නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ

 


සිංහල අලුත් අවුරුද්ද යනු අහඹු ලෙස ඇතිවන්නක් නොවේ. බක් මාසයේ 13 සහ 14 වැනි දිනවල සිංහල අලුත් අවුරුද්ද යෙදෙන බව කවුරුත් දන්නා කාරණාවකි. එම නිසා අවුරුද්ද කට ළඟටම එන තෙක් නොසිට ඒ සඳහා කල්වේලා ඇතිව සුදානම් විය හැකිය. සමහර අවස්ථා වලදී යම් යම් දේවල් අතපසු වන්නේ අවුරුද්ද කට ළඟටම ආවායින් පසුව වැඩ කටයුතු කරන්නට යාමෙන්ය. අවුරුදු උදාව ගැන අප දැනගන්නේ පරිසරයෙන් ලැබෙන පණිවිඩවලිනි. කොහාගේ නාදය, එරබඳු මල් පිපිම සහ ගස්වල මල් සහ ගෙඩි හට ගැනීම වැනි පරිසරයේ සුන්දර වෙනස්වීම් අවුරුදු ළඟ එන බවට නිමිතිය.


අවුරුදු කාලයේ මුළුතැන්ගෙට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අවුරුදු කාලය කිට්ටුවට පැමිණෙන විට පොල් ගස්වලින් වැටෙන කොළපු හා හනසු එකතු කර මිටි බැඳගන්නේ අවුරුද්දට කෑම සෑදීමටය ඒ වාගේම අලුත් අවුරුද්දේ මුලික අංගය වන ආහාර පිළියෙල කිරීමේදී අවශ්‍ය බඩු බාහිරාදිය වේලාසනම එක්ක්රැස් කරගෙන තබා ගනී. ආහාර පිසීමේ චාරිත්‍රයට පෙර ලිප පිළියෙල කර ගැනීමට අලුත් මැටි ගසා අලුතින්ම ලිප් බැඳීම ද අවුරුදු කාලයේ විශේෂ අංගයකි. එහිදී නිවසේ ගෘහ මූලිකයා වන තාත්තා විසින් මැටි ගා අලුත් ලිප් බැඳ දෙන්නේය. අද වන විට බොහෝ නිවෙස්වල ලිප් බැඳීම දකින්නට නොලැබේ. එයට හේතුව අදවන විට සෑම නිවසකම මුළුතැන්ගෙය යාවත්කාලීන වීමයි අද වන විට බොහෝ නිවෙස්වල අලුත් අවුරුද්ද සඳහා කැවිලි වර්ග වෙළෙඳ පොළෙන් මිලදී ගන්නට පුරුදු වී සිටියි. නමුත් ඉස්සර සෑම නිවසකම කැවිලි වර්ග නිවසේදීම සෑදීම අවුරුදු චාරිත්‍රයක් ලෙස පැවතිණි. අද මෙන් එදා නෑගමන් යන විට කේක් බිස්කට් රැගෙන ගියේ නැහැ. ඒ කෙසේ වෙතත් අදටත් බොහෝ නිවෙස්වල මුළුතැන්ගෙයි චාරිත්‍ර ඒ ආකාරයෙන්ම නැතත් ඒ හා සමානව සිදු කිරීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. අවුරුදු සමයේ මුළුතැන්ගෙයි තවත් විශේෂ අමුත්තෙකු සඳහා ඉඩක් වෙන් වේ. ඒ අලුත් අවුරුදු කාලයට නිවසට පැමිණෙන කෝඳුරුවන්ටය. ඒ කෝඳුරුවන් නිවසේ එල්ලෙන නූලක. මකුළු දැලක හෝ දුමේ ඇති දුම්රොටු මත රංචු පිටින් එල්ලී සිටිති. මේ කෝදුරුවන් වෙනුවෙන් කැවුමක් වෙන්කර තැබීමට අපේ අම්මලා පුරුදු වී සිටියහ. මෙවැනි ස්වාභාවික අසිරියන් සමග ගෙවන අලුත් අවුරුද්දක් අපෙන් පසු පැමිණෙන වාසනාවක් නැත. පරම්පරාවට දකින්නට වාසනාව නැත. 

අදහස් - ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න 

සටහන - ඉෂංකා ජයසූරිය

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට Read Previous

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට

සිංහල හින්දු අලුත් අවුරුද්ද, සාහිත්‍යය සහ සමාජය Read Next

සිංහල හින්දු අලුත් අවුරුද්ද, සාහිත්‍යය සහ සමාජය

Realted Post

Leave a comment