වෙයන් නුඹ පරිස්සම්

යනෙන විට
මඟතොටේ
වෙයන් නුඹ පරිස්සම්
මහ වැස්ස හැම තැනම
ලිස්සලා බිම වැටෙයි
උස අඩි දාලා හෙම
වේගයෙන් නොයනු මැන
දිගම දිග ගවුම් වුව
නොඇද ඉනු මේ ටිකේ
පැටලිලා බිම වැටෙයි
වෙයන් නුඹ පරිස්සම්
එළි බහින හැම වෙලේ
කුඩයකුත් ගෙනියන්න
මේ වැස්සෙ ලෙඩ වෙලා
එපා නුඹ ගෙට වෙන්න
කිරිමට බොහෝ දේ ඇත නුඹට
හෙට දිනට....

  • සංදීපනී  මෙඩේරිගම

අවුරුදු හතකට පස්සෙ චිත්‍රපටියක රඟපෑවා  Bandu Samarasinghe Read Previous

අවුරුදු හතකට පස්සෙ චිත්‍රපටියක රඟපෑවා Bandu Samarasinghe

එයාලට සවන්දෙන්න වෙලාවක්  හොයා ගන්න Read Next

එයාලට සවන්දෙන්න වෙලාවක් හොයා ගන්න

Realted Post

Leave a comment