ලොව සුන්දරම කළු රෝස මල

2019 ලෝක රූ රැජිණ ජැමෙයිකාවේ

Toni-Ann Singh


 

යේෂා ෆර්නෑන්ඩු ඔව් යළිත් මට ඔබට තහවුරු කිරීමට යමක් තිබේ. එනම් කළු රෝස මල් ලොව අත්පත් කර ගනිමින් සිටිනා බවයි. පිට පිටම ඒ කිරුළු තුනටම හිමිකම් කීමට කළු කෙල්ලන් සමත්ව තිබේ. සුන්දරත්වය මනිනා ලෝක සම්මත මිනුම් වෙනස් වෙමින් පවතී.

 

  •  විවාහක ලෝක රූ රැජිණ 2020

( 2019 දෙසැම්බර් 06)

Caroline Jurie (Sri Lanka) 

(1984 ඇරඹි පළමු විවාහක ලෝක රූ රැුජිණ තරගයේ ජයද රෝසි සේනානායක මහත්මිය විසින් ශ‍්‍රී ලංකාවට හිමි කර දුන් අතර එයින් වසර 35 ට පසුව යළිත් ශ‍්‍රී ලංකාව ලෝකයේ හිණි පෙත්තට නංවා තැබීමට මේ කළු යුවතිය ක්‍්රදකසබැ න්‍මරසැ සමත් වුණා

 

  • විශ්ව රූ රැජිණ 2019

(2019 දෙසැම්බර් 08)

Zozibini Tunzi (South Africa)
(දෙවැනි කළු ජාතික විශ්ව රූ රැුජිණ ඇය වන අතර දකුණු අප‍්‍රිකාවෙන් බිහි වූ තුන්වෙනි විශ්ව රූ රැුජිණත්, දකුණු අප‍්‍රිකාවෙන් බිහි වූ පළමු කළු ජාතික විශ්ව රූ රැුජිණත් ඇයයි
 
  •  ලෝක රූ රැජිණ 2019

(2019 දෙසැම්බර් 14)

Toni-Ann Singh (Jamaica)

(1963, 1976, 1993 යන වසර වලදීත් ජැමෙයිකාව විසින් ලෝක රූ රැජිණ කිරුළ දිනා ඇති අතර Toni-Ann Singh එම කිරුළ ජැමෙයිකාවට ගෙනා සිව්වැනි කළු ජාතික සුරූපිනියයි)

ජැමෙයිකානු ජාතික මවකට සහ ඉන්දියානු ජාතික පියෙකුට දාව 1996 වසරේදී උපත ලැබූ 23 හැවිරිදි Toni-Ann Singh. ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උපධිධාරිණියක්. සිය ජයග‍්‍රහණයෙන් පසුව ඒ පිළිබඳ twitter සටහනක් තබන 2019 ලෝක රූ රැජිණ මෙසේ පවසනවා. ”මගේ ජයග‍්‍රහණය ගැන කතා කිරීමේදී එය ලස්සන මත පමණක් පදනම් වූවක් යැයි මට හෝ ඔබට කිව නොහැකියි.

අවංකවම කියතොත් ලස්සන යන්න තිබුණේ ඒ ලැයිස්තුවේ අවසානයටයි. ජැමෙයිකාවේ ශාන්ත තෝමස් හී සිටි ඒ කුඩා කෙල්ල මෙන්ම ලොව පුරා සිටින සියලූ ගැහැනු ළමයිනි කරුණාකර තමා පිළිබඳව විශ්වාස කරන්න. ඔබේ සිහින දිනා ගැනීමට තරම් ඔබ වටිනාකමකින් මෙන්ම හැකියාවකින් යුතු බව දැන සිටින්න.

ඉතින් මේ කිරුළ මගේ පමණක් නොවේ එය ඔබේද කිරුළයි. ” ඉතින් ඇයගේ කළු සම සිහින දිනන්නට බාධාවක් කර නොගෙන ඒ වෙනුවෙන් ශක්තිමත්ව ඉදිරිපත් වූ Toni-Ann Singh දැන් ඇයගේ කාර්යභාරය ලෙස ලොව පුරා උදවු අවශ්‍ය මිනිසුන් වෙනුවෙන් කැපවී ක‍්‍රියා කිරීමට නොයිවසිල්ලෙන් සිටී. ඒ සඳහා සිය අධ්‍යාපනයද මනා පිටුවහලක් වනු ඇති බව ඇයගේ විශ්වාසයයි. මේ යකඩ රෝස මලද නොබියව ලොවක් හමුවේ දිනා පෙන්නුවේ කිරුළක් පමණක්ම නොවේ, ඇයගේ ආත්ම විශ්වාසයයි. ඔබටත් ඔබේ ආත්ම විශ්වාසය මඟින් ඔබේ ජයග‍්‍රහණය හඹා යෑමට මේ සුදුසුම කාලයයි.

 

සිංහ Read Previous

සිංහ

කන්‍යා Read Next

කන්‍යා

Realted Post

Leave a comment