ඔබ නිතර දුර දිග බලා කටයුතු කරන සතියක් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට ද මඟ සැලසේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති වෙයි. විදෙස් ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයක් හිමිවෙයි. එසේම රැකියා කටයුතුවල තරමක සාර්ථකත්වයක් ඇති කරන අතර රැකියාව නිසා කෙටි ගමන් යෙදීමට හෝ රැකියාවේ ස්ථාන මාරු සිදුවීමට ඉඩ ඇත.

මීන -  බාධක ජයගන්නා සතියක්                                              

මෙය ඔබට ශාරිරික වෙහෙසක් ගෙන දෙන සතියක් වන අතර හිතුමතයට කටයුතු කිරීමෙන් පවුලේ ගැටලුකාරීබවක් ඇති කරයි. අඹුසැමි සුහදතාවයබිඳ වැටි යන අන්දමේ කටයුතු කීපයක් ද සිදුවන නිසා ඊට නතුනොවන්න. නිතර තනිව කටයුතු කිරිමට සිතන සතියකි. මෙතෙක් කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අතර මඟ නවතාදැමීමට සිදු වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී වාහන අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. මුල්දිනවල රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් වන්න .
  • ජ්‍යෝතිෂවේදී බෙන්තොට-හේමන්ත වීරසිංහ.

 

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම Read Previous

රටට වැඩ කළ සතුට හැමදාම හිතේ තියේවි - ශ්‍යාමනී පෙරියප්පෙරුම

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන් Read Next

යුද්ධ හමුදා 9 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

Realted Post

Leave a comment