නිරූපණයටත් කැමති කථිකාචාර්යවරිය - Avishki Perera

පෞද්ගලික උසස්  අධ්‍යාපන ආයතනයක  කථිකාචාර්යවරියක් වෙන ඇය නිරූපණ ක්ෂේත්‍රයට ද සම්බන්ධ  වී සිටිනවා. ඇය අවිශ්කි පෙරේරා. ඇය එම  අධ්‍යාපන ආයතනයේ අවුරුදු කුමාරි තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමටද සමත් වූ අතර මෙවර සිරිකත කවරය හැඩගැන්වීමටද ඇය එක්වෙනවා. මේ ඇස සමග කළ කෙටි කතාබහක සටහනයි.

  • ඔබේ විස්තර මොනවද? 

මගේ  ගම පන්නිපිටිය. මට අවුරුදු විසි හතරයි. මම පෞ්දගලික උසස් අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. මගේ පවුලෙ සිටින්නේ අම්මයි, තාත්තයි, නංගියි, මමයි. තාත්තා පෞද්ගලික ආයතනයක  කළමනාකරු වශයෙන් සේවය කරනවා. අම්මා  ගෘහිණියක්. 

  • මෙම වෘත්තිය තෝරාගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?

නැහැ. නමුත් මම ගුරු  වෘත්තියට කැමතියි.

  • ඔබේ සම වයස් ශිෂ්‍යයන් සමග ගනුදෙනු කිරීමේදී දැනෙන හැඟීම කොහොමද?

මම හරිම වාසනාවන්තයි. මෙවැනි ශිෂ්‍යයන්ට ඉගැන්වීමට ලැබීම  ගැන. ඒ වගේම ඔවුන් මට ගොඩාක් ගෞරව කරනවා. ඔවුන් සමග ගනුදෙනු කිරීම හරිම පහසුයි. ඔවුන්ට පැමිණෙන ප්‍රශ්න වගේ දේවල් මා සමග කතා කරනවා. සමහර වෙලාවට යහළුවන් වගේ ඉන්නවා.

  • ඔබට මේ නිරූපණය සඳහා අවස්ථාව  ලැබුණේ කොහොමද?

අප අධ්‍යාපන ආයතනයේ පැවති අවුරුදු කුමාරි තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තෙ මමයි. එහිදී මට මේ අවස්ථාව ලැබුණා. 

  • දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඔව්.  නිරූපණය හා රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න  අදහසක් තිබෙනවා.  දැනටමත් මට Music Video එකකට ආරාධනාවක් ලැබී තිබෙනවා.  නමුත් මම වැඩිපුරම කැමති නිරූපණ ක්ෂේත්‍රයට. ඉදිරියේදී  මෙවැනි අවස්ථා  ලැබුණොත් සහභාගී වෙනවා.

  • මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන පවුලෙන්  ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ වෘත්තියේ නියැළෙන ගමන් මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යෑම පිළිබඳ ඔවුන්ගේ අකමැත්තක් නැහැ.

  • ඔබ නිරූපණය පිළිබඳ  හදාරා තිබෙනවාද?

දැනට නම් නැහැ. ඉදිරියේදී ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක  නියැළෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

  • ආදරය ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?

ආදරය  සුන්දරයි.

  • සමාජය ගැන කොහොමද දැනෙන්නෙ?

මේ වන විට තාක්ෂණයත් සමග බොහෝ දේවල්  වෙනස් වී තිබෙනවා. නමුත් තරුණයෙක්  හෝ  වේවා  තරුණියක් හෝ වේවා අපි නියැළෙන වෘත්තිය අනුව අපේ වැඩේ හරියට කරගෙන නිසියාකාරව ඉන්නවා නම්  අපිට කිසිම ප්‍රශ්නයක්, කරදරයක්  ඇතිවන්නෙ නැහැ. ඒ වගේම තමන්ට තමන් ගැන හොඳ අවබෝධයක් තිබේ නම් සමාජය ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍යත් නැහැ .

  • තරුණියන්ගේ විලාසිතා පිළිබඳ සමාජයේ ඇතිවන කතාබහ ගැන ඔබට මොනවද හැඟෙන්නේ?

එක එක්කෙනාගෙ සිතුම් පැතුම් අනුව ඔවුන්ගේ විලාසිතා  වෙනස් විය හැකියි. ඒ දේවල්වලට ගරු කළ යුතුයි. ඒ වගේම  ඔවුන්ට ඒ නිදහස දිය යුතුයි. මනුෂ්‍යයන් විදියට අපි ඕනෑම කෙනෙකුගේ මතයට ගරු කිරීමට උගත යුතුයි. සෑම කෙනෙක්ම ලස්සන විලාසිතා කරන්න කැමතියි. ඒක මනුෂ්‍යයන්ගේ අයිතිය.

  • තරුණියක්  ස්වාධීනව ජීවත්වීම ගැන මොනවද  හිතෙන්නේ?

ගැහැනු ළමයෙක්  ස්වාධීන විය යුතුයි.මම ස්වාධීනත්වය අගයනවා. තීරණ  ගැනීමේදී වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා මත තීරණ ගැනීම සුදුසුයි. සෑම විටම තරුණියක් කෙනෙක් මත යැපෙන්න බලා  නොසිටිය යුතුයි. තමන් කැමති වෘත්තීයක නියැළිලා මුදල් උපයාගනිමින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම  ඉතා වටිනවා. 

  • ඔබගේ අනාගත බලාපොරොත්තුව ?

මම දැනටම  උපාධිය  අවසන් කර තිබෙනවා. වෘත්තියෙන්ම වැඩිදුර අද අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම  නිරූපණ හා රංගන ක්ෂේත්‍රය පිළිබඳවද  වැඩිදුර අධ්‍යයනය කරමින්   නිර්මාණවලට දායකත්වය ලබාදීමට  බලාපොරොත්තුවෙන් සිටිනවා.

Pic By : Rushiru Colambathanthrige 

 

ඔබේ  Nude photo එකක් share  වුණොත් මොකද කරන්නේ Read Previous

ඔබේ Nude photo එකක් share වුණොත් මොකද කරන්නේ

අපේ අම්මා ඔහුයි -  Zeenath Bongso Read Next

අපේ අම්මා ඔහුයි - Zeenath Bongso

Realted Post

Leave a comment