යන්න හිතපු ගමන වෙනස් වෙලා Dilushi

කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත් ඇය රංගන ශිල්පිනී ඩිලූෂි හංසිකා ය. මේ සොඳුරු කතාබහ ඇය සමගයි.

  • ඩිලූෂි කොහොමද කලා ක්ෂේත්‍රයට එන්නෙ?

මම කලා ක්ෂේත්‍රයට එන්නේ ධරණි ටෙලි නාට්‍යයෙන්. ඒ නාට්‍යය සඳහා අවස්ථාව ලැබෙන්නෙ රූපවාහිනී නාළිකාවක පැවැත් වූ අවුරුදු කුමරිය  තරගය ජයග්‍රහණය කළ නිසයි.

  • ඔබ තව මොනවද කරන්නේ?

පාසල් කාලයේ අ.පො.ස සාමාන්‍ය පෙළෙන් පසුව නර්තනය හැදෑරුවේ නැහැ. දැන් මම නර්තනය විෂයක් ලෙස හදාරනවා. මගේ පොඩි කාලේ ඉඳන්ම ආශාවක් තිබුණා නීතිඥවරියක් වීමට. එම නිසා අපොස උසස් පෙළ සඳහා නර්තනය තෝරා ගත්තේ නැහැ. ඒ දවස්වල මම නර්තනය හැදෑරුවා නම් මේ වන විට මම නර්තන ගුරුවරියක්. නමුත් නීති විද්‍යාලයට යන්න මට ලකුණු ප්‍රමාණවත් වුණේ නැහැ. ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා (IR) පිළිබඳ උපාධියක් ලබා ගත්තා.

  • ඔබ වෘත්තීමය රංගන ශිල්පිනියක්ද?

රංගන කටයුතු ආරම්භයේදී  වෘත්තීමය ලෙස කටයුතු කළේ නැහැ. අධ්‍යාපන හදාරන කාලයේ දී මගේ මුල්ම රංගනයට දායකත්වය ලබා දුන්නේ. ඒ වගේම දැන් මම නිවේදිකාවක් ලෙසත් වැඩ කටයුතු කරනවා.  මම වෘත්තීමය රංගන ශිල්පිනියක් කියල දැන් මට හිතෙනවා.

  • මේ වැඩ සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද? 

ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මයි තාත්තයි ගොඩාක් අපිට නීති දාල නැහැ. ඒ වුණාට අම්මයි, තාත්තයි හැම වෙලාවෙම මං ගැන අවධානයෙන් ඉන්නෙ. 

  • මේ දවස්සල ඔබ  මොනවද කරන්නේ?

සමීර පියරතන  අධ්‍යක්ෂණය කළ රොකී ටෙලි නාට්‍යයේ  නේහා චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. මෙතෙක් කල්  මාව දැකපු චරිතවලට වඩා වෙනස් චරිතයක් නේහා කියන්නේ.  මේ ටෙලි නාට්‍යයේ මම හරිම සැහැල්ලුවෙන් වැඩ කළා.  එයට රංගනයෙන් දායකවෙන හැම කෙනෙකුගේම සහයෝගය මට ලැබුණා. අධ්‍යක්ෂකවරයාත් ලොකු සහයෝගයක්  දුන්නා.  ඉතින් රොකී ටෙලි නාට්‍යයේ  නේහාගෙ  චරිතය වෙනස්ම විදියේ  චරිතයක් ලෙස සිරස T V ඔස්සේ   විකාශනයවීමට නියමිතයි.  මෙම චරිතය මගේ ජීවිතයේ  හැරවුම් ලක්ෂ්‍යයක්. 
රොකී ටෙලි නාට්‍යයේ  නේහගෙ  චරිතයත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනියි කියා  සිතනවා.

  • කලා ක්ෂේත්‍රයේදී  නවකයින්ට ලැබෙන තැන ගැන මොකද හිතෙන්නේ?

නවකයින්ට බොහෝ අවස්ථා ලැබෙනවා. නමුත් ඒ ලැබෙන අවස්ථා පවත්වාගෙන යන්න ටිකක් අමාරුයි. සමහර අය තමන්ට ලැබෙන අවස්ථා වැරදි විදියට පාවිච්චි කරනවා. ඉතිං   අපිට ලැබෙන අවස්ථා  හරි විදියට පාවිච්චි කරගෙන  ප්‍රේක්ෂකයන්ගේ ආදරත් දිනාගෙන  ක්ෂේත්‍රය තුළ  රැඳී ඉන්න  අපි දැනගෙන ඉන්න ඕනෑ.

  • කලා නිර්මාණයකට දායකත්වය ලබාදීමට පෙර   ඔබට ලැබෙන චරිත  තෝරාගැනීමක් කරනවාද?

ඔව් අනිවාර්යයෙන්ම.   මම මොන වගේ චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට යන්න ඕනෑද කියලා  මම හැම වෙලාවකම හිතනවා. චරිතයක් තෝරාගැනීමේදී ගොඩක් දේවල් සිතන්න ඕනෑ. නැතිනම් සමහර වෙලාවලදී  ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මම ගොඩක් කැමතියි අභියෝගාත්මක චරිත කරන්න.  ඉතිං ඒ වගේ ලස්සන චරිත ලැබුණොත් මම කරනවා.

  • ඔබට  ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ දවස්වල ගුරුවරියකගේ  චරිතයක් නිරූපණය කරන නිසා කුඩා දරුවන්ගේ ආදරය ගෞරවය ලැබෙනවා.ඒ වගේම ලොකු කුඩා හැමෝගෙන්ම ආදරය ගෞරවය ලැබීම මගේ වාසනාවක්. ගොඩක් සතුටුයි මේ ලැබෙන ආදරයට.
මේ දක්වා නිරූපණය කළ චරිත අතරින් ඔබගේ ජීවිතයට සම්බන්ධ චරිතයක් තිබෙනවාද?
රොකී ටෙලි නාට්‍යයේ නේහාගේ චරිතය මගේ ජීවිතයට  සම්බන්ධ වේ යැයි මට හිතෙනවා. මම මේ චරිතය ගොඩක් ආසාවෙන් කරන්නෙ.

  • කෙටි කාලයකින්  ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වීම ගැන මොකද හිතෙන්නේ?

මම ගොඩක් වාසනාවන්ත කෙනෙක්. බාධක තිබුණත්  ඒවායින් ලොකු හානියක් මට වෙලා නැහැ. මට කවදාවත් නරක මනුෂ්‍යයන් හමුවෙලා නැහැ.   මට මේ ක්ෂේත්‍රයේ ගොඩාක් අයගෙන් සහයෝගය ලැබී තිබෙනවා.  මට  හමුවුණු ප්‍රේක්ෂකයන්ගේ සහ කලා ක්ෂේත්‍රයේ අයගේ හොඳකම නිසා මම අද මෙවැනි තත්ත්වයක ඉන්නවා. ඉතින් මට ගොඩක් සතුටුයි මට මේ ලැබෙන ආදරය ගෞරවයට. ඒ වගේම මේ වනතෙක් සෑම දෙයක්ම හොඳින් සිදු වී තිබෙනවා.

නවකයින්ට බොහෝ අවස්ථා ලැබෙනවා. නමුත් ඒ ලැබෙන අවස්ථා පවත්වාගෙන යන්න ටිකක් අමාරුයි. සමහර අය තමන්ට ලැබෙන අවස්ථා වැරදි විදියට පාවිච්චි කරනවා. ඉතිං   අපිට ලැබෙන අවස්ථා  හරි විදියට පාවිච්චි කරගෙන  ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් දිනාගෙන  ක්ෂේත්‍රය තුළ  රැඳී ඉන්න  අපි දැනගෙන ඉන්න ඕනෑ.

 

  • ඔබ ස්වාධීනව තීරණ ගන්න කෙනෙක්ද?

තනියම කල්පනා කරලා වැඩක් කරන්න තරම් ශක්තියක් නැහැ මට. මගේ ළඟම කෙනෙකුගෙන් සහයෝගයක් අවශ්‍යමයි.  ඒ වගේම මම විවාහ ගිවිසගත්  මහත්තයාගෙන්  ඒ දේවල්වලට ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද හැම වෙලාවකම මම  එක පැත්තකින් හිතලයි තීරණ ගන්නේ. එම නිසා මගේ ළඟම කෙනෙකුගෙන් මට සහයෝගයක් අවශ්‍යමයි. 

  • ඔහු කැමතිද ඔබ නිළියක්වීම ගැන?

කවදාවත් එයාගෙන් මට බලපෑම් ඇවිත් නැහැ. කරන සෑම කටයුත්තකටම මට උපරිම සහයෝගය දෙනවා.

  • අනාගත බලාපොරොත්තු මොනවද?

මේ මෑතක් වෙනතුරුම මගේ බලාපොරොත්තුව වුණේ  වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යාමටයි. නමුත් දැන් රොකී ටෙලි නාට්‍යය නිසා ජීවිතය වෙනස් අතකට ගමන් කරමින් තිබෙනව කියල හිතෙනවා.  ඉදිරියේදී  කුමන ආකාරයේ දෙයක් සිදුවෙයිද කියා මම දන්නේ නැහැ.

Pic  : Sampath Hettiarachchi   

 

හැමවිටම පවුලට මුල්තැන දෙනවා  - Dinakshie Read Previous

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment