බුදු කාමරයට නෙළුම් මලක්

මෙම නෙළුම් මල් නිර්මාණය අපි ඔබට ඉදිරිපත් කරන්නේ ළඟ එන වෙසක් උත්සවය නිමිති කරගෙනය.  නිවෙසේ බුදු කාමරයේ බිත්තියට පමණක් නොව විසිත්ත කාමරයේ බිත්තියකට වුවත් මෙම කතිර මැහුම් නිර්මාණය කදිමය. 

අවශ්‍ය ද්‍රව්‍ය
අයිඩා රෙදි
ටැපෑස්ට්‍රි ඉදිකටුවක්
එම්බ්‍රොයිඩරි රාමුවක්
කතුරක්
නිර්මාණයට අවශ්‍ය  වර්ණ නූල්

 

  • නිර්මාණය සාදාගන්නා ආකාරය

බිත්ති සැරසිල්ලක් විදිහට කතිර මැහුම් මෝස්තරයක් කිරීමේදී වඩාත් උචිත අඟලට 10ක් සහ අඟලට කොටු 16ක් සහිත අයිඩා රෙදි වර්ගයයි.අඟලට කොටු 10ක් ඇති අයිඩා රෙදි තෝරාගන්නේ නම් කැරලි නූල් පොටවල් හතරක් භාවිත කළ යුතුයි. අඟලට කොටු 16ක් ඇති අයිඩා රෙදි භාවිත කරනවා නම් නූල් පොටවල් දෙකක් භාවිත කිරීම ප්‍රමාණවත් වෙයි. ඔබ නිර්මාණය කරන බිත්ති සැරසිල්ල රාමු කිරීමට අවශ්‍ය නම් නිර්මාණය ආරම්භ කිරීමට පෙර රාමු කිරීම සඳහා නිර්මාණය වටා රෙදි කැබැල්ලේ ඉඩ ඉතිරි කර ගැනීමට අමතක නොකළ යුතුයි. ඒ සඳහා නිර්මාණය හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් ඉඩ තබා කපාගන්න. මීළඟට නිර්මාණයට අවශ්‍ය රෙදි සහ නූල් තෝරා ගැනීමෙන් පසුව නිර්මාණය කරන රූපය ඉස්මතු කර ගැනීමට මුලින්ම පින්තූරය වටා කොටු ගණන් කර නූල් ඇදගන්න. එවිට මසා ගැනීම පහසුවෙයි. ඉන්පසු රූපය පෙන්වා දී ඇති සංකේතවලට අනුව කැරලි නූල් භාවිතයෙන් නිර්මාණයේ මැද සිට මසා ගැනීම ආරම්භ කරන්න. නිර්මාණයේ හැඩය මතුකර ගැනීම සඳහා අවශ්‍ය ස්ථානවලට කතිර භාග මැහුම් භාවිත කරන්න.

නූල්වලට සංකේත සඳහා   
A - 904
B - 255
C - 86
D - 19
F- 403 black
G - 280
E - 266
I  - 103
J - 905
K - 845                                       

 

මේ සතිය ඔබට - ඔක්තෝබර් 14 සඳුදා සිට  ඔක්තෝබර් 20 ඉරිදා දක්වා Read Previous

මේ සතිය ඔබට - ඔක්තෝබර් 14 සඳුදා සිට ඔක්තෝබර් 20 ඉරිදා දක්වා

කාලගුණේ රතු වෙලා - පරිස්සමින් Read Next

කාලගුණේ රතු වෙලා - පරිස්සමින්

Realted Post

Leave a comment