හැමදාමත් තියෙන Fashion Trend එක ලිනන් විලාසිතා

 

ලිනන් විලාසිතාවලට වෙළෙඳපොළේ හිමිවන්නේ වෙනම වටිනාකමක් සහ ජනප්‍රියත්වයක්. ඒ නිසාම දෝ ඒවා මිල ගණන්වලින්ද අඩුවක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. රෙදිපිළි විලාසිතා තෝරාගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ එහි ඇති අලංකාරය පිළිබඳ සහ පහසුවෙන් ඇඟලෑමේ ඇති හැකියාවයි. ඒ නිසාම විලාසිතාවක් ලෙස ලිනන් ඇඳුම් විලාසිතාවට ඉහළ ජනප්‍රියත්වයක් හිමිවෙනවා. අපහසුවක් නොවන පරිදි පහසුවෙන් ඇඟලෑමට හැකි ස්වාභාවික කෙඳි වර්ගයක් වන ‘ෆ්ලැක්ස්’ මඟින් නිමවන ලිනන් ඇඳුම් ලංකාවේ දේශගුණික තත්ත්වයට හොඳින්ම ගැළපෙන නිසාම මේ විලාසිතාවට තිබෙන වෙළෙඳපොළ වටිනාකම නම් අඩුවක් නැහැ. 

 


කාටත් ගැළපෙනවද? 

උපදෙස් - 
මුතුහාරී අත්තනායක 

B.Des(Hons) විලාසිතා නිර්මාණවේදය සහ 
නිපැයුම් ප්‍රවර්ධනය 
පිළිබඳ උපාධිධාරිනී

 


ලිනන් විලාසිතාවල ඇති විශේෂත්වය එය ඕනෑම සිරුරකට ගළපාගත හැකිවීමයි. කෙට්ටු, මහත, හැඩකාර, පිරිපුන් යන සෑම සිරුරකටම එය ගළපාගත හැකිය. ඒ අතරින් හැඩකාර පිරිපුන් සිරුරකට නම් වඩාත් ආකර්ෂණීය බවක් ලබාගත හැකි වේ. ඔබ තරමක් මහත සිරුරක් හිමි අයෙකු නම් මෙම විලාසිතාව තමන්ගේ සිරුරට මඳක් ලිහිල්ව තිබෙන ආකාරයට ගළපා ගන්න. ඒවගේම කෙට්ටු සිරුරක් තිබෙන අයෙකුටත් මෙම විලාසිතා තරමක් සිරුරට ලිහිල්ව ගළපා ගැනීමෙන් කෙට්ටුබව සඟවා ගැනීමට හැකියාව ලැබේ.


ලිනන් රෙදිවලින් නිම වූ කෙටි ගවුමක විශේෂත්වය නම් එය ඔබට ඕනෑම අවස්ථාවක් සඳහා ගළපා ගැනීමට හැකිවීමය. ඔබගේ කොණ්ඩා මෝස්තරය, පලඳින පාවහන්, අත් බෑගය, සහ අනෙකුත් ආභරණ, පමණක් වෙනස් කරමින් අවස්ථාවෙන් අවස්ථාවට සම්පූර්ණයෙන් වෙනස් පෙනුමක් ලබාගත හැකිය.

 


සුහද සාදයට ගැළපෙන කෙටි ගවුම 
මිතුරු හමුවක් සඳහා ඔබ සහභාගි වන විට ඔබේ සැහැල්ලුබව, පහසුව සහ සුන්දරත්වය යන සියල්ල රැක ගනිමින් සැරසීමට ලිනන් කෙටි ගවුම විලාසිතාවක්ද වඩාත් හොඳින් ගළපාගත හැකිය. මේ සඳහා ඔබට පටි සහිත පැතලි පාවහන් යුගලක්, වඩාත් හොඳින් ගැළපෙයි. වෙළෙඳපොළේ අප ග්ලැඩියේටර් සැන්ඩ්ල්ස් :ඨක්ාස්එදර* ලෙස හඳුන්වනු ලබන පාදයේ වළලුකරෙන් ඉහළට ගැටගසනු ලබන පාවහන් යුගලක් සමග ඔබට හැඩකාර රුවැති පෙනුමක් ලබාගැනීමට පු`ඵවන. ඒ වගේම ඒ සඳහා සඳහා දිගු පටියක් සහිත කුඩා අත් බෑගයක් භාවිතා කළ හැකිය. බෑගයේ පැහැයට ගැළපෙන පටි සහිත අත් ඔරලෝසුවක්, සමග සාදයකට අවශ්‍ය කරන සම්පූර්ණ පෙනුම ලබාගත හැකිය.

 


ඔෆිස් එකට ගළපන හැටි 
ලිනන් වර්ගයේ කෙටි ගවුමක්, අත් දිග බ්ලවුසය සහ කෙටි සාය, කලිසම් විලාසිතා කාර්යාලයේ සිකුරාදා දිනයට කදිමය. තරමක් අඩි උස පාවහන් යුගලක් සමග මෙවැනි විලාසිතාවක් ඔබට වැදගත් පෙනුමක් ලබාදෙනු ඇත. හිසේ ඉහළට වන සේ දමන ලද පෝනිටේලයක් සහ සිහින් ගෙල පලඳනාවක් මෙන්ම එයටම ගැළපෙන කුඩා කරාබු යුගලයක් සමග ඔබේ පෙනුම වඩාත් ආකර්ෂණීය කරගත හැකිය.

 

 


විනෝද ගමනට ලිනන් කලිසමක් 
විනෝද චාරිකාවක් යන විට සැහැල්ලුවෙන් හා පහසුවෙන් හැසිරීමට හැකි විලාසිතාවක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය ය. බොහෝ විට මෙවැනි අවස්ථාවක යුවතියන් කලිසමකින් සැරසීමට ප්‍රිය කරයි. එවැනි ගමන් බිමන්වලදීත් සැහැල්ලුවෙන් ගමන් කරන්න වගේම දහදිය වැනි ගැටලු වැනි අපහසුතාවලින් මිදෙන්නත් සුදුසුම වන්නේ ලිනන් කලිසම් විලාසිතාවකි. විශේෂයෙන් ඩෙනිම් වර්ගයේ තද ඇඳුම් විලාසිතාවකට වඩා ලිනන් වර්ගයේ කලිසමකින් ඔබේ පෙනුමට එකතු කරන්නේ වැදගත් පෙනුමකි. එවැනි විලාසිතාවකට ස්නීකර් පාවහන් යුගලක් වඩාත් ගැළපෙයි. එමඟින් ඔබට සැහැල්ලු දඟකාර පෙනුමක් ලබාගත හැකි වේ. මේ විලාසිතාවට වඩාත් ගැළපෙන්නේ තරමක් විශාල අත් බෑගයකි. වෙළෙඳපොළෙහි ඇති විශාල රෙදි බෑගයක් :ඔදඑැ ඉ්ට* මේ සඳහා වඩාත් හොඳින් ගැළපෙයි. සැහැල්ලු හිසකෙස් විලාසිතාවක් හෝ හිස මුදුනට කර බඳින ලද අපිළිවෙළ හිසකෙස් විලාසිතාවක්, වර්ණවත් අත්පලඳනාවක්, තරමක් විශාල කරාබු යුගලක් සමඟින් ඔබේ පෙනුම සම්පූර්ණ කරගත හැකි වේ.


විශේෂයෙන් ලිනන් විලාසිතා තෝරාගැනීමේදී ලිනන් යන නාමයෙන් වෙනත් බාල රෙදි වර්ගද තිබෙන නිසා ප්‍රමිතියෙන් උසස් ලිනන් විලාසිතා මිලදී ගැනීමටද අමතක නොකරන්න. 

 


සටහන - නයනා උදයංගනී   


               

 

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’ Read Previous

“මල්ලි කිසිදෙයකින් වැටෙන්නෙ නැති කෙනෙක්’’

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment