මේ සතියේ ඔබට මොකද වෙන්නේ....

ජූනි 03 සඳුදා සිට ජූනි 09 ඉරිදා දක්වා

මරු සිටින දිශාව :

සඳුදා - වයඹ, අඟහරුවාදා - බටහිර, බදාදා - නිරිත, බ්‍රහස්පතින්දා - දකුණ, සිකුරාදා - ගිනිකොන, ශනිදා - නැගෙනහිර, ඉරිදා - උතුර

රාහු කාලය

03 සඳුදා - පෙ:ව: 07. 24 සිට පෙ:ව: 08. 54 දක්වා
04 අඟහරුවාදා - ප:ව: 02 54 සිට ප:ව: 04. 24 දක්වා
05 බදාදා - පෙ:ව: 11- 54 සිට ප:ව: 01. 24 දක්වා
06 බ්‍රහස්පතින්දා - ප:ව: 01. 24 සිට ප:ව: 02. 54 දක්වා
07 සිකුරාදා - පෙ:ව: 10. 24 සිට දහවල්: 11. 54 දක්වා
08 සෙනසුරාදා - පෙ:ව: 08. 54 සිට පෙ:ව: 10. 24 දක්වා
09 ඉරිදා - ප:ව: 04.24 සිට ප:ව: 05- 54 දක්වා

මේෂ - හොඳ හිත වර්ධනය කර ගනී                 

යහපත් ඇසුරක් ගොඩනැගෙන අතර එසේම යහපත් ආර්ථිකයක් ද ඔබට මෙම සතිය තුළ සැකසේ. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු ආකර්ෂණීය කතා විලාසිතාවක් ද ඔබ කෙරෙන් මෙම සතිය පුරාවට පිළිබිඹු වේ. හවුල් කරුවන්, ඇසුරුකරන්නන් සහ ආදරය කරන්නන් අතරත් හොඳ හිත වර්ධනය කර ගනී. මෙතෙක් අමනාපයෙන්සිටි කෙනෙකු සමග මිතුරුවීමට මඟ සැලසේ

වෘෂභ - රාජකාරිය පිළිබඳ සතුටක්                     

විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරන සතියක් වන්නේ නමුදු ඔබට හිත මිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු සැල​ෙස්. අත්වැරදීමක් හේතුවෙන් නොසිතූ පාඩු කීපයක් සිදුවෙයි. ස්ථාන ආකර්ෂණය උදෙසා ගේ දොර කටයුතු හෝ ව්‍යාපාරික ස්ථාන සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුවෙයි. තමාගේ රාජකාරිය පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් ද සිදුවෙයි. පවුලේ අය සමග,සහකරුවන් සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට ඔබට අවස්ථාව සැලසෙයි.

මිථුන - විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක්        

මෙය ඔබට විදෙස්ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිවන සතියක් වන අතර අතරමග නවතා තිබූ කටයුතු කීපයක් නැවත ඇරඹීමට මඟ සැලසේ. ළඟින් ඇසුරු කරන අයෙකු සමග විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි සිද්ධියක් ද ඇතිවන බැවින් කරන කියන කටයුතු කෙරෙහි කල්පනාකාරීවන්න. හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. උරහිසේ හටගන්නා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ. සති අන්තයේ දී විභාග ජයග්‍රහණයක් සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල අපේක්ෂාවක් ද සාර්ථවිමක් පිළිබඳ ආරංචිය දැනගන්නට ලැබේ.

කටක - රැකියා ස්ථිරවීමක්                                  

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙමින් සතිය ආරම්භ වන අතර ඔබට පවුලේ කටයුතුවලදී මුල් තැනක් ගැනීමට ද සිදු වේ. තමා නිරත රැකියාවේ හා ව්‍යාපාරික කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් අනාගත යහපත වෙනුවෙන් සිදුවන අතර රැකියා ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ද ඉටුවෙයි. සති අන්තයේ දී මූල්‍යමය  හේතුවක් මුල්කොට ගැටලුවකට මුල පිරෙනබවක් පෙනේ. ගනුදෙනුවලදී පරිස්සම් වන්න.

සිංහ - ලැබීමේ වාසනාව      

ගේ දොර කටයුතු සම්බන්ධ මෙන්ම ඉපැයීම් ක්‍ෂේත්‍රයට අදාළ මෙතෙක් පැවැති සැලසුමක් වෙනස් කිරීමට සිදු වේ. ඒත් සමගම නිතර ඥාතීන් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන අතර දැන උගත් අය සමග එකට එක්ව කරන කටයුතුවලින් ප්‍රගතියක් අත්පත්වන සතියකි. ඉපැයීම් ක්‍ෂේත්‍රයේ අඩුපාඩු කීපයක් සපුරාගැනීමට වෙහෙසී කටයුතු කරයි. එසේම තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ගොඩනැගේ.

කන්‍යා - නිතර ඇවිදිලි ඇතිකරයි                                 

වෙළෙඳ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු සතියක් වන අතර මේ සතියේ වැඩි දිනගණනක් තුළ නිතර ඇවිදිලි ඇතිකරයි. වෙනදාට වඩාකෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු බවක් පෙනේ. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට නොසිතූ අලාභයක් ඇතිවෙයි. අසනීපයක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවන සතියකි. පදිංචි ස්ථානය සම්බන්ධ මතුවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. සතිය ආරම්භයේ දී වරින් වර ඇති කරන සෙම් අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වේ.

තුලා -  නොසන්සුන්කම පාලනය කරගන්න     

ඔබට ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාව. වරින්වර මතුවන පවුලේ කෙනකුගේ ගැටලුවක් හේතුවෙන් මානසික අසහන ඇති කරයි. පිනට දහමට ළැදිව කටයුතු කරන සතියකි. අත්‍යාවශ්‍ය වැඩකටයුත්තකට ළඟම හිතවතෙකු සමග මුදල් හුවමාරුවක් කර ගැනීමට අවස්ථාව සැලසේ. වාහන අලුත්වැඩියාවක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. පොදුවේ ඔබ මෙම සතිය තුල දී සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමට සමත්ව න්නේ නම් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

වෘශ්චික - ණය මුදලක් පියවා ගනී                         

මෙතෙක් අතරමග නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන අතර නොදැනුවත්කම හා ගණන් නොගැනීම නිසා අත්වැරදීමක් හේතුවෙන් පවුලේ අයගේ හා ඇසුරුකරන්නන්ගේ දෝෂාරෝපණයටත් ලක් වේ.  ඇවිදිලි වැඩි කරන සතියක් වන අතර පදිංචියෙන් පිට ස්ථාන වලද වාසය කිරීමට සිදු වේ. උෂ්ණාධික හා සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ඇතිකරන සතියකි. නිවාස අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන්නට සිදු වේ. සති මැද දී ණය මුදලක් පියවා ගැනීමට කටයුතු සැලසෙයි.

ධනු - වගකීම් බහුල සතියක්                                      

නොගැළපෙන ඇසුරකට පැටලීමෙන් පවුලේ අය සමඟ ඇතිවන මත ගැටුමක් දුරදිග යයි. එමෙන්ම ඔබ මෙය තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා සතියකි. නිතර වයසින් අඩු අය සමග ඇසුරට පෙලඹේ. රැකියාවේ හා ස්වයං ව්‍යාපාරවල කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවීමට ඉඩ ඇත. පවුලට සම්බන්ධ ඥාතියකු පිළිබඳ සැලකිලිමත් වන්න. සති අන්තයේ දී වරින් වර හටගන්නා සෙම් අමාරුවක් හේතුවෙන් පීඩා විඳීමට සිදු වේ.

මකර - රැකියාවේ තනතුරු මාරුවක්                        

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ දී අමතර වගකීම් කීපයක් තමා පිට පැවරෙනු ඇත. ගේ දොර අලුත්වැඩියාවක් හෝ වාහනයක කටයුත්තක් සැලසුම් කර ගැනීමට මඟ සැලසේ. විදෙස්ගත ඥාතියකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට පත්වෙයි. ඉගෙන ගන්නා අයගේ උනන්දුව වැඩිවන අතර තරග විභාග ආදියෙන් ජය ලැබිය හැකි සතියක් ද වෙයි.

කුම්භ - සිතේ නොසන්සුන්තාවක්                                  

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන අතර හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිවන යමක් ද සිදු වේ. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් ඇති කරන බවක් පෙනේ. සහෝදර මත ගැටුමකට කරුණු යෙදෙන සතියකි. සතිය මැද දී ළඟම ඥාතියකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ද ඇති කරයි.

මීන - දියුණුවේ දොරගුළු විවර වන සතියක්                  

දේපළ මිලදී ගැනීමක් සම්බන්ධ කටයුතු කීපයක් ඉටුකර ගැනීමට මඟ සැලසේ. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක කාලයකි. මෙම සතිය තුළ ඇතැම් කටයුතු සම්බන්ධව ඔබේ දියුණුවේ දොරගුළු විවර කිරීමට සමත්වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියා ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමුවීමෙන් ඔබේ මතු දියුණුවට මගක් පෑදේ.

ජ්‍යෝතිෂවේදී බෙන්තොට-හේමන්ත වීරසිංහ.

 

 

යකඩ ගැහැනියක් වෙන්න... Read Previous

යකඩ ගැහැනියක් වෙන්න...

අපේ අම්මා ඔහුයි -  Zeenath Bongso Read Next

අපේ අම්මා ඔහුයි - Zeenath Bongso

Realted Post

Leave a comment