පාට කුරුල්ලෝ ගගුලි එක්ක කතා බහක් - Dewmini

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ 2019 වසරේ Miss Sri Lanka ලෙස තේරී පත් වූ දෙව්මිනී තත්සරණි සමගයි මේ සුහද  පිළිසඳර. මේ  දිනවල විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය නිසා ඇයට වැඩි   ප්‍රේක්ෂක අවධානයක්ද ලැබී තිබෙනවා. 

  • රංගනයට පිවිසෙන්නේ කොහොමද? 

මම 2019 වසරේ චන්දිමාල් ජයසිංහ සහ ඉන්දුමාලා රාජපක්ෂ එකතු වී පැවැත්වූ අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඒ වගේම 2019 වසරේ Miss Sri Lanka for miss world තරගයේද කිරුළ දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හරහා තමයි මට මේ ක්ෂේත්‍රයට පැමිණෙන්න අවස්ථාව ලැබෙන්නෙ.

  • රූ රැජින තරගයට අයදුම් කරද්දී පවුලේ අයගේ ප්‍රතිචාර කොහොමද ?

අම්ම නම් ගොඩක් ආසාවෙන් හිටියෙ, නමුත් මුලින්ම නම් තාත්තා කැමති වුණේ  නැහැ, මගේ කැමැත්ත නිසා තාත්තා මාව එක්කගෙන ගියා. තරගයේ පුහුණුවීම් කාලය තුළ තාත්තා මාත් සමගම සිටියා. එතනදී තාත්තටත් තේරුණා මේක හොඳ අවස්ථාවක් සහ  එයින් ලොකු වටිනාකමක් මගේ ජීවිතයට ලබා ගත හැකි බව. ඉතින් මට පවුලෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. 
 පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයට ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද? 
ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියා මේ අවස්ථාව ලබා දුන්නෙ, ඉතින් ගොඩක් ස්තූති කරනවා. 

  • එහි චරිතය ගැන කතා කළොත්

පාට කුරුල්ලො හි මම රංගනයෙන් දායක වෙන්නෙ "ගගුලි" කියන චරිතයට. හැබැයි  නපුරු, කටකාර චරිතයක්. ප්‍රේක්ෂකයො නම් මේ දිනවල ගොඩක් ගගුලිට බණිනවා.  සමාජයේ ගගුලි වගේ අය ඉන්නවා, ඒ මානසික පීඩනය විඳින අය ඒක හොඳටම දන්නවා. ඉතින් මම හිතනව ගගුලිට බැණ්නට මට ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය අඩුවීමක් වෙන්නෙ නැති වෙයි කියල.

  • ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක්ද?

ඔව්, මම රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ද වන නිසා ඉදිරියට මේ ක්ෂේත්‍ර දෙකේම වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා.
චරිත තෝරා ගැනීමක් කරනවද? 
ඔව් , තිර රචනය  අනුව සහ චරිතාංග නිළියක් වශයෙන් සමාජයට වැදගත්, හොඳ සන්නිවේදනයක් කළ හැකි චරිත රඟපාන්න කැමතියි.
අද ඉන්න තැන ගැන මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. 

  • විලාසිතා කිරීමේදී තෝරා ගැනීම් කරනවාද?

ඔව්, මම විලාසිතාවලට ගොඩක් උනන්දුයි සහ කැමතියි ,ඒ වගේම new fashion trends follow කරනවා. නමුත් මගේ personality එකට වගේම ශරීරයටද ගැළපෙන විලාසිතා තෝරාගන්නවා. 
දිගටම රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටිනවාද?
ඔව් මම රංගන ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි, ආදරෙයි. ඉතින් මගේ බලාපොරොත්තුව රංගන ක්ෂේත්‍රයේ රැඳි සිටින්නයි.

  • රංගනයේදී අනෙක් අයගෙන්  ලැබෙන සහයෝගය කොහොමද? 

දැනට නම්  විශාල සහයෝගයක් මට ලැබෙනවා. විශේෂයෙන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.  ඒ වගේම සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තිබෙනවා  සහ ඉගෙන ගන්න ලැබෙනවා. මගේ රංගනයේ යම්කිසි දක්ෂතාවක් දකිනවා නම් එහි ගෞරවය අනිවාර්යයෙන්ම ඔහුට ලැබිය යුතුයි. ඒ වගේම පාටකුරුල්ලොහි සියලුදෙනාගෙන්  ලැබෙන සහයෝගයට ඉතා ගෞරවයෙන් ස්තූති කරනවා.  

කන දේවල් වමනේ දාන්න හිතෙන - Anorwxia Nervosa Read Previous

කන දේවල් වමනේ දාන්න හිතෙන - Anorwxia Nervosa

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට Read Next

ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත් ශ්‍රී ලංකාවට

Realted Post

Leave a comment