ඔබේ Nude photo එකක් share වුණොත් මොකද කරන්නේ

සැබෑ ආදරය කිසිදා අනෙකාට විපතක්  සිදුකිරීමට තරම් පෙලඹීමක් ඇතිකරයි යන්න විශ්වාස කළ නොහැකිය. එහෙත් තරුණ තරුණියන් ආදරය නිසා මානසික ගැටලුවලට මුහුණ දෙන අවස්ථා ඕනෑ තරම් තිබේ. ඒ  අතර ප්‍රධානම දෙයක් නම් ආදරය කරන කාලයේ දෙදෙනා එක්ව ගත් ඡායාරූප, නිරුවත් ඡායාරූප හෝ, අපහාසයට, නින්දාවට පත්වන විදියේ තොරතුරු ළඟ තබාගනිමින් අනෙක් පාර්ශ්වය පීඩාවට පත්කිරීමයි. විශේෂයෙන් මේ පීඩනය වැඩිපුරම විඳීමට සිදුවන්නේ තරුණියන්ට ය. ඔබේ පෙම්වතා හෝ වෙනත් පුද්ගලයෙක් එලෙස ඔබේ ඡායාරූප තබාගනිමින් අනිසි බලපෑම් කරනවා නම් ඔබ කුමක් කළ යුතුද?

  • බයවෙන්නේ මොකටද? 

මීට හුඟක් ඉහත කාලවලත් ඒ කියන්නේ එතරම් තාක්ෂණය දියුණු නැති කාලවලදිත් මානසික ගැටළු 
පවතින සබඳතා සමාජයේ පවතින්න ඇති. නමුත් ඒවා සමාජ ගත කරන්න තරම් තොරතුරු ඒ අයට නැහැ. ඒ නිසා ඒවා සමාජයට නිරාවරණය වුණේ නැහැ. ඒත් අපි දැන් ජිවත් වෙන්නේ විසි එක්වැනි සියවසේ. ක්ෂණිකව කුඩා කාලයකින් තවත් කෙනකුගේ තොරතුරක් ඉක්මනින්ම සමාජගත කරන්න පුළුවන්. ඒ නිසා සමාජයටත් මේක අලුත් දෙයක් හෝ අලුත් තත්වයක් නෙවෙයි. ඒ කියන්නේ මේක සාමාන්‍ය තත්වයක් කියන එකත් නෙවෙයි. මෙයින් අදහස් වෙන්නේ මේ වගේ දෙයක් වූ සැනින් ජීවිතයට හානියක් කරගන්න, කලබල වෙන්න මානසිකව වැටෙන්න දැන් අවශ්‍ය නැහැ. කියන එක. නමුත් හැමවෙලාවෙම අපේ කාන්තාවෝ වැඩ කරන්න ඕනි බුද්ධිමත්ව. පිට ස්ථානයක පෙම්වතත් එක්ක හුඳකලාවන ඕනැම අවස්ථාවක එතැන ඉන්නේ ඔබ දේපල විතරයි කියලා හිතුවත් තමන් එක්ක හැමවෙලාවකම තුන්වෙනි ඇහැක් තියෙන්න පුළුවන් කියන අවබෝධය කාන්තාවකට තියෙන්න ඕනි. තමන් ලඟ තිබෙන ජංගම දුරකතන ඒ වගේම එම ස්ථානවල ඔබ නොදැනුවත්වම තිබිය හැකි කැමරා පද්ධති කියන්නේ ඔබේ රහස්‍ය භාවය සමාජයට විවරකරන්න පුළුවන් අවස්ථා විය හැකිබව ඔබ දැන සිටිය යුතුයි. කළ යුත්තේ මොකක්ද? තමන්ගේ නිරුවත් ඡායාරූපයක් කුමන හෝ වෙලාවක සමාජගත වී තිබුණොත් හෝ එවැනි තර්ජනයක් ඇති කළොත් කිසිම අයුරකින් බිය නොවී ඔබ මුලින්ම කළ යුත්තේ ළඟම ඇති පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා පොලිස් නිලධාරිනියකට ඒ ගැන පැවසීම ය. එහෙත් ඔබ පොලිසියට පැමිණීම ද යම් තර්ජනයක් යැයි සිතන්නේ නම් අපගේ ක්ෂණික දුරකථන අංකවලට අමතා පැමිණිලි කළ හැකි ය. ඒ වගේම අනිවාර්යයෙන් මතක තබාගත යුතු දෙයක් වෙන්නේ මෙවැනි අවස්ථාවක දුක බෙදාගන්න, කාගෙන් හෝ උදව්ගන්න හිතාගෙන ඔබ ඒ ඡායාරූප තවත් අයට බෙදා හැරීම නොකළ  යුතුම ය. එසේ කළහොත් සිදුවන්නේ තව තවත් ඒවා ව්‍යාප්තවීමය. 
මෙවැනි අවස්ථාවක ඔබ නීතියේ පිළිසරණ පැතුවොත් අනිවාර්යෙන්ම ඔබට නීතියේ ආරක්ෂාව ලැබේ. එහිදී අප ඉක්මනින්ම අදාල සමාජ ජාලාවලින් එම ඡායාරූප ඉවත් කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙන්නෙමු. ඇයට තවත් තර්ජන තිබෙනවා නම් ඒ පිළිබඳ සම්පූර්ණයෙන් සොයා බලයි. ‘වින්දිතයින් ආරක්ෂා කරගැනීමේ නීතිය’ ලෙස ඒ වෙනුවෙන් අලුත් නීති සෑදී තිබේ. එබැවින් මෙවැනි අවස්ථාවක කාන්තාවක් කිසිදු අයුරකින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැත. තිරය පිටුපසට වී මෙවැනි වැඩ කරන හුඟක් වීරයෝ නීතිය ඉස්සරහට පැමිණීමට බියක් දක්වයි.  එවැන්නෝ කාන්තාවක් ඉදිරිපිට වීරයෝ වන්නේ ඇයගේ නිරුවත් ඡායාරූප ටික අතට ගත් විට පමණි. එබැවින් ඔබ ඔබේ ආත්ම ශක්තිය මෙවැනි අවස්ථාවල ප්‍රයෝජනයට ගෙන නීතියේ ආරක්ෂාව ලබාගන්න. 

හදිසි ඇමතුම් 0112 44444

අදහස් දැක්වීම 
රේණුකා ජයසුන්දර, 
කාන්තා නියෝජ්‍ය පොලිස්පති, ළමා හා කාන්තා අපයෝජන 
විමර්ශන දිශාව

  •  නයනා උදයංගනී

හැමවිටම පවුලට මුල්තැන දෙනවා  - Dinakshie Read Previous

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

හිත හැංගුවාම පවුලට වෙන විනාශය Read Next

හිත හැංගුවාම පවුලට වෙන විනාශය

Realted Post

Leave a comment