හදන්න ලේසියි පොඩ්ඩොත් ආසයි

පුංචි බබාලා වැඩිපුරම කැමති ඇසට ලස්සනට පෙනෙන දේවල් ළංකරගන්න. බබාලට කෑම කැවීම නම් පහසු වැඩක් නොවෙයි. මේ අතරේ උදේට වැඩට යන මවුවරුන් වගේම ගෘහිණියක් වුවත් උදෑසනට තිබෙන කාර්යබහුලත්වයත් එක්ක බබාගේ කෑම එකත් ඉක්මනින්ම සූදානම් කරන්න  ඕනෑ. කෑමට ටිකක් අකමැති පොඞ්ඩන්ට උදේ කෑම වේල පොඞ්ඩෝ කැමති රසයට පිළියෙල  කළොත් කෑම කැවීම අමාරු වැඩක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ එහෙම පිළියෙල කරගන්න පුළුවන් කෑම වට්ටෝරු කිහිපයක්.

එළවළු පකෝරා (Vegetable Pakora)

අවශ්‍ය දේවල් 
පෙති කැපූ අලගෙඩි 1 ක්
පෙති කැපූ කැරට් අල 1 ක්
දිගට කපාගත් බෝංචි කරල් 3 ක්
පෙති කපාගත් වම්බටු කරල් 01 ක්
ඇලයට දිගට කැපූ බණ්ඩක්කා පෙති කිහිපයක්
කඩල පිටි කෝප්ප 1 1/2 ක්
හාල්පිටි කෝප්ප  1/2 ක්
කහ ස්වල්පයක්
ලූණු

සාදන ක‍්‍රමය
කඩල පිටි, හාල්පිටි, කහ, ලූණු දමා හොඳින් කලවම් කර එයට වතුර එක්කර තරමක ගනකම් බැටර් එකක් සාදාගන්න. පසුව තෙල් රත්කර එයට බැටර් එකේ පෙඟවූ එළවළු දමා ගැඹුරු තෙලේ බැදගන්න. එළවළු කෑමට අකමැති කුඩා දරුවන්ට මේ ක‍්‍රමයට එළවළු මුරුක්කු රසට පිළිගන්වන්න.

කෙසෙල් සමග පෑන් කේක් (Banana Pancake) 

 

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 01 ක් 
මෙල්ට් බටර් මේස හැඳි 2 ක් 
වැනිලා තේ හැඳි 2 ක්
පිටි කෝප්ප 1 ක් 
සීනි තේ හැදි 5 ක් 
කිරි කෝප්ප භාගයක්
බේකින් පවුඩර් තේ හැඳි 1 1/2 ක් 
පෙති කැපූ ඉඳුණු කෙසෙල් ගෙඩි 3 ක්
අවශ්‍ය නම් සිහින්ව කැපූ ඇපල් සහ ස්ට්‍රෝබෙරි

සාදාගන්නා ක‍්‍රමය
භාජනයකට බටර් ටිකක් දමා ලිප තබා දියකර එය වෙනත් භාජනයකට දමා නිවාගන්න. තවත් බඳුනකට බිත්තර, කිරි, රත් කරගත් බටර්, වැනිලා, සීනී දමා හොඳින් වික්ස් කරගන්න. පසුව පිටිවලට බේකින් පවුඩර් දමා හොඳින් කලවම් කර එය ඉහත මිශ‍්‍රණයට කොටස් වශයෙන් දමා කලවම් කර තරමක ගනකමට බැටර් එක සාදාගන්න. පසුව නොන්ස්ටික් පෑන් එකක් ලිප තබා එයට බැටර් එකෙන් හැන්දක් පමණ දමා ඊට උඩින් පෙති කැපූ කෙසෙල් දමා කුඩා බුබුළු මතුවන විට අනෙක් පැත්ත හරවා ගන්න. සාදාගත් කෙසෙල් සහිත පෑන් කේක් පැණි සමග ආහාරයට දෙන්න.

අල පීසා (Potato pizza) 

 

අවශ්‍ය ද්‍රව්‍ය
ග්‍රේට් කරගත් අල ග‍්‍රෑම් 250 ක් (විනාඩි 15ක් වතුරේ පොඟවා ගන්න
සිහින්ව කපාගත් ලූනු 
ග‍්‍රෑම් 100 ක් 
ග්‍රේට් කරගත් කැරට් 
ග‍්‍රෑම් 125 ක් 
කොටු කපාගත් බෙල්පෙපර් ග‍්‍රෑම් 100 ක් 
අවශ්‍ය පමණ ලූණු, ගම්මිරිස් 
පිරිසුදු පොල්තෙල් මේස හැඳි 2 ක් 
බිත්තර 3 ක් 
කිරි කප් 1 ක් 
පිටි කප් 1 ක් 
බේකින් පවුඩර් 
තේ හැඳි 1 ක් 

සාදාගන්නා ක‍්‍රමය
තෙල් රත්කර එයට ලූනු එකතු කර ටික වේලාවකින් කැරට් හා බෙල්පෙපර් එකතු කර විනාඩි 4 ක් පමණ පිසගන්න. එයට ලූණු, ගම්මිරිස්, වතුර පෙරාගත් අල එකතු කරන්න. ඉන්පසු වෙනම භාජනයකට බිත්තර තුනක් හා කිරි කප් එකක් දමා හොඳින් බීට්කර ඉහත අල මිශ‍්‍රණය උඩට දමා හොඳින් කලවම් කර බේක් තැටියට අතුරා ඒ මත ග්‍රේට්  කරගත් චීස් දමා විනාඩි 10 ක් පමණ බේක්කර කෑලි කපාගන්න.

නයනා උදයංගනී 

 

 

 

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය Read Previous

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය

ඉග නෙරියේ රැළි හදාපු - සවන් පතට තෝඩු දාපු සිරිකත කැළණි නදී අවුරුදු කුමර කුමරියෝ 2025  අවසන් මහා තරඟය Read Next

ඉග නෙරියේ රැළි හදාපු - සවන් පතට තෝඩු දාපු සිරිකත කැළණි නදී අවුරුදු කුමර කුමරියෝ 2025 අවසන් මහා තරඟය

Realted Post

Leave a comment