’’නග්න’’ කුණුහරපයක් නෙමෙයි. NUDE Bodyයක රහක්

 

නිරූපණ කලාව කියන්නේ ලංකාවේ නමක් ගිය ක්ෂේත්‍රයක්. නමුත් වෘත්තිමය වශයෙන් නිරූපණ කලාවට නැඹුරු වුණ අය ඉන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙක්. ඒවගේම නග්න නිරූපණ ශිල්පීන් හරිම අඩුයි. ඒ අතරින් ගයත්‍රි ජයමාන්න කියන්නේ ලංකාවෙ නග්න නිරූපණ කලාවේ ප්‍රබල හැරවුම් ලක්ෂයක්. නිරන්තරයෙන් කතා බහට ලක්වූ ඇය ගැන මේ දවස් වලත් නැවත කතා බහට ලක් වෙනවා. ඒ එළිදැක්වුණු ඇගේ අලුත්ම ෆොටෝ ෂූට් එක ඔස්සේ. ටික කලක් නිහඬව ඉඳලා කරපු මේ අලුත් වැඩේ ගැන සිරිකත Online අපි ඇගෙන්  විමසීමක් කළා.

 

 කොහොමද අලුත්  වැඩේ ? 
ඇත්තටම සාර්ථකයි. මොකද මේක මගේම නිර්මාණයක්.මම සැලසුම් කරපු දෙයක්. තමන්ගේම දෙයක් කරලා එළියට දාන්න පුළුවන් වීම ගැන තියෙන්නේ ලොකු සතුටක්.

 

 ඇයි මෙච්චර දවසක් නිහඬව හිටියේ ? 
රට තුළ තියෙන ආර්ථිකමය ගැටලුත් එක්ක වැඩ ටික පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තිබුණේ. කොහොමත් මම වැඩිය දඟලන කෙනෙක් නෙමෙයි. හරි දෙයක් කරලා එළියට දාන කෙනෙක්. එක අතකට නිහඬ බවත් හොඳයි. මොකද නිහඬ බව තුළ ඉඳලා හරි නිර්මාණයක් එළියට දාන්න පුළුවන්.

 

 ලංකාවෙ නිරූපණ කලාව ගැන මොකද හිතෙන්නේ? 
ලංකාවේ නිරූපණ කලාව තුළ වෘත්තිමය වශයෙන් වැඩ කරන පිරිස යම් මට්ටමක හිටියත් බහුතරයක් නියෝජනය වෙන්නේ වෘත්තිමය භාවයක් නැතුව. නිරූපණ ක්ෂේත්‍රය තුළ පමණක් නෙමෙයි, ඕනෑම ක්ෂේත්‍රයක් තුළ ඉහළට යන්න වෘත්තියමය භාවය කියන දේ ඉතාමත් වැදගත්. ඒ නිසා ඒ ගැන තියෙන්නේ ලොකු කනගාටුවක්.

 

 නග්න නිරූපිකාවක් විදිහට ලංකාවෙ නිරූපණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික මතවල බලපෑම ඔබ දකින්නේ කොහොමද? 
සංස්කෘතිය කියන දේ පෙරමුණු කරගත්ත රටක තමයි අපි ජීවත් වෙන්නේ. මම විශ්වාස ක

රන දෙයක් තමයි සංස්කෘතිය කියන දේ හදාගෙන තියෙන්නෙ මිනිසා විසින් ම යි. මම දකින විදියට හිසේ සිට දෙපතුළ දක්වා ඇඳුමකින් වහගෙන ඉන්නවා කියන එක නෙමෙයි සංස්කෘතිය කියන්නේ. සංස්කෘතිය ඇතුලේ  ප්‍රධානම සාධකය වෙන්න ඕනේ මානුෂීය ගතිගුණ. ඒක නිසා නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්නව නම් තමන් අඳින විදිහ නෙමේ වැදගත් වෙන්නේ. තමන් කරන දෙයට දෙන දායකත්වය කොපමණද කියන එක වගේම තමන් තමන්ගේ වෘත්තියට කොපමණ ආදරය කරනව ද කියන එක තමයි ප්‍රධානතම සාධකය විය යුත්තේ.

 

 ඇඟ පේන්න ෆොටෝ ෂූට්  එකක් කළොත්,  ඇඟ විකුණන වැඩක් කියන තැන තාමත් ඉන්නවා. ඒක වෙනස් කරන්න මොනව ද කරන්න පුළුවන් ? 
නිරූපණ  ශිල්පියෙක් හෝ ශිල්පිණියකගේ  වෘත්තීය වෙන්නේ නිරූපණය. මට මේ ඇඳුම අඳින්න  බෑ කියන්න ඔවුන්ට බැහැ. මොකද ගොඩක් වෙලාවට ඩිසයිනර් කෙනෙක් කෙනෙක් ඩිසයින් කරපු ඇඳුමක්  නිරූපණ ශිල්පියා හරහා ප්‍රමෝට් කරන එක.  නිරූපණ ක්ෂේත්‍රයේ නියුතු කෙනෙක් තමන්ට නීති-රීති රෙගුලාසි දාගන්නව නම් හොඳම දේ  ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නැතුව ඉන්න එක. නිරූපණය කියන්නේ ලේබල් එකක්. එක දාගත්තට පස්සෙ නීති රෙගුලාසි අදාල නෑ .

 

 නිවුඩ් ෆොටෝ ෂූට් කලාවට ලංකාවෙ තැනක්  ඇති වෙයිද? 
ලංකාවේ නිරූපණ කලාව ගත්තොත්  කැටගරීස් ගොඩක් තියෙනවා . ඒ අතරින් නිවුඩ් කියන්නේ නග්න නිරූපණ කලාවට. ඒක වෙනමම ලෙවල් එකක්. මම තාම ලංකාවේ දකින්නෙ නැහැ පොෆෙෂනල් මට්ටමේ නිවුඩ් ලෙවල් එකක් ෆිමෙල්, මේල් දෙපැත්තෙන්ම. නග්න නිරූපණ කලාව කියන්නේ මොකක්ද කියලා කවුරුවත් හඳුනාගෙන නැහැ. ගොඩක් අය දන්නෙ නැහැ තමන් මොකක්ද කරන්නේ කියලා. ඉස්සෙල්ලා තමන්ව අඳුනගන්න. නිර්මාණ තමන් විසින්ම බිහි කරන්න.

 

 මේ දවස්වල මොකද කරන්නේ ? 
උපරිම කැපවීමෙන් උපරිම උත්සහයෙන් උනන්දුවෙන් මට මං ගැන ගුණාත්මක විශ්වාසයකින් යුතුව මගේ වැඩ ඉතාමත් සාර්ථකව කරගන්න මේ දවස් වල අවධානය දීලා තියෙනවා. මං මාත් එක්කම තරඟ කරන්න හරි ආසයි. ඒක ක්‍රියාවට නංවන්න මූලික අඩිය තියන ගමන් ඉන්නේ. ඒකට මගෙන් වෙන්න ඕනේ මොනවද කියලා මේ දවස් වල හොයන ගමන් ඉන්නේ. මම හයියෙන් ඇවිදින කෙනෙක්. ඒත් වැඩක් කරන කොට හොඳට ප්ලෑන් කරලා, හොඳට හිතලා ලස්සනට පරිස්සමට හරි තැනට අඩිය තියන්න ඕන.

 

 2023  ඔබේ සැලසුම් මොනවද ? 
2023 සාර්ථක අවුරුද්දක් කියල මගේ හදවතේ තියෙනවා. මම අලුත් වැඩක් පටන් ගන්න ඉන්නවා.මගේම පොඩි වැඩක් කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. ඒක ගැන පස්සේ කියන්නම් .

 

 නිරූපිකාවක් වීම ගැන ආපසු හැරිලා බලද්දී කළකිරීමක් තියෙනවද? 
කිසිම කලකිරීමක් නැහැ. හරිම සතුටුයි. සතුට කියන්නේ මගේ වෘත්තිය තුළ සතුට. අඩුපාඩුවක් නොවෙන්න වැඩ කරන්න මම කැමතියි. ඊළඟ ෂූට් එකේදි  කලින් වැරදි වෙන්න බැහැ. කවුරුවත් මගේ අඩුපාඩු දකිනවට වඩා මම ආසයි මම මං ගැනම අධ්‍යයනය කිරීමක් කරන්න. මට පසුතැවෙන්න කිසිම හේතුවක් නැහැ. මම තෝරගත්ත වෘත්තිය සම්බන්ධව ඉතාමත් සතුටු වෙනවා.

 
 ඔබේ  ඊළඟ  බ්ලාස්ටර් එක මොන වගේ එකක් වෙයිද ? 
බ්ලාස්ටර් කියන්නේ පිපිරීමක්. ඒ කියන්නේ ඉතා දරුණු විනාසයක්. හැබැයි මං කවදාවත් මගේ වෘත්තියට විනාසයක් කරන්නේ නැහැ. තවදුරටත් මේක ඇතුළෙ මට කරන්න පුළුවන් මොනවාද ? තව ටිකක්  මේ ක්ෂේත්‍රය ඉහළට ගෙනියන්න මගේ පැත්තෙන් මොනවද කරන්න පුළුවන් කියලා මම හොයනවා. කොහොමත් එකදිගට පිපිරිලා යනකොට  කිසිම රහක් නෑනේ. ඉඳලා ඉදල පිපිරෙනකොට  තමයි රහක් තියෙන්නෙ. මාත් හරි ආසයි මගේම දෙයක් නිර්මාණයකට බිහි කරන්න .අලුත් දෙයක් වගේම වෙනස් දෙයක් කරන්න  .

කේ.ජේ.ටී.නෙත්මි තෂාරා.

More pic


 

Launch of the Times School of Higher Education Read Previous

Launch of the Times School of Higher Education

පොලිසියත් එක්ක බත්කන ගිරවා Read Next

පොලිසියත් එක්ක බත්කන ගිරවා

Realted Post