Trending Now
‘‘කාන්තා ආත්මයක් ලැබීම දෙවියන්ගෙන් ලැබුණු දායාදයක්’’ - SACHIN CHATHURANGA
අදත් ගලන සුනාමියේ කඳුළු - මුහුද ගොඩ ගලා දහස් ගණන් ජීවිත අහිමි වී වසර 20 ක්
සාමයේ කුමරු වැඩිය අසිරිමත් නත්තල
ගැටුමක් වුණත් කතාබහෙන් විසඳ ගන්නවා - Duleeka Marapana
Dec 30, 2024
HARD TALK
Biz Shopping
Tasty Food
Be Beauty
Fit
Videos
Quizzes
Home
Pink
අවසානයේ දී මම තේරුම් ගත්තා එක දෙයක්........
අවසානයේ දී මම තේරුම් ගත්තා එක දෙයක්........
Pink
2024 සැප්තැම්බර් මස 25
0 Comments
0
3 minutes read
ආදරය නොලැබී ගිය බොහෝ තැන්වලත් මම අනෙකාට නොලද ආදරය වෙන්න උත්සාහ කළා. අනෙකා තනි වුණු හැම වෙලාවෙම මම තනි නොකරන්න වග බලා ගත්තා.
ඒත් මට තව කෙනෙක් ඕනෙම යි කියලා හිතුණු බොහොමයක් තැන්වල මම හිටියෙ තනිවම. ඒ වගේම තනිවෙන හැම මොහොතක ම මට දැනුනෙ ලොකු අනාරක්ෂිත බවක්. මම හිතුවෙ මේ ලෝකෙ තියන නරකම මනෝභාවය තමයි තව කෙනෙක් නැතිව ජීවත් වෙන්න සිද්ධ වෙන එක කියලා. තනිවෙන්න සිද්ධවෙන එක කියලා.
ඒත්......
මම ආදරය කළ අය ප්‍රේමය කියන්නේ පෙරළා බලාපොරොත්තු නොවීම බව පසක් කළා
මාව තනි කළ මිනිස්සු තනිකම කියන්නේ බියගුලුකම නොවන වග පසක් කළා.
මම උදව් කළ මිනිස්සු මට ඔවුන් ව ඕනේමයි කියලා හිතෙන තැන්වල මා එක්ක හිටගත්තෙ නෑ.
ඒත් ඔවුන් මම නැවත ඔවුන්ගෙන් උදව් නොඉල්ලන තැනට මාව ශක්තිමත් කළා.
අනෙක් අය මම වැටෙයි කියලා හිතෙන තැන්වලත් නොවැටී ඉන්නට තරම් ධෛර්ය සම්පන්න කළා.
අවසානයේ දී මම තේරුම් ගත්තා.....
ඇත්තටම තනිවෙන්න පුළුවන් ශක්තිමත් මිනිස්සුන්ට විතරයි කියලා. හැම කෙනෙකුට ම ඒකට හිත හයිය නෑ කියලා.
ඒ වගේම මම සුවිශේෂී කරලා රාමුවලට දාලා පරිස්සමට මම මගේ හදවතේ බිත්තිවල එල්ලගෙන උන් මිනිස්සු ඒවා බිඳගෙන කෑලි කරගෙන යනකොට...
මම ඉගෙන ගත්තා ජීවිතය යනු නොදැන සිටීම වගේම මම කෙතරම් වෙහෙස වුණත්‍් රැකගන්න උත්සාහ කළත් සම්බන්ධතා කියන්නේ පරිපූර්ණ කරන්න බැරි දෙයක් බව. ඒ වගේම වෙනස්වීමට මුහුණදීමට සිදුවීම ඇත්තටම සම්බන්ධතාවල යථා ස්වභාවය කියලා.
Read Previous
Merry Christmas
Read Next
නත්තල් සුභ පැතුම් පණිවුඩය.
Realted Post
අවුරුදු 16 දරුවන්ට අළුත් නීතියක්....
23 December, 2024
වෙයන් නුඹ පරිස්සම්
2 December, 2024
එයාලට සවන්දෙන්න වෙලාවක් හොයා ගන්න
1 December, 2024
Leave a comment
Post Comment
BIZ FEED
Popular
Comments
රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක්
Room no.106 රූපගතකිරීම් ඇරඹේ.
ප්‍රගීත් රනින් පුද ලබයි
කැලීන් මිලියනපති ජයග්‍රාහිකාව තෝරයි....
කැලීන් හයවන මිලියනපති තෝරා ගැනේ
© Sirikatha.lk 2023 | All rights reserved.
Leave a comment