ජීවිතේ Simple and real - Udara Rajapaksha

ඔහු රංගන ශිල්පියෙක් මෙන්ම  නිරූපණ ශිල්පියෙකි.  සාර්ථක රංගන ජීවිතයක   පෙර නිමිති පෙන්වන  ඔහු අපි සිරිකත සමග කතාබහකට කැඳවා ගත්තෙමු. මෙවර සිරිකත කවරයද හැඩගැන්වීමට එක්වන ඔහු  උදාර රාජපක්ෂ.

  • කලා ක්ෂේත්‍රයට  පිවිසියේ කොහොමද?

වෙළෙඳ දැන්වීම් හරහායි  මම ක්ෂේත්‍රයට   පැමිණෙන්නේ. ඉන්පසුව Music video හරහාද ප්‍රේක්ෂකයන්  අතරට පැමිණියා. චිත්‍රපටය සඳහා මට ආරාධනා ලැබුණෙ සරාගයේ ගීතයේ Music video එකෙන් පසුවයි.

  • කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න හේතුව කුමක්ද? 

පාසල් සමයේ වැඩි  කැමැත්තක් දැක්වුවේ ක්‍රිකට් ක්‍රීඩාවට. මගේ රැකියාව නිසා  කලා ක්ෂේත්‍රයට පිවිසුණා. ඒවගේම මම රංගනය  පිළිබඳව  පාඨමාලාවක් හැදෑරුවා.

  • ඔබ වෘත්තීමය රංගන ශිල්පියෙක්ද ?

මුලින්ම මාර්කටින් සම්බන්ධව රැකියාවක් කළා.  දැන් මගේ සම්පූර්ණ කාලය යොදවා තිබෙන්නේ රංගනය සඳහායි.

  • ඔබගේ පවුලේ විස්තර

මගේ පවුලේ  අම්මයි තාත්තයි මල්ලියි, මමයි. සියලුදෙනාම  නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අයයි.  මම  කලා ක්ෂේත්‍රයට  සම්බන්ධවීම ගැන නිවස තුළ සීතල යුද්ධයක් තිබෙනවා. නමුත්  ළඟදී තිරගත වීමට නියමිත සූර්යයා වීරයා චිත්‍රපටය ඔවුන් නැරඹීමෙන් පසුව ඔවුන්ට ධනාත්මක අදහසක් ඇතිවෙයි කියා සිතනවා.

  • ආදරය සහ විවාහය ගැන ඔබ  සිතන්නේ  කුමක්ද ?

විවාහ වීමට අදහසක් නැහැ. ආදරය සුන්දරයි. ආදරය ජීවිතයට අත්‍යවශ්‍යයි.

  • ඉදිරියේදී තිරගත වීමට නියමිත සූරයා වීරයා චිත්‍රපටය ගැන   අදහස කුමක්ද?

ලුවි වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධයක්.  විද්‍යාවේ අඳුරු පැතිකඩක් පිළිබඳ කතාබහට ලක්වෙන චිත්‍රපටයක්. මෙහිදී රවී කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. පැරණි චිත්‍රපටි නමක් හා සමානව තිබුණත් නූතන යුගයේ විද්‍යාවේ අඳුරු පැතිකඩක් පිළිබඳවයි මෙහි  සඳහන් වන්නේ.

  • මෙම චිත්‍රපටයට අධ්‍යක්ෂකවරයා ඔබව තෝරා ගැනීමට හේතු වූ කාරණය කුමක්ද ?

අධ්‍යක්ෂවරයා මෙම චිත්‍රපටය උදෙසා  මුලින්ම වෙනත් රංගන ශිල්පියෙක් තෝරා ගැනීමට අදහස් කරගෙන තිබුණා. නමුත් මම රංගනයෙන් දායකත්වය ලබාදුන් වේදිකා නාට්‍යයක් වන එලිසා නාට්‍යයේ  රෝමියෝගේ  චරිතය නිසා මට සූරයා වීරයා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට අවස්ථාව ලැබුණා.

  • චරිතාංග රංගන ශිල්පියෙක් වීමට අදහසක් නැද්ද?

තව අවුරුදු දහයක් ගතවෙනකන් ප්‍රේමණීය චරිත වලට දායකත්වය ලබාදීමට අදහස් කරගෙන තිබෙනවා. එතැනින් පසුව චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. 

  • ඔබට ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මම ගොඩාක් වාසනාවන්තයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් සහයෝගය ලැබුණා. ඔවුන්ගේ ඇසුර ලැබුණා. ඒ වගේම මට මාව හොයාගන්න  ඔවුන්ගෙන් හුඟක් උපදෙස් ලැබුණා. ඒ අයගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා.  ප්‍රවීණ පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වා ගැනීමෙන් තමන්ගෙ රංගන ජීවිතය  වැඩිදියුණු කරගන්න පුළුවන්. .

  • තරුණයෙක් විදියට ජීවිතය දකින්නේ කොහොමද?

Simple and Real ජීවිතයක් ගත කරනවා.

  • තරුණයෙක් විදියට ජීවිතය ඉදිරිය සැලසුම් කරගන්නේ කොහොමද?

තමන් තමන්ව අවබෝධ කරගනිමින් පොඩ්ඩක් නැවතිලා තමන්ගේම දෙස බලාසිටියහොත් අපගේ වැරදි  නිවැරදි කරගෙන ජීවිතයේ ඉදිරියටම  යා හැකියි. ඒවගේම උපදෙස් ගත හැකි අයගෙන් උපදෙස් ලබාගෙන  ඒ දේවල් ක්‍රියාත්මක කරගෙන හරියට ගියහොත්  Brand එකක් වෙන්න පුළුවන්.

  • සමාජ මාධ්‍ය ගැන ඔබට මොකද හිතෙන්නේ?

සමාජ මාධ්‍යයට වඩා මම කැමතියි මේ සංස්කෘතික මාධ්‍යයන්වලට. 

  • අනාගත බලාපොරොත්තුව මොකක්ද ?

ඉදිරි අවුරුදු පහ දහය චිත්‍රපටවල පමණක් රංගනයෙන් දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සිනමාවේ වීරයා වෙන්න යන ගමනක් නෙමෙයි. චරිත තුළින් ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම  ටෙලි නාට්‍යය සඳහාද රංගනයෙන්  දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

  • ඉදිරියේදී පැමිණීමට නියමිත ඔබගේ නිර්මාණ මොනවද?

ඉදිරියේදී  චිත්‍රපට කිහිපයක් තිරගතවීමට නියමිතයි. එකකට එකක් වෙනස් නිර්මාණ.  ඒ නිර්මාණ තුළින් සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න ලැබෙයි කියා මම සිතනවා.

Pic By : Rushiru Colambathanthrige 

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය Read Previous

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

කාලගුණේ රතු වෙලා - පරිස්සමින් Read Next

කාලගුණේ රතු වෙලා - පරිස්සමින්

Realted Post

Leave a comment