පීරියඩ්ස් හැදෙන්නේ කාන්තාවන්ට විතරක් නෙවෙයි.

දින විසි අටකට වරක් ඇතිවන ඇගේ වේදනාව ඔබ නිසා සිය දහස් ගුණයකින් ඉහළ යා හැකියි.

සෑම මසකම එක සතියකට ඔබේ නැගණිය,මිතුරිය,පෙම්වතිය අකමැති බව සහෝදරයෙක්,මිතුරෙක් සහ පෙම්වතෙකු විදියට ඔබ දන්නවද...? නැත්නම් දැනගෙනත් නොදන්න ගානට ඉන්නව ද..? ඒ සාමාන්‍ය වචනයෙන් මෙන්සස් නිසා...නැත්නම් පීරියඩ් නිසා...ඔවු මේක බොහොම ප්‍රවේශමෙන් කතාකල යුතු මාතෘකාවක්.

සෑම වසරකම මැයි මාසේ 28 වෙනිදා ජාත්‍යන්තර ඔසප් කළමණාකරන දිනය ලෙස නම්කර තිබෙනවා.ඒ මේ තත්වය පිළිබදව සහ මේ නිසා කාන්තාවන් පත්වෙන අපහසුතාව පිළිබදව ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුවිම වැදගත් කම නිසා.සුපුරුදු පරිදි සංඛ්‍ය ලේඛන දත්ත මත පදනම් වෙමින් මෙම තත්වය ඉදිරිපත් කිරීම ඔබේ දැනුමට වැදගත් වුනත් ප්‍රායෝගික ජීවිතයට එතරම් වැදගත් නොවෙන නිසා මෙම කාරනය අපි ප්‍රායෝගික තලයක කතාකරමු.

මුලින් ම මෙම තත්වය ඊයා,හිරිකිතයි කියමින් බැහැර කළ යුතු තත්වයක් නෙවෙයි.ඔබ පියෙක්,සැමියෙක් සහ පෙම්වතෙක් වශයෙන් ඔබගේ දියණියගේ,බිරිදගේ සහ පෙම්වතියගේ ඔසප් දිනය සහ ඇයට එහි වේදනාව කොතරම් දැයි අවබෝධයක් තිබිය යුතුයි.ඊට හේතුව ඇයට ඔබගේ රැකවරණය සහ ආදරය අත්‍යවශ්‍යම වන්නේ  එම කාලයේදී බැවින්.

මෙම තත්වයේ වේදනාව සහ බලපෑම් ඇති කරන දින ගනන කාන්තා ස්වභාවය අනුව වෙනස් උනත් මෙම තත්වයේදී පුරුෂ අපේ වගකීම වෙනස් නොවිය යුත්තක්.ඔබ ඇයට ආදරය කරනවානම් ඒ බව අයට දැනිය යුතුම කාලය මෙම කාලය බව පිරිමි ඔබ සිහි තබා ගත යුතුයි.එමෙන් ම ඇයගේ සනීපාරක්ෂක තුවා වර්ගය පිළිබදව ඔබට දැනුමක් තිබිය යුතුයි.

මේ කාලයේදී කාන්තාවන්ගේ පොදුවේ නිරක්ෂනය කර හැකි තත්වයක් ලෙස සුලු දේටත් කේන්තියාම දැක්විය හැකියි.වෛද්‍ය පිලිගැනීමට අනුව ඊට හේතුව ඇයගේ දැඩි වේදනාවයි.ඔබ එම කාලසීමාවේදී එය උපේක්ෂාවෙන් දරාගත යුතුයි.මෙම කාල සීමාවේදී කාන්තාවට පහසුව සැලසීම සහ ඇයගේ කටයුතු ඉටු කර දීම බොහෝ පිරිමින් පිරිමි කමට නින්දාවක් ලෙස දැකීම තරයේ හෙලා දැකිය යුතුයි.ඇයට ඔබේ සෙනෙහස රැකවරණය වැඩි වශයෙන් සැපයිය යුතු කාලය වන්නේ මේ කාලයයි.

ඔබ පෙම්වතෙක් නම් ඇය අසල රැදෙන්න,වේදනාව දරා ගැනීමට සවියක් වන්න.ඔබ ඇයට සෙනෙහස දැක්විය යුත්තේ එලෙසයි.

ඔසප් කාල සීමාව ගනනය කිරීමේ ජංගම දුරකථන යෙදවුම් පවතිනවා.ඔබට ඇයගේ ඔසප් දිනයන් අමතක වනවානම් එම යෙදවුම් ඔස්සේ ඒ පිලිබදව අවබෝධයක් ලබාගැනීමට හැකියාව පවතිනවා.ඔබට එම ජංගම දුරකථන යෙදවුම් https://play.google.com/store/apps/details?id=com.popularapp.periodcalendar ඔස්සේ බාගත කර ගත හැකියි.

එම කාලය ඇයට ශරීරයට ශක්තිය අවශ්‍යම කාලය උවත් ඇයගේ කෑම රුචිය අඩු බව නිසා ඇය දුර්වල විය හැකියි.එහිදී ඔබ ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුයි.එමෙන් ම එම දිනයන්හීදී පිළිිපැදිය යුතු සෞඛ්‍ය ක්‍රමවේදයන් පිළිබදව පිරිමි ඔබට අවබෝධයක් තිබිය යුතුයි.

ඉතිං ඇයට අවශ්‍යම විට ඇය සමග රැදෙන්න.ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න.ඔබ ඇය සමග බව ඇයට දැනෙන්නට සලස්වන්න.මානසික සතුට ඇයගේ එම අධික වේදනාව පරයන බව සිහි තබාගන්න.

  • කසුන් සේනානායක 

  • මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක | මානව කුසලතා සංවර්ධන උපදේශක

යකඩ ගැහැනියක් වෙන්න... Read Previous

යකඩ ගැහැනියක් වෙන්න...

ශක්ති Crown  මාධ්‍යය  දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා............... Read Next

ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

Realted Post

Leave a comment