අවුරුදු 16 දරුවන්ට අළුත් නීතියක්....

වයස අවුරුදු දාසයක් වූ දරුවන් සඳහා සමාජමාධ්‍යය තහනම් කිරීමට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තීරණය කර ඇත. 

ඒ එවැනි නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍ය බවට පත්වෙමින්ය.

මෙම නීතිය කඩ කර ළමයින්ට සමාජ මාධ්‍ය වෙත පිවිසීමට ඉඩ ලබාදෙන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට, ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන පනහක උපරිම දඩයක් පැනවීමට ඇති අවස්ථාවන් නව නීතිය මගින් පනවා ඇති බව වාර්තාවේ. 

 ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනිස් පවසන්නේ සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ ප්‍රජාවට සිදුවන හානියෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට මෙවැනි නීතියක් හඳුන්වා දුන් බවයි.

 කෙසේ නමුත් මෙම නීතිය ක්‍රියාත්මක වීමට වසරක පමණ කාලයක් ගතවන ගතවනු ඇති බවද වාර්තා වෙයි.

  • අන්තර්ජාල පුවත් ඇසුරිනි.

පිච්චෙනකොට පිම්බෙන කුරක්කන් රොටී -  Sirikatha Online | Uyamu Read Previous

පිච්චෙනකොට පිම්බෙන කුරක්කන් රොටී - Sirikatha Online | Uyamu

සිරිකත අවුරුදු කුමරා සහ කුමරිය 2025 Read Next

සිරිකත අවුරුදු කුමරා සහ කුමරිය 2025

Realted Post

Leave a comment