සිංහබාහු චිත්‍රපටයේ චරිතයට මම හරි ආසයි - Radin Randiv

රියැලටි වැඩසටහනකින්  ජයග්‍රහණය ලබා  කලා ක්ෂේත්‍රයට  පිවිසි  ළමා රංගන ශිල්පියෙකි රදින් රන්දිව්. නිර්මාණ රැසකට රංගනයෙන් දායකත්වය ලබා දුන් ඔහු සිංහබාහු චිත්‍රපටයටද රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.  මේ සටහන සැකසෙන්නේ රදින් සමග අප කළ කෙටි කතාබහකින්.

  • රදින්  මේ දවස්වල මොනවද  කරන්නේ?

මේ දවස්වල ඉසුරු ගුණතිලකගේ ශේෂ   චිත්‍රපටය තිරගතවීමට නියමිතව  තිබෙනවා. ඒවගේම ඉගෙනීම් වැඩ කටයුතු කරගනිමින්  රංගනය සඳහාද  සහභාගී වෙනවා.

  • රදින්ගේ විස්තර මොනවද?

මම පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලයේ  අට වසරේ ඉගෙනුම ලබනවා මගේ නිවසේ  සිටින්නේ අම්මයි , අප්පච්චි,  ආච්චියා, නංගියි, මමයි.

  • රංගනය  ආරම්භ කරන්නෙ මොන කාලෙද? 

කුඩා කාලයේ සිටම වෙළෙඳ දැන්වීම් වලට සහභාගි වී තිබෙනවා. හිතවත්  මාමා කෙනෙකුගේ මාර්ගයෙන්  සිංහබාහු චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉන්පසු  ටෙලි නාට්‍ය චිත්‍රපට  නිර්මාණ කිහිපයකට දායකවෙන්න අවස්ථාව ලැබුණා.

  • රංගන වැඩ කටයුතු නිසා පාසලේ වැඩ කටයුතු අතපසු වෙන්නේ නැද්ද

එහෙම වෙන්නේ නැහැ. පාසලේ විදුහල්පතිතුමිය මහේෂිකා රූපසිංහ මහත්මිය,  මගේ පන්තිභාර  ගුරුතුමිය සුනීතා මහත්මිය ඇතුළු  සියලුම ගුරුවරුන්ගෙන්  මට ලොකු සහයෝගයක් ලැබෙනවා.  ඒ වගේම මට රූගත කිරීම ඇති දවස්වලට මගේ පන්තියේ මිතුරන්  අතපසුවන සටහන්  මට එවනවා.

  • මවුපියන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඔවුන් දෙදෙනාම මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.  රංගනය සඳහා අවශ්‍ය උපදෙස් ද ලබා දෙනවා.

  • රඟපෑමට අමතරව මොනවද කරන්නේ?

සංගීතය  නර්තනය  සහ චිත්‍ර  ඇඳීම   වැනි දේවලුත් හදාරනවා.  මගේ විනෝදාංශය  චිත්‍ර ඇඳීම සහ  ගිටාර් වාදනය.   මගේ සංගීත ගුරුවරයා සමන් මහතා. 

  • තරගවලටත් සහභාගිවෙලා තියෙනවද? 

ඔව්. ජයග්‍රහණ ද ලබාගෙන තිබෙනවා.  අපේ  වේදිකා නාට්‍ය ය රාජ්‍ය ළමා වේදිකා නාට්‍ය උලෙළේ අවසන් වටය සඳහා තේරී පත්වුණා. ලබන 5 වැනිදා තරගය පැවැත්වීමට නියමිතයි.  තනූජා ගුරුතුමියගෙන්  සහ අහස් ගුරුතුමාගෙන්  මේ සඳහා අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා.

  • ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ නර්තනය ලස්සනයි කියා ගොඩාක් නැන්දලා, මාමලා  මට කියලා තිබෙනවා. ඒ වගේම  එයාලා ගොඩක් මට ආදරෙයි. මගේ මිතුරන්ගෙනුත් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

  • අනාගත බලාපොරොත්තුව මොකක්ද?

හොඳින් අධ්‍යාපනය ලබාගෙන වෛද්‍යවරයෙක් වෙලා  ඒ අතරතුර රංගන කටයුතු කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. 

     

 

කටට බ්‍රේක් තියාගන්න Read Previous

කටට බ්‍රේක් තියාගන්න

Doctor යි - ඔබයි Read Next

Doctor යි - ඔබයි

Realted Post

Leave a comment