දුස්රා සමග එන රතී - Thilakshini

 

 ඇය දක්ෂ වේදිකා නාට්‍ය  , ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියක්... මේ සෑම අංශයකින්ම දක්ෂකම්  එළිදක්වමින්  ප්‍රේක්ෂකයන් අතරට ඉතා ශීඝ්‍රයෙන් ළංවූ  ඇය තිලක්ෂණි රත්නායක.   සොඳුරු ඇය සමගයි මේ සිරිකත පිළිසඳර.

  • තිලක්ෂණි මොකද කරන්නේ මේ දවස්වල

 මේ දවස්වල  මගේ අලුත්ම චිත්‍රපටිය තිරගත වෙනවා. චිත්‍රපටියට ලැබෙන ප්‍රතිචාරත් සමග සතුටින් ඉන්නවා.

  • ඔබේ රංගන ජීවිතය ආරම්භ වන්නේ වේදිකාවෙන්. ඒ ගැන කතා කළොත්

2011 වසරේදි   නෙරංජන් චන්ද්‍රාදිත්‍ය විසින් නිර්මාණය  වුණු රියැලටි කෙටි වේදිකා නාට්‍යයෙන් රංගන ජීවිතයට පිවිසුණා.  මෙම වේදිකා නාට්‍යයේ රංගනය සඳහා මට සම්මාන ලැබුණා. එතනින් ආරම්භ කළ රංගන ජීවිතයේ මේ වනතෙක්ම රැඳී සිටිනවා.

  • ඔබගේ අලුත්ම චිත්‍රපටය  ගැන කතා කරමුද?

චිත්‍රපටිය දුස්රා. චන්න දේශප්‍රියගේ නිර්මාණයක්. රති කියන චරිතය වටා ගෙතුණු කතාවක්.  රති කියන කාන්තාව  ඇයගේ ජීවිතය සාර්ථක කර ගැනීමට යන ගමන් මාර්ගය ගැනයි මෙයින් සඳහන් වෙන්නෙ.

  • එහි ඔබේ චරිතය ගැන  කතා කළහොත්

 මගේ චරිතය රති. රති කියන්නේ ඉතාමත්  දක්ෂ බුද්ධිමත් තරුණියක්. ජීවිතය සාර්ථක කර ගන්න යන ගමනේදී  ඇයට ගන්න වෙන තීරණ,  සිදුවන දේවල් නිසා ඇයගේ ජීවිතයේ නොහිතපු පැත්තකට පෙරළෙනවා. ඒ වුණත් ඇය ජීවිතය අත්හරින්නේ නැතුව අල්ලගෙන සිටිනවා. ඇය ශක්තිමත්  තරුණියක්.

  • අභියෝගාත්මක චරිත කිරීමේදී අපහසුතාවලට මුහුණ දුන්නද?

අභියෝගාත්මක චරිත ඇතැයි කියා රංගන ශිල්පිනියක්  ලෙස මම සිතන්නේ නැහැ.  වෘත්තීය රංගන ශිල්පිනියන්  විදිහට කැමරාවක් ඉදිරිපිට අපි පුහුණු වන්නේම චරිත නිරූපණය සඳහායි.  චරිත නිරූපණ අභියෝගාත්මකයි කියා  ප්‍රේක්ෂකයන්ට සි​ෙතනවා ඇති. රංගන ශිල්පිනියකට එවැනි චරිත ලැබීම ලොකු වාසනාවක්. අපි පුරුදු පුහුණු වන්නේම  මෙවැනි සංකීර්ණ දේවල් කිරීමටයි. ඉතින් මේ චරිතය මට මගේ ජීවිතේ ලැබුණු ලොකුම අවස්ථාවක්.

  • ඔබයි ඔබගේ සැමියයි දෙන්නම කලා ක්ෂේත්‍රයේ. ඒ ගැන මොකද හිතන්නේ

 සැමියා නලින් ලුසේනා. ඔහු රංගන ශිල්පියෙක්. එය ලොකුම පහසුවක්. දෙන්නම එකම ක්ෂේත්‍රයේ  සිටින නිසා නිර්මාණයක් ගැන වුවත්  කතාබහ කරන්න පුළුවන්. කලා ක්ෂේත්‍රයේ තිබෙන සෑම දෙයක්ම ඔහුත් දන්න නිසා  අපිට අපේ ජීවිතේ ගෙනියන්න හරි ලේසියි.  එවැනි සැමියෙක් ලැබීම මට ලොකු වාසනාවක්.

  • නිර්මාණ තෝරා ගැනීමේදී  දෙදෙනා දෙදෙනාට සහයෝගය ලබා දෙනවාද?

නැහැ. ඔහුට අවශ්‍ය නිර්මාණය කුමක්ද කියා තෝරාගන්න ඔහුටම අදහසක් තිබෙනවා. මට අවශ්‍ය නිර්මාණය කුමක්ද කියා තෝරා ගැනීමට මට අදහසක් තිබෙනවා.  තම තමන්ගේ කැමැත්ත පරිදි නිර්මාණ තෝරා ගන්නවා. නිර්මාණය තෝරා ගත් පසුව දෙදෙනාම ඒ පිළිබඳ කතාබහ කරනවා'

  • දෙදෙනාම එකම ක්ෂේත්‍රය නිසා දෙදෙනා වෙනුවෙන් කාලය වෙන් කර ගන්නේ කොහොමද

හොඳ අවබෝධයකින් ඉන්නවනම් එය හරිම පහසු කාර්යයක්. දෙදෙනාම නිවසේ ‍රැ​ෙඳන අවස්ථාවල සාමාන්‍ය විදිහට ගත කරනවා.  දැනටනම් අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. ඔහු නිවසේ ‍රැඳෙන අවස්ථාවල  නිවසේ කටයුතු ඔහු අතින් සිදුවෙනවා. මම රැඳෙන අවස්ථාවල මම ඒ වැඩකටයුතු  කරනවා.

  • ඉදිරි බලාපොරොත්තු වෙනවද?

රංගනය පිළිබඳ තවදුරටත් හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.  ඉදිරියේදී  වේදිකා නාට්‍ය සඳහා වැඩි කාලයක් යොදවන්න කැමතියි. ඒ වගේම නවතම සිනමා නිර්මාණ වලට දායකත්වය ලබාදීමටද බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

ස්වයං වින්දනය වරදක්ද? Read Previous

ස්වයං වින්දනය වරදක්ද?

සියල්ලටම ඉහළින්  ඔබේ ආත්ම ගෞරවය Read Next

සියල්ලටම ඉහළින් ඔබේ ආත්ම ගෞරවය

Realted Post

Leave a comment