අපි දෙන්නාව බන්දලා හුඟක් කල්

 

 

වසර 2017 හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් පුංචි තිරයට ගොඩ වූ ඇය කෙටි කාලයක් තුළ ප්‍රේක්‍ෂක ආදරය ඉහළින්ම දිනාගත් රංගන ශිල්පිනියකි. ඇය පූජනී භාග්‍යා. 
හුස්මක් තරමට, අසංවර වැස්සක්, අපි අපේ වැනි නිර්මාණ හරහා පුංචි තිරයන් ප්‍රේක්‍ෂක ආකර්ශණය දිනාගත් පූජනී සමග අපි කතාබහ කළා. 

 


මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?
මේ දවස්වල දායක වන අලුත්ම ටෙලි නාට්‍යය තමයි ඉන්දික ධර්මතිලක මහතා අධ්‍යක්‍ෂණය කරන මැස්සා. එය ස්වර්ණවාහිනියේ සෙනසුරාදා, ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට  විකාශනය වෙනවා. 
ඊට අමතරව මේ දිනවල අලුත් ටෙලි නාට්‍යයක රූපගතකිරීම් කරගෙන යනවා. 

 


මීට පෙර නිතර ටෙලි තිරියේ දකින්න ලැබුණු පූජනී දැන් වැඩ කරන්නේ අඩුවෙන්ද?
ඇත්තටම පහුගිය කාලේ නිර්මාණ ගණනාවකටම ආරාධනා ලැබුණා. ඒත් මම ඉස්සර වගේ දැන් එක දිගට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම වැඩ බදාගත්තේ නැහැ. භාරගත් නිර්මාණ දෙකේ වැඩ කරගෙන යනවා. 

 

පහුගිය කාලේ බාහිර පෙනුමක් වෙනස් කරගන්නේ ඒකාකාරි චරිතවලින් මිදෙන්නද?
ඇත්ටම ඔව්. හැමදාම මට ලැබුණෙ ගැමි චරිත. ඒ නිසා පසුගිය විවේකීව හිටපු කාලේ මගේ දිග කොණ්ඩේ කපලා කලර් එකක් දාලා බාහිර පෙනුම ටිකක් වෙනස් කරගත්තා. මගේ වෙනස් වුණු බාහිර පෙනුම එක්ක ලැබුණු  පළමු චරිතය තමයි පිංකි. ඒ චරිතය හරිම වෙනස්.

 


‘පිංකි’ ගැන කතා කළොත් 
පිංකිව මැස්සා නාට්‍යයේදි නම් දෙකකින් හඳුන්වනවා. මේ චරිතය රැකියාව කරන තැන අය හඳුන්වන්නෙ සඳමාලි කියලා. ඇය වතු පරිසරයක ජීවත්වෙන ටිකක් සැර, නපුරු කටසැර තරුණියක්. හැබැයි ඇයගේ කට සැර නපුරු ගති ටික එළියට එන්නේ අසාධාරණයක් ඉදිරියේදී විතරයි. හරියට කිව්වොත් පිංකි කියන්නේ හීන මැරුණු තරුණ ජීවිත අතර ඉන්න තවත් තරුණියක්. 
මැස්සාට ඉන්නේ දසුන් පතිරණ අයියා. ඔහුවත් ආදරයෙන් මතක් කරනවා. මේ චරිතය ගොඩ නගාගන්න ඔහුගෙන් ලොකු සහයක් ලැබෙනවා. 


පූජනීට සිනමාවෙන් ආරාධනා ලැබෙනවා අඩුයිද?
මගේ එකම හීනය වුනේ සිනමා නිළියක් වෙන එක. මගේ පෙනුම එක්ක මං ඒ අවස්ථාව ලැබේවි කියලා හිතුවත් මට ඒ අවශ්‍ය කාලෙදි ඒ අවස්ථාව ලැබුණෙ නැහැ. පහුකාලීනව අවස්ථා කීපයක්ම ලැබුණා. ඒත් ඒ චරිත මට ගැළපෙන්නේ නැති නිසා ප්‍රතික්ෂේප කළා. සීමාවන්ගෙන් පිට චරිත මම භාරගන්නේ නැහැ. මොකද ලංකාව වගේ රටක සීමා නැතිව  වැඩ කරන්න හරිම අමාරුයි. 

 


නිවේදන පැත්තෙන් මොනවද අලුත් වැඩ?
මේ දවස්වල සිරස නාලිකාවේ සෙනසුරාදා සවස 3.30 ට “ලවර්ස් ලේන්” කියලා වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ආදරය ගැන තමයි ඒ වැඩසටහනෙන් කතා කරන්නේ. රංගනයටත් වඩා මම කැමති නිවේදනයට. 

 


හැමෝගෙම ආදර කතා අහන පූජනි, ඔයාගේ ආදර කතාව කියන්නේ කවදද?
ඒ ආදර කතාව කියන්න නම් තව අවුරුද්දක් විතර යාවි. ඒ ආදර කතා මම කියන්න ඉන්නේ විවාහ වෙනවා කියලා සියලු දේ සැලසුම් වුණාට පස්සේ. අවුරුදු 3ක ආදර කතාවක් මට තියෙනවා. 

 


ගයාන් සහ පූජනි ගැන කතා කරන්න මේක හොඳම වෙලාව නෙවෙයිද?
ගයාන් මට මුණ ගැහෙන්නේ 2019 දි හුස්මක් තරමට ටෙලි නාට්‍යයේදි. ටිකෙන් ටික අපි දෙන්නා හොඳම යාළුවෝ වුණා.


ඊට පස්සේ අපි දෙන්නට පොටෝ ෂූට් කිහිපයකට පෙනී ඉන්න අවස්ථාව ලැබුණා. එවත් එක්ක අපි දෙන්නා විවාහ වෙලා කියලා සමාජ මධ්‍යවල ප්‍රචාරය වුණා. අපිව ගොසිප්වලින් නම් හුඟක්දෙනා කසාද බන්දලා. ඇත්තටම ගයාන් මම විවාහ වෙනවද? ඒ ආදර කතාව මොකක්ද කියලා දවසක කියනවා. මේක ගයාන් මම ගැන කතා කරන්න හොඳම වෙලාව නෙමෙයි. මට මේ ක්ෂේත්‍රයේ මුණ ගැසුණු විශ්වාසවන්තම පුද්ගලයා ගයාන් ගුණවර්ධන. 


අපි අතර ලොකු බැඳීමක් තියෙනවා. අපි දෙන්නාගේ අදහස් ගොඩක් දේවල් සමානයි. හිතන පතන විදිය එක වගෙයි. සැමියා විදිහට වුණත් තෝරාගන්න සුදුසුකම් ගයාන් ළඟ තියෙනවා. ගයාන් කියන්නේ මගේ ජීවිතේ විශේෂ කෙනෙක්. අපි ජීවිතේ බලාපොරොත්තු වෙන හැමදේම අපට ලැබෙන්නේ නැහැ. දෛවය ලියලා තිබුණොත් දවසක ගයාන් සහ මම ගැන අපිට කතා කරන්න දවසක් ඒවි. මම මගේ විවාහය, ආදරය ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැහැ. 


නදීශා අතුකෝරළ


 

Launch of the Times School of Higher Education Read Previous

Launch of the Times School of Higher Education

Launch of the Times School of Higher Education Read Next

Launch of the Times School of Higher Education

Realted Post

Leave a comment