සාරියට ක්‍රොප් ටොප් එකක්

සාරියට මෙන්ම  සාමාන්‍ය ගමනට ඇඳිය හැකි ලස්සන ක්‍රොප් ටොප් එකක් නිර්මාණය කර ගනිමු. මෙය වඩාත් ගැළපෙන්නෙ නම් තරුණියන්ටයි.

  • අවශ්‍ය මිමි

උරහිස
පපුව වට
ඉණ වට
කර පළල‍
කර ගැඹුර
අත දිග
පපුව දක්වා උස
හැට්ටයේ උස

  • හැට්ට කොටසේ පතොරම නිර්මාණය කරන අයුරු

01. සිරස් හා තිරස් රේඛා ඇඳගන්න.
02. තිරස් රේඛාවේ උරහිස දෙකෙන් බෙදා ලකුණු කරන්න.
03. එම මිණුමම රැගල් උස ලෙස පහතට ලකුණු කරමින් රැගල් රේඛාව ඇඳගන්න.
04. කර පළල ඔබේ රුචිකත්වය මත (අඟල් 3 1/2ක් 4ක් පමණ)
05. එතැන් සිට අඟල් 1/2 ක් පහත් කරමින් උරහිස හැඩ කරගන්න.
06. දැන් පපුව වට 4න් බෙදූ අගයට අගලක් එකතු  කරමින් ලකුණු කරන්න.
07. දැන් උරහිස රේඛාවේ සිට පහළට පපුව දක්වා උසට අඟල්  1/2ක් එකතු කරමින් ලකුණු කරන්න. හැට්ටයේ උසට අඟල් 1 1/2 ක් එකතු කරමින් ලකුණු කර හරස් රේඛා ඇඳගන්න.
08. රැගල් රේඛාවේ ලකුණු කළ ප්‍රමාණයම පපු රේඛාවේ ලකුණු කරන්න.
09. ඉණ රේඛාවේ ඉන වට 4 න් බෙදා අඟලක් එකතු කරමින් ලකුණු කරන්න.
10. රැගල් උස දෙකෙන් බෙදූ ලක්ෂයෙන් ඇතුළට අඟල්  1/2ක් සහ L හැඩයෙන් ඉදිරියට අඟල් 3/4 ක් ලකුණු කර  ඉදිරිපස අත්කට වක්‍රය ඇඳගන්න.
11. රැගල් රේඛාවෙන් ඇතුළට හැඩවී නොයන පරිදි L හැඩයෙන් ඉදිරියට අඟලක් ලකුණු කර  පිටුපස අත්කට වක්‍රය ඇඳගන්න.
12. දැන් අංශ රේඛාව ඇඳගන්න.
13. දැන් කැමති කර ගැඹුරක් ලකුණු කර ගනිමින් කොටු කර හැඩයක් හෝ කැමති කර හැඩයක් ඇඳගන්න.
14. අවශ්‍ය නම් රැගල් දිග වැඩි කර ගනිමින් අත් කට ඩාටයක් නිර්මාණය කරගන්න.
15. ඩාට් පළල ඉණ සහ පපු රේඛාවල දෙකට බෙදමින් ලකුණු කරන්න. ඉණ ලක්ෂ්‍යයේ ඩාට් ලක්ෂ්‍යයේ දෙපසට අඟල්  1/2 ක් බැගින් ලකුණු කරමින් පපු රේඛාවට අඟලක් පමණ පහත ලක්ෂයට ත්‍රිකෝණාකාරව ඩාටය ඇඳගන්න. අහිමි වන අඟල අංශයට එකතු කරන්න.

  • අත නිර්මාණය කර ගැනීම

පෆ් අත විවිධ හැඩවලට මැසිය හැකි අතර උරහිස මුදුනින් ඉහළට එසවෙන ආකාරයට රැලි සහිතව මසා ගැනීමට අවශ්‍ය නම් මූලික අතේ සිරස් රේඛාව ඉහළින් අගල් 3 ක් උස් කර නැවත අත් කට වක්‍රය උස් කර ඇද ගැනීමෙන් පෆ් අත නිර්මාණය කර ගත හැකිය.
ඊට අමතරව අතේ රැලි ගතිය වැඩි වන ආකාරයට මසා ගැනීමට අවශ්‍ය නම් රූපයේ ඊතලයෙන් දක්වා ඇති අාකාරයට අඟල් 3 ක් ඉහළට හා වම් පසට ලකුණු කළ ලක්ෂයක් ලකුණු කර ඒ දක්වා අත් කට වක්‍රය දීර්ඝ කර කපා ගත හැකිය .  අත උරහිසින් ඉස්සීමට අනවශ්‍යයි නම් වම්පසට ලකුණු කිරීමෙන් වළකින්න .

  • මසන ආකාරය

01. ඉදිරිපස හා පිටුපස පළුවල ඩාට් මසාගන්න.
02. ඉදිරිපස හා පිටුපස පළුවල කර හැඩයන් වලට ගැළපෙන පේසින් කොටස් කපාගෙන කරට තබා මසාගන්න.
03. පේසින් කොටස් සමගම උරහිස මූට්ටු කරන්න.
04. පේසිම කණපිට පැත්තට තබා නවා මසාගන්න.
05. පෆ් අත උරහිස මුදුනට රැලිකර තබා අල්ලා ගන්න.
06. අ‍තේ සිට එක්පැත්තක අංශය මූට්ටු කරගන්න.
07. යට වාටිය නවා මසාගන්න.
08. අනෙක් පැත්තේ අංශයට ඉණේ සිට පපුව දක්වා පමණ ෂිපර් එකක් අල්ලාගෙන ඉතිරිය මූට්ටු කරගන්න.

 

 

කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් ....... Read Previous

කොහෙද තියෙන්නේ පරිපූර්ණ ආදරයක් .......

Launch of the TimLaunch of the Times School of Higher Education  Galle Face Hotel Read Next

Launch of the TimLaunch of the Times School of Higher Education Galle Face Hotel

Realted Post

Leave a comment