අපේ දෙන්නාගෙ සතුට මෞර්යා ළඟ

 

නිරන්තරයෙන් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ නිවෙසට ගොඩ වදින කඩවසම් තරුණයෙක් සමගයි මේ කතා බහ. ඒ රංගනයෙන් පමණක් නොව නිවේදකයෙක්, ලේඛකයෙක් විදියටත් විශේෂ හැකියාවන් ඇති චරිතයක්. මේ දිනවල වීදුරු මල් ටෙලි නාට්‍යයේ ධනුකගේ චරිතයෙන් ඔබ හමුවට පැමිණෙන ඔහු රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන. මෙවර ඔහු සමඟින් සිරිකත කවරය හැඩකරන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ ශෂිනි සිරිවර්ධන සහ දියණිය මෞර්යා යි. මේ දවස්වල ධනංජය පවුලේ අලුත් විස්තර ගැන අපි ඔවුන්ගෙන්ම අහල බලමු.
 


වීදුරු මල් නාට්‍යයේ ධනුකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ධනංජය සහ ධනුක යන චරිත දෙකම එක්කනෙක්ද කියලා මගෙන් හුඟක් දෙනෙක් අහනවා. මම දන්නෑ ඒ ඇයි කියලා. ඒ චරිතය ඒ තරමට මගේ ජීවිතයට සම්බන්ධ ඇති කියලා හිතෙනවා. නමුත් ඇත්තටම ඒ එක චරිතයකවත් තියෙන්නේ මගේ සැබෑ ජීවිතේ නොවෙයි. කොහොම වුනත් මම මට ලැබෙන චරිතය ඇතුළෙ ජීවත් වෙනවා.
 


මේ දවස්වල අලුත් වැඩ මොනවද?
මේ දවස්වල ලලිත් රෝහිත එදිරිසිංහගේ ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙලා ඉන්නවා. ඒ නිර්මාණය ළඟදිම බලන්න පු`ඵවන් වෙයි. අලුත් වැඩ කිහිපයකටත් අතගහලා තියනවා. ඒ ගැන මම දැන්ම කියන්නෙ නෑ. ඉදිරියේදී දැනගන්න පු`ඵවන් වේවි. ඊ්ට අමතරව ඉතින් මේ දවස්වල වීදුරු මල් ටෙලි නාට්‍යයේ අවසන් රූගත කිරීම්වලට සහභාගී වෙලා ඉන්නවා.
 


තාත්තා කෙනෙක් නිසා වගකීම් වැඩිවෙලා ඇති නේද? 
බබාගේ වගකීම අනිත් හැම තාත්තා කෙනකුට වගේම මටත් තියෙනවා. ඒකට ඉතින් මට වඩා වැඩි දායකත්වයක් දෙන්නේ මගේ බිරිඳ. ඇය කිසිම අඩුපාඩුවක් නැතිව හැමදේම හොයලා බලලා කරනවා. මගේ වැඩ කරගෙන යන්න පුඵවන්වෙලා තියෙන්නේ ඒ නිසා. 
 


මෙනවද ඉස්සරහට තිබෙන බලාපොරොත්තු එහෙම?
ලොකුම බලාපොරොත්තුව තමයි මේ රටට හොඳ කාලයක් උදාවෙනවා දකින එක. රටේ මිනිස්සුන්ට, සාමාන්‍ය රැකියාවක් කරන කෙනකුට වුනත් හොඳට කාලා බීලා තමන්ගේ පවුලේ අයත් එක්ක ආදරයෙන් ජීවත් වෙනවා දකින්න ආසයි. එහෙම ඉන්න පු`ඵවන් ආර්ථිකයක් ගොඩනැගෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


කොහොමද ලේඛන සහ නිවේදන කටයුතු එහෙම?
ලේඛන කටයුතු නම් කරගෙන යනවා. ඊට අමතරව නිවේදන කටයුතු නම් චැට් ඇන්ඩ් මියුසික්වලින් පස්සේ ටිකක් නතර කළා. මට හිතුනා එයින් පස්සේ නිවේදන කටයුතුවලින් ටිකක් ඈත් වුනොත් හොඳයි කියලා. ආරාධනා ලැබුණත් ඒවා භාර ගත්තේ නැහැ. ටික කාලයක් ඉඳලා නැවත ඒ කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව.

 

 


‘ප්‍රාණ ’නමින් රංගන වැඩමු`ඵවක් පටන්ගත්තා නේද? කොහොමද ඒකේ වැඩකටයුතු?
ඔව්, අපි එහෙම වැඩමු`ඵවක් පටන් ගත්තා. නමුත් රටේ පවතින ප්‍රශ්නත් එක්ක අපි ඒක තාවකාලිකව නතර කළා. මමයි සම්පත් ජයවීරයි එකතුවෙලා තමයි ඒක පටන් ගත්තේ. එය නැවත ඉදිරියේදී ආරම්භ කරන්නවා. එතෙක් ඔවුත් එක්ක නිෂ්පාදන කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ධනංජය සිරිවර්ධනගේ ආදරණීය බිරිඳ ශෂිනි සිරිවර්ධන සමගත් කෙටි කතාබහක යෙදෙන්න අප අමතක කළේ නැහැ.
 


ශෂිනි කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?
ජීවිතේ වැඩි කාලයක් ගෙවෙන්නේ මෞර්යාගේ හුරතල් වැඩත් එක්ක තමයි. ඒ වගේම මගේ සුපුරුදු වැඩ කටයුතු විදියට මගේ යූ ටියුබ් චැනල් එකේ වැඩ කරගෙන යනවා. ඒක කාන්තාවන්ගේ සුබ සිද්ධිය උදෙසා කාන්තාවන් වෙනුවෙන්ම කරගෙන යන වැඩසටහනක් නිසා ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා.
 


ගෙදර වැඩ කටයුතුවලට ධනංජයගෙන් ලැබෙන සහයෝගය එහෙම කොහොමද?
එයා කාර්යබහුලයි. ඒ වුනත් එයාට පු`ඵවන් හැම වෙලාවකම මාවයි දුව ගැනයි හොයලා බලනවා. ගෙදර හිටියොත් බබාගේ වැඩ ඔක්කොම වගේ කරන්නේ එයා. ගෙදරින් එළියට බහිද්දි මට මොකක් හරි එක උදව්වක් හරි කරලයි යන්නේ. උදේ පාන්දර ෂූටින් යනවා නම් බබාගේ ඇඳුම් ටික හරි සෝදන්න දාලා තමයි එයා යන්නේ.


අපි කැමතියි ශෂිනිගේ විස්තර ටිකක් දැනගන්න
මම ගුවන් සේවිකාවක් විදියට වෙනත් රටක වසර දහයක් පමණ සේවය කළා. දැන් ඒ රැකියාවෙන් ඉවත්වෙලා ඉන්නේ. දැන් ඉතින් මවක්, බිරිඳක් විදියට මගේ උපරිම සහයෝගය පවුලට දෙනවා. 

 


 


සටහන නයනා උදයංගනී
ඡායාරූප සජීව ලක්ෂාන්  


 

 

 
  

 

 

 

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Previous

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

St Peter’s College Old Boys Dinner Dance Read Next

St Peter’s College Old Boys Dinner Dance

Realted Post

Leave a comment