තරු ගෙනෙන සාද විලාසිතා

යේෂා ෆර්නෑන්ඩු


නත්තලත් ළඟ ළඟම එනවා. අලූත් අවුරුද්දකුත් එනවා. ඉතින් ගෘහනියන්ට වගේම කාර්යාලීය යුවතියන්ටත් මේක සාද පිට සාද සමයක් කිව්වට ඒකෙ වරදක් නැහැ. සාදයක් කිව්වම කවුරුත් කැමති එහි සියල්ලන්ගේම ආකර්ෂණය ලැබෙන ආකාරයේ විලාසිතාවලින් හැඩ වෙලා යන්නනේ. හැබැයි වර්තමානයේ සාද වල වුණත් heavy fashion දකින්න ලැබෙන්නේ නෑ. සාද වලට සුදු සහ කළු පැහැයේ ඇඳුම් ඇඳීමේ ප‍්‍රවණතාවයත් වැඩියි. ඒ වගේමයි තනි පැහැ ඒ කියන්නේ one-tone ඇඳුම් වලින් සැරසීමත් දැන් සාද වල නිතර දැකිය හැකියි. ඉතින් අද අපි බලමු ලෝ සුප‍්‍රසිද්ධ තාරකාවන්ගේ සාද සහ ප‍්‍රිය සම්භාෂණ විලාසිතා කිහිපයක්. බලන්න මේවා ඔබටත් එළඹෙන නත්තලේදී නැත්නම් 31st night එකේදී අඳින්න පුළුවන් ඒවාද කියලා.

මේ ඉන්නේ ලෝ සුප‍්‍රසිද්ධ Game of Thrones ටෙලි මාලාවේ සුපිරි තරුවක් වන සුරූපී Sophie Turner. බලන්න ඇය ඇඳලා ඉන්න ඇඳුම කොතරම් චාම් ද? කොයිතරම් ලස්සනද කියලා. සුදු සැටින් රෙද්දකින් මසා ඇති මේ දිග මැක්සි ගවුමේ මෝස්තරයකට කියා තිබෙන්නේ උරහිසේ සිට ඉණ පෙදෙස දක්වා දිවෙන සීක්වින්ස් තීරු දෙක පමණයි. නමුත් ඉන් ඇඳුමට එක් කරන උත්සව පෙනුම ඉතාමත් අනගියි. ඒ සඳහා අමතර අලංකාරයක් වශයෙන් ඇය පැලඳ ඇත්තේ a stone earring යුවළක් සහ රතු දෙතොල් ආලේපනයක් විතරයි. නමුත් එයින් ඇයගේ පෙනුම සම්පුර්ණයි. ඉතින් ඔබ මදක් උස පැහැපත් යුවතියක් නම් ඔබට මේ විලාසිතාව මේ සාද සමයේ අත්හදා බැලීමට හැකියි.

 


 

මේ Poppy Delevingne. ලෝ සුප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි ජාතික විලාසිතා නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක්. ඇය මේ නිරූපණය කරන සරල විලාසිතාව වුණත් නත්තල් හෝ අවුරුදු ප‍්‍රිය සාදයකට මනාව ගැළපෙනවා. තනි කළු වෙල්වට් midi skirt එක ඉදිරිපසින් දිග විවරයක් සහිතව තිබෙන නිසා උඩුකය ඇඳුම වඩාත් ආවරණය වන ලෙස ඇඳීමෙන් ඇඳුමේ සමබරතාවය පවත්වා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. සිහින් කළුසුදු ඉරි සහිත උඩුකය ඇඳුමට lace raffle සහ සායට stoned buckle එකක් සමගින් ඇයගේ පෙනුම සම්පුර්ණයි. ඉතින් මෙය ඔබටත් අත්හදා බැලිය හැකි සරල සාද විලාසිතාවක්.

 

 


 

ඉංග‍්‍රීසි ජාතික සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනියක් මෙන්ම ගායිකාවක්ද වන Karen Jill Elson මේ සැරසී සිටින්නේ මේ නත්තලේ ඔබට අත්හදා බැලිය හැකි හොඳම ඇඳුම් මෝස්තරයකින්. Wine red පැහැති මේ velvet wrap dress එක ඔබේ ශරීරයේ හැඩය වඩාත් ඔප් නංවනවාට කිසිදු සැකයක් නැහැ. මහත යුවතියක් වුණත් මෙවැනි ඇඳුමකින් හැඩට පේන බව රහසක් නොවේ. හැබැයි ඔබ මතක තබා ගතම යුතු දේ තමයි, මෙවැනි ඇඳුමක් ඇඳීමේදී makeup භාවිතාව අවම විය යුතු බව.

 


 

Rosie Huntington-Whiteley! ඇය ලෝ සුප‍්‍රසිද්ධ Victoriazs Secret model කෙනෙක්. බලන්න ඇයගේ ඇඳුම ඉතාමත්ම සරලයි. බර මෝස්තර හෝ stone, lace වලින් තොරයි. නමුත් මේ ළා රෝස සැටින් ගවුම සාදයකට සුදුසු නැහැ කියලා කාටද කියන්න පුළුවන්. ඇඳුමට අමතර අලංකාරයක් සඳහා ඇය එක් කරගෙන සිටින්නේ ලෝම සළුවක් පමණයි. ඇයගේ තද රතු පැහැති තොල් ආලේපනයත්, hanging earrings  සහ clutch bag එකත් Rosie ගේ සාද පෙනුම සම්පුර්ණ කරනවා.

 

කන්‍යා Read Previous

කන්‍යා

වෘශ්චික Read Next

වෘශ්චික

Realted Post

Leave a comment