රසික දුෂාන්ත ගෙන් පදක්කම් වැස්සක් ....

ඉන්දියාවේ මංගලෝර් හි පැවති පසුගියදා  ජනවාරි  10- 12 දින නිමාවට පත්වුණු පළමු දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේ සියලු වයස් කාණ්ඩයන්ගෙන් සමස්ත තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු හිමි ක්‍රීඩකයා බවට රසික දුෂාන්ත විජේසේන පත්වුණා.

එම තරගාවලියේදී වයස අවුරුදු 35-39 වයස් කාණ්ඩය යටතේ මීටර් 100  ඉසව්ව තත්පර 11.03 කින් නිමා කරමින් දකුණු ආසියාවේ වේගවත්ම ප්‍රවීණ මලල ක්‍රීඩකයා බවට පත්වුණා. එහිදී ඔහු එම වයස් කාණ්ඩයෙන් මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකා ප්‍රවීණ මළල ක්‍රීඩා වාර්තාවද අලුත් කිරීමට සමත් වුණා.

මෙසේ රසික බිඳ දමනු ලැබුවේ, පසුගිය වසරේ 10 වන වරට පැවති ජාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී අදාළ වයස්‌ කාණ්ඩයෙන් මීටර් 100 ඉසව්ව තත්පර 11.20 කින් නිමා කරමින් ඔහු තබා තිබූ වාර්තාවයි.

මීටර් 100 ඉසව්වට අමතරව දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 35-39 වයස් කාණ්ඩයෙන් මීටර් 200 ඉසව්ව තත්පර 23.20 කින් නිම කරමින් රන් පදක්කම හිමිකර ගත් රසික එතනින් නොනැවතී, දුර පෙනීමේ ඉසව්වෙන් තෙවන ස්ථානය සහ මීටර් 100×4 පිරිමි හා මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ තරග වලින් රන් පදක්කම් හිමිකර දීමට සමත් වුණා.

රසික දුෂාන්ත වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

ඔහු ගැන සතුටු වෙන්න හේතු ඕනෑ තරම් -  Dulanjali Ananda Read Previous

ඔහු ගැන සතුටු වෙන්න හේතු ඕනෑ තරම් - Dulanjali Ananda

එකම වැඩේ නැවත නැවත  කරන්න හිතෙන ලෙඩේ Read Next

එකම වැඩේ නැවත නැවත කරන්න හිතෙන ලෙඩේ

Realted Post

Leave a comment