දඟකාරියන්ට කදිම ගවුමක්

හැඩට අඳින්න කැමති තරුණියන්ට දඟකාර පෙනුමක් ලබාදෙන ලස්සන ගවුම් විලාසිතාවක් මහලා දෙන්නයි අපි මේ සුදානම් වෙන්නෙ.

අවශ්‍ය මිනුම්
උරහිස
පපුව වට
ඉණ වට
ඉණ දක්වා උස
සාය උස

කඳ කොටස ඇඳගැනීම හා කපා ගැනීම
හතරෙන් බෙදා අඟලක් එකතු කරගත් පපුව වට මිම්මට රෙද්ද නවාගන්න. අඟල්  1 1/2 එකතු කරගත් ඉණ දක්වා උසට එහි උස සකසාගත් තිරස් රේඛාවේ දෙකට බෙදාගන්න. උරහිස මිම්ම ලකුණු කර කෙළවරින් අඟල් 1 1/2ක් පහත් කර උරහිස් රේඛාව ඇඳගන්න.
රූපසටහනේ පෙන්වා ඇති මිමිවලට අනුව කර හා කිහිලි කට ඇඳගන්න. හතරට බෙදා අඟල් 1 1/2 ක් එකතු කරගත් අගයට ඉණ වට රේඛාව ලකුණු කර කිහිලි කට හා ඉණ රේඛාව යාකර ඇඳගන්න. උරපටිය අඟල් පහක් දිගට හෝ අඟල් හතරක් සිටින සේ මසාගන්න.
සාය කොටස
ඉහත මැනගත් ඉණ වට මිම්ම මෙන් දෙගුණයක් රෙද්දේ පළල සකසා අවශ්‍ය උසට කොටස් දෙකක් කපාගන්න.
මසන ආකාරය
කරට පේසින් තබා උරපටි දෙක මසා කඳ කොටස මසාගන්න. ඉන්පසු සාය කොටස අවශ්‍ය ප්‍රමාණයට රැලිකර කඳ කොටසට තබා මසාගන්න. අංශය මසා වාටිය ද මසාගෙන ඇඳුම සම්පූර්ණ කරගන්න.

’’ගවුමට සපත්තු දාන්න අවශ්‍ය නැහැ... personal Style එක තේරෙන්නේ නැති නිසයි එහෙම කරන්නේ...’’  Rachel Raj ව්‍යාපාරයේ  නිර්මාතෘ සරීටා රාජේන්ද්‍රන් Read Previous

’’ගවුමට සපත්තු දාන්න අවශ්‍ය නැහැ... personal Style එක තේරෙන්නේ නැති නිසයි එහෙම කරන්නේ...’’ Rachel Raj ව්‍යාපාරයේ නිර්මාතෘ සරීටා රාජේන්ද්‍රන්

සිරිකත Fashion Read Next

සිරිකත Fashion

Realted Post

Leave a comment