කෙට්ටු වෙන්න මෙහෙම කමු
‘‘ඇඟ මහත්වෙලා. බඩත් ඇවිත් නිසා මොන තරම් ලස්සන ඇඳුමක් ඇන්දත් කිසිම හැඩයක් නැහැ.’’
මේ කාලයේ හුඟක් දෙනෙකුට තිබෙන ප‍්‍රශ්නයක් තමයි මේ. අද තිබෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක රැකියාවට ගියාම වැඩිපුර කාලයක් එකම තැන සිටින නිසා සිරුරට හොඳ ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ. ඒ අතර පිටි ආහාරත් වැඩිපුර ගන්න නිසා සිරුරේ බර වැඩි වීම වගේම සිරුරක් මහත් වෙනවා.
ව්‍යායාම කරන්න කාලයත් අඩු නිසා, ඊට හොඳම විසඳුම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවෙන එක. ඒ අතරේ සිරුරෙ බර අඩුකර නිරෝගීව තබන කෑම අතර සැලඩ් විශේෂයි. අපේ රටේ ඒ තරම් ජනප‍්‍රිය නොවුණත්වි දේශිකයින්ගේ කෑම වට්ටෝරු අතර නම් සලාදවලට ප‍්‍රධාන තැනක් හිමිවෙනවා. මේ සෞඛ්‍ය සම්පන්න සැලඩ් ඔබේ නිරෝගීබව සඳහාමයි.
Avocado & Egg Salad 
අවශ්‍ය ද්‍රව්‍ය
අලිගැට පේර ගෙඩි 1 ක්
බිත්තර 2 ක්
කොත්තමල්ලි කොළ මිටක්
ලූණු, ගම්මිරිස් ස්වල්පයක්
මයොනිස් සෝස්
හදන හැටි
මුලින්ම අලිගැටපේරවල පොතු ඉවත් කර කොටු කපාගන්න. ඉන්පසු බිත්තර තම්බා කටු ඉවත් කර කොටු කපාගන්න. කොත්තමල්ලි කොළත් සිහින්ව කපාගන්න. සියල්ල බඳුනකට දමා අවශ්‍ය පමණ ලූණු, ගම්මිරිස් හා මයෝනිස් එක්කර, කලවම් කරගන්න. අවසානයට ඉතිරි වූ කොත්තමල්ලි කොළ සලාදය උඩින් දමා සරසා මේසයට පිළිගන්වන්න.
Mix Vegetable Salad
අවශ්‍ය ද්‍රව්‍ය
බෙල් පෙපර් ගෙඩි 2 ක්
තක්කාලි ගෙඩි 1 ක්
කොළපාට පිපිඤ්ඤා තරමක ලොකු ගෙඩි 1 ක්
ලූනු ගෙඩි 2 ක්
කඩාගත් අයිස් බර්ග(ර්) ලෙටියුස් පොඩි ගෙඩියක්
විනාකිරි මේස හැඳි 1 ක්
දෙහි යුෂ තේ හැඳි 1 ක්
අඹ ක‍්‍රීම් මේස හැඳි 3 ක්
ලුණු
ගම්මිරිස්
ඔලිව් තෙල් කෝප්ප 1/4 ක්
හදන හැටි
විනාකිරි, දෙහියුෂ, අඹ ක‍්‍රීම්, ලුණු, ගම්මිරිස්, සියල්ල පිරිසුදු බෝතලයකට දමා ඔලිව් තෙල් ස්වල්පය බැගින් එකතු කර, පියනකින් වසා හොඳින් සොලවන්න. බෙල්පෙපර්, තක්කාලි, පිපිඤ්ඤා, ලූනු හතරැස් කොටුකපා, අයිස් බර්ග(ර්) ලෙටියුස් සමග හොඳින් කලවම් කර, එයට සාදාගත් සෝස් ස්වල්පයක්ද, එක්කර සරසා කෑමට ගන්න.
Broccoli Soup
බ්‍රොකලි බර අඩුකරනවා වගේම සිරුරට අවශ්‍ය විටමින් විශාල ප‍්‍රමාණයක් ලබා දෙන විදේශිකයින් අතර පවා ජනප‍්‍රිය ආහාරයක්. සිහින් සිරුරකට සිහින මවන ඔබට බ්‍රොකලි සුප් එකක් රාත‍්‍රී ආහාරයට කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩා කොටු කැපූ අල ගෙඩි 2 ක්
කුඩාවට කෑලි කැපූ බ්‍රොකලි ග‍්‍රෑම් 300 ක් පමණ
චොප් කරගත් සුදුලූනු බික් 2 - 3 ක්
සිහින්ව කැපූ ලූනු ගෙඩියක්
බටර් තේ හැන්දක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු
චිකන් හෝ එළවළු ස්ටොක් කෝප්ප 2 ක්
මෙහෙම හදාගන්න
භාජනයක් ලිප තබා බටර් එක්කර රත්වෙන්න හැර සුදුලූනු ටික දමා රත්වෙන්න හරින්න. සුදුලූනු ටික යන්තම් රත්වන විට එයට කැපූ ලූනු එකතු කරන්න. ලූනු ටික රත්වන විට එයට කොටු කැපූ අල සහ බ්‍රොකලි එකතු කරන්න. ඉන්පසු මේ සියල්ල තෙම්පරාදුව සමග හොඳින් කලවම් කරන්න. විනාඩි දහයක් පමණ එසේ කලවම් කර එයට ස්ටොක් වතුර එකතු කර අල සහ බ්‍රොකලි තම්බා ගන්න. තම්බා ගත් බ්‍රොකලි සහ අල ටික නිවෙන්නට හැර බ්ලෙන්ඩ් කරගන්න. අවසානයට බ්ලෙන්ඩ් කරගත් බ්‍රොකලි සුප් එකට රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර උණු උණුවෙන් රාත‍්‍රී ආහාරයට එකතු කරගන්න
Broccoli, Bean sprouts salad 
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බාගත් බ්‍රොකලි මල් කප් 1 ක්
පැළ මුං කෝප්ප 1 ක්
තම්බා කපාගත් බෝංචි කප් 1 ක්
සිහින්ව කැපූ මිංචි කොළ ස්වල්පයක්
තල ඇට ස්වල්පයක්
ඔලිව් ඔයිල් මේස හැඳි 1 ක්
දෙහි යුෂ මේස හැඳි 1 ක්
ලුණු
ගම්මිරිස්
සීනි ස්වල්පයක්
හදන්නෙ මෙහෙමයි
බ්‍රොකලි, පැළ මුං, තම්බාගත් බෝංචි, මිංචි කොළ භාජනයකට දමා කලවම් කරන්න, වෙනම භාජනයකට ඔලිව් තෙල්, දෙහි යුෂ, රස අනුව ලුණු, ගම්මිරිස්, සහ සීනි ස්වල්පයක් එකතුකර මිශ‍්‍රණයක් සාදාගන්න. දැන් සාදාගත් මිශ‍්‍රණය එළවළු ටික ඇති භාජනයට එකතු කර සියල්ල හොඳින් කලවම් කරගන්න. අවසානයට සලාදයට උඩින් තල ඇට ස්වල්පයක් දමා ආහාරයට ගන්න.
නයනා උදයංගනී
Leave a comment