ලොව රූමත්ම කාන්තාවෝ දසදෙනා

ලෝකයේ රූමත්ම කාන්තාවන් තේරීමේදී අදටත් පිළිගනු ලබන්නේ ඊජිප්තියානු රුව මැනීමේ ප්‍රමිතීන් බව ඔබ දන්නවාද? ක්ලියෝපැට්‍රාගේ කාලයේ පටන්ම ලෝකයේ අතිශයින්ම රූමත් කාන්තාවන් තේරීමේදී ඊජිප්තියානු මිනුම් දඬු ලෝකයේම පිළිගැනීමට ලක් වී තිබෙනවා. කාන්තාවකගේ වයස කීයක් වුවත් යමෙකු දුටු වහාම සිත ඇදී යන්නේ ඇගේ පෙනුමට නැත්නම් රූපයටයි. විශ්ව රූ සොබා ප්‍රමිතීන්ට අනුව 2023 ජූනි මාසය වන විට ලෝකයේ වඩාත්ම රූමත් කාන්තාවන් දස දෙනා ලෙස පිළිගනු ලබන්නේ පහත සඳහන් කාන්තාවන්ය. මේ රූමත් කාන්තාවන් ලෝකයෙන්ම මුල්තැන් දහය දිනාගෙන තිබෙන්නේ හුදෙක් තමන් සතු මන බඳින රූප සොබාව නිසාම පමණක් නොවෙයි. සිය හැකියාවන් හෝ මෙහෙවර තුළින් රටට ලෝකයට මෙන්ම සමාජයට කිසියම් මෙහෙවරක් ඉටු කරමින් සමාජයේ වෙනත් කාන්තාවන්ට තම ක්‍රියා තුළින් කිසියම් ආදර්ශයක්ද සැපයීමෙනි.  මෙම රූමත් කාන්තාවන් දස දෙනා තෝරනු ලැබ තිබෙන්නේ ගෝල්ඩන් රේෂෝ ඔෆ් බියුටි රිපෝට් නම් වාර්තාවට අනුවයි.රූමත් බව මැනීමේ ස්වර්ණමය අනුපාතය හමු වී ඇත්තේ ඊජිප්තියානු පිරිමීඩවලින් බවයි වාර්තා වෙන්නේ. ඒ හේතුවෙන් කාන්තාවන්ගේ රූමත්බව මැනීමේ එකී අනුපාත ක්‍රමය කෙටියෙන් හැඳින්වෙන්නේ Phi  යනුවෙනි. එහි අනුපාත අගය වන්නේ 1.618 යි.

ජෝඩි කෝමර් Jodie comer

ජෝඩි කෝමර් නම් බි්‍රතාන්‍ය ජාතික නිළිය විශ්ව රූමත් වාර්තාවේ ප්‍රමිතීන්ට අනුව ලෝකයේ වඩාත්ම රූමත් කාන්තාව ලෙස තේරී තිබෙනවා. ඇගේ මුහුණ අදාළ ප්‍රමිතීන්ගෙන් සියයට 94.52 ක් සපුරා තිබෙනවා. විසි නව හැවිරිදි ජෝඩි බි්‍රතාන්‍ය ඇකඩමි රූපවාහිනී සම්මානය, විශ්ව ස්වර්ණ සම්මානය සහ සිනමා නළු නිළියන්ගේ සමාජයේ විශිෂ්ටතා සම්මානයට හිමිකම් කියනවා. Free Guy (ෆ්‍රී ගයි) හෙල්ප් (Help) ද වයිට් ප්‍රින්සස් (The white Princes), Doctor Foster, Killing Eve වැනි විශිෂ්ට සිනමා නිර්මාණ තුළින් ඈ සිය රංගන ප්‍රතිභාව දක්වා තිබෙනවා. 

සෙන්දයා Zendaya 

ඇමරිකානු ජාතික සුරූපී සිනමා නිළියක හා නිරූපණ ශිල්පිනියක වන සෙන්දයා ලෝක රූමතියන් අතරින් දෙවැනි තැන දිනා සිටිනවා. ඇය රූමත්බවේ ප්‍රමිතීන්ගේ සියයට 94.37ක් සපුරා තිබෙනවා. විසි හය හැවිරිදි සෙන්දයා Euphoria, The Gratest showman" Dnne, Malcom& Marie, Spider man"  Homecommingයන ලෝ ප්‍රකට චිත්‍රපටවලින් සිය විශිෂ්ට රංගන කුසලතා විදහා දක්වා තිබෙනවා. 
ඇය 2022 වසරේ ලෝකයේ වඩාත් ආකර්ෂණීය මෙන්ම වඩාත්ම බලසම්පන්න පුද්ගලයින් සිය දෙනා අතරටද තේරී පත්වුණා. සිය දස්කම් සඳහා මේ වන විට සෙන්දයා ලෝ ප්‍රකට එමී සම්මාන දෙකක් දිනා ගැනීමටද සමත්ව සිටිනවා. 

බෙල්ලා හැඩීඩ් Bella Hadid 

මුහුණේ රූමත්බව විද්‍යාත්මකව වඩාත්ම ප්‍රකට කරන සුරූපිනියන් අතරින් මුල් තැන දිනා ගනු ලබන්නේ ඇමෙරිකානු සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනී බෙලා හැඩිඩ් විසිනි. ඇගේ මුහුණේ අංග අදාළ ප්‍රමිතීන්ගෙන් සියයට 94.35 ක් ආවරණය කරනවා. විසි හත් හැවිරිදි මේ සුරූපිනිය අන්තර් ජාතික වෝග් සඟරාවේ මුල් කවරය විසි හත්වරක් සරසා තිබෙනවා.  
වසර 2016 හොඳම මෝස්තර නිරූපන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගත් බෙලා හැඩිඩ් ගිගි හැඩිඩ් ගේ සහෝදරියයි. vevsace" Fendi" Dlov සහ Micheal Kors  වැනි ලෝකයේ විශිෂ්ටතම වෙළඳ දායකත්වය ලබා දී තිබෙනවා.

බියොන්ස් Beyonce

විශ්ව රූප සෞන්දර්ය ප්‍රමිතීන්ගෙන් 92.44 ක් සපුරාලන්නට බියොන්ස් සමත් වී තිබෙනවා. ලෝ ප්‍රකට ගායිකාවක, නිළියක, නර්තන ශිල්පිනියක මෙන්ම ගීත රචිකාවන ද වන බියෝන්ස් විශ්ව රූප රාජිනී ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා. විසිවැනි ශත වර්ෂයේ ලෝකයේ වඩාත්ම බලවත් සංගීතඥවරියක ලෙසද ඇය වාර්තාවක් තබා තිබෙනවා. හතළිස් එක් හැවිරිදිි ඇය බ්ලු අයිව්, රූමි සහ සර් යන ලස්සන දරුවන් තිදෙනාගේ මවකි.

අරියානා ග්‍රෑන්ඩ් Ariana Grande 

ඇමෙරිකානු ගායිකාවක, ගීත රචිකාවියක හා රංගන ශිල්පිනියක වන අරියානා ග්‍රෑන්ඩ් විශ්ව රූප සුන්දරී ප්‍රමිතීන්ගෙන් සියයට 91.81 ක් සපුරාලමින් ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමි කරගෙන සිටිනවා. ඇයට සංගීතයේ සප්තස්වරය හඬ පරාසයන් හතරකින් ගායනා කිරීමේ විරළ හැකියාක් ඇතැයි වාර්තා වෙනවා. පොප් සහ R&B ගායනා සඳහා ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දරා සිටින අරියානා විසි නව හැවිරිදි වියෙහි පසු වෙනවා. ඇය මෑතකදී නිකුත් කළ Thank You next  වීඩියෝ ඇල්බමය විශාල ලෙස ජනප්‍රියත්වයට පත් වුණා. ඇමෙරිකා සංගීත සම්මාන උලෙළෙහි වසරේ හොඳම නවක ගායිකාවට හිමි සම්මානය මෙන්ම ඇමෙරිකා සංගීත සම්මානය දිනා ගන්නට ඇය සමත් වුණා. ඇමෙරිකාවේ ජනප්‍රියBillboard 200 chart හි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇය ගැයූ Yours Truly ගීතය සමත් වුණා.

ටේලර් ස්විෆ්ට් Taylor swift 

ලෝකයේ ලස්සනම දෑස් මෙන්ම තියුණු අංග ලක්ෂණ ප්‍රකට කරමින් රූ සපු දර්ශකයේ ප්‍රමිතීන්ගෙන් 91.64 ක් ආවරණය කිරීමට ඇය සමත් වූවාය. ඇමරිකානු ජාතික ගායිකාවක, ගීත රචිකාවියක, මෙන්ම නිළියකද වන ටේලර් ඇයට ආවේණික ප්‍රකාශන ශෛලියක් ප්‍රකට කරනවා. සංගීත ක්ෂේත්‍රයේ විවිධ අංශ කෙරෙන් ඇය විශිෂ්ටතා සම්මාන රැසක් හිමි කරගෙන සිටිනවා. 

ජෝර්ඩන් ඩන් Jourdan dunn

බි්‍රතාන්‍ය ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනියක වන  ජෝර්ඩන් ඩන් විශ්ව රූ සොබා ප්‍රමිතීන් අතුරෙන් 91.39 ක් සපුරාලමින් හත්වැනි ස්ථානය දිනාගෙන සිටිනවා. 

කිම් කාර්ඩැෂියන්  Kim Kardashian

මාධ්‍යවේදිනියක, සමාජ සේවිකාවක මෙන්ම ව්‍යාපාරිකාවකද වන කිම් ලෝක රූ සෝබා ප්‍රමිතීන්ගෙන් සියයට 91.28 ක් ආවරණය කරමින් එම ලැයිස්තුවේ අට වැනි ස්ථානය දිනා ගෙන තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් කෝටි එකසිය අනූවක වත්කම් හිමි ඇය හතළිස් දෙහැවිරිදි වියේහි පසුවෙයි.

දීපිකා පදුකෝන් Deepika Padukone

බොලිවුඩයේ රූමත්ම නිළිය ලෙස සැලකෙන දීපිකා පදුකෝන් විශ්ව රූ සොබා ප්‍රමිතීන් අතුරින් 91.22 ක් ආවරණය කරමින් විශ්ව රූප රාජිනී ලැයිස්තුවේ නව වැනි තැන දිිනා සිටිනවා. ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ වැඩිම මිලක් අය කරනු ලබන නිළිය වන දීපිකාගේ වයස අවුරුදු තිස් හයකි. ස්වකීය ඛසඩැ ඛ්මටය ඛදඩැ පදනම මගින් ඇය මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නිරත වෙනවා. ජාතික සහ අන්තර්ජාතික සම්මාන රැසකින් දීපිකා පිදුම් ලැබ තිබෙනවා.

හෝ යියොන් ජන්ග් Ho Yeon jung

දකුණු කොරියානු ජාතික නිළියක වන යියොන් ජන්ග් ප්‍රමිතීන්ගෙන් සියයට 89.63 ක් ආවරණය කරමින් විශ්ව රූ සුන්දරියන්ගේ ලැයිස්තුවේ දහවැනි ස්ථානය හිමි කරගෙන සිටිනවා.squid Games  නම් මාලා නාට්‍ය පෙළින් ඈ සිය රංගන කෞෂල්‍යය ලොවට විදහා පෑමට සමත් වුණා. 

  • සාගරිකා දිසානායක

                                                                                                                                                                                                                                                                 

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක් Read Previous

පැරාලිම්පික් උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment