අවන් නැතිව රසම රසට බටර් කප් කේක් හදමු

කේක් හදන්න නම් අවන් එකක්  ඕනැමයි කියා හුඟදෙනෙක් හිතනවා. එහෙත් මේ කේක් එක හදාගන්න නම් අවන් එකක්  ඕනැ වෙන්නේ නැහැ. විනාඩි 20 න් තේ වෙලාවට කප් කේක් එකක් හදාගන්න විදිය ගැනයි මේ කියන්න ලෑස්තිය.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 1 ක්
යෝගට් මේස හැඳි 1 1/2 ක් 
සීනි කප්  1 ක් 
වතුර කෝප්ප 1/2 ක් 
එළවළු තෙල්  1/4 ක් 
කොකෝවා පවුඩර් කප්  1/2 ක් 
බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
වැනිලා තේ හැඳි 1 ක් 

හදන හැටි 

යෝගට්, බිත්තර, සීනී, වැනිලා භාජනයකට දමා හොඳින් මිශ‍්‍ර කර එයට තෙල් සහ වතුර දමා නැවතත් හොඳින් මිශ‍්‍ර කරන්න. දැන් එම මිශ‍්‍රණයටම පිටි සමග කොකෝවා පවුඩර්, බේකින් පවුඩර්, කලවම් කර විස්ක් කරන්න. හොඳින් බටර් තැවරූ කප් කේක් තරම් උස වීදුරු කෝප්පවලට හතරෙන් තුනක පමණ ප‍්‍රමාණයක් ලෙස මිශ‍්‍රණය පුරවන්න. 
ග්ලාස්වලින් භාගයක් පමණ වැසෙන තරම් භාජනයකට වතුර දමා උතුරන විට සාදාගත් මිශ‍්‍රණය සහිත වීදුරු කප් එය තුළ තබා විනාඩි පහළොවක්, විස්සක් පමණ ස්ටීම් කරගන්න. 

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන්පිටි ග‍්‍රෑම් 200 ක්
සීනී ග‍්‍රෑම් 200 ක්
මාගරින් ග‍්‍රෑම් 200 ක්
බිත්තර 4 ක්
බේකින් පවුඩර් තේ හැඳි 01 ක් 
වැනිලා තේ හැඳි 01 ක් 

හදන හැටි 

පළමුව සීනී හා බටර් හොඳින් බීට් කරගන්න. එයට බිත්තර එක බැගින් එකතු කර  ගනිමින් බීට් කරන්න. වෙනම භාජනයකට පිටි හා බේකින් පවුඩර් මිශ‍්‍රකර තුන්වරක් හලාගන්න. පසුව එය ඉහත බටර් මිශ‍්‍රණයට එක්කර කලවම් කරන්න. (බීට් කරන්න එපා. වරකට මේස හැදි දෙක බැගින් එකතු කරමින් මිශ‍්‍රකර ගන්න) වැනිලා ද එකතු කරන්න. දැන් රවුම් කේක් තැටියක තෙල් කඩදාසි අතුරා මිශ‍්‍රණය ඒ මතට දමාගන්න. ඉන්පසු රයිස් කුකරයේ වතුර නටන විට ස්ටීමර් කොටසේ කේක් තැටිය තබා විනාඩි 20ක් පමණ ස්ටීම් කරගන්න. විනාඩි විස්සකින් පසුව ටූත් පික් එකක් කේක් එක තුළට ඇතුළු කර බලන්න. ටූත් පික් එකේ මිශ‍්‍රණය තෙත ගතියට ගෑවී තිබෙනවා නම් තවත් ටික වේලාවක් ස්ටීම් කරගන්න. කේක් එක හොඳින් ස්ටීම් වී තිබේ නම් ටූත් පික් එකේ මිශ‍්‍රණය ගෑවෙන්නේ නැත.  

සිරුරේ සීනි, තෙල් අධික අයට අගුණයි

කප් කේක් දවසේ තේ වෙලාවට හෝ  පවුලේ උත්සව අවස්ථාවක සියලූ දෙනා  සමග රසවිදීමට හැකි කදිම අතුරුපසකි. මෙහි කබෝහයිඩ්‍රේට් සහ මේදය  අධිකය. 
ශරීරරේ බර වැඩි කර ගැනීමට අවශ්‍ය, වෙනත් රෝගී තත්ත්ව නොමැති සාමාන්‍ය අයෙකුට ප‍්‍රධාන ආහාරවේලට අමතරව අතිරේක ශක්ති ජනක ආහාරයක් ලෙස කප් කේක් ආහාරයට එකතු කරගත හැකි ය.
යෝගට් හා බිත්තර මගින්  ශරීරයේ  වර්ධනයට හා අනෙකුත් කි‍්‍රයාවලි සඳහා අවශ්‍ය ප්‍රෝටීන යම් දුරකට ලබාගත හැකියි. එහෙත් දියවැඩියාව, රුධිරගත කොලෙස්ටෙරෝල් ප‍්‍රමාණය වැඩි රෝගී පුද්ගලයන් හා අධික තරබාරු  පුද්ගලයන් මෙවැනි ආහාර සීමා සහිතව කලාතුරකින් ලබා ගැනීම සුදුසුය.

සටහන - නයනා උදයංගනී

 

 

 

 

සිරිකත අවුරුදු කුමරා සහ කුමරිය 2025 Read Previous

සිරිකත අවුරුදු කුමරා සහ කුමරිය 2025

ලංකාවේ ප්‍රථම  YouTube Diamond Play Button එක Wild Cookbook  හිමිකර ගනී... Read Next

ලංකාවේ ප්‍රථම YouTube Diamond Play Button එක Wild Cookbook හිමිකර ගනී...

Realted Post

Leave a comment