ලංකාව මේ තරම් ලස්සනයි කියලා හිතුවේ නෑ

 

 

වසර 2022 Miss Tourism world ජාත්‍යාන්තර රූ රැජින තරගය ලබන දෙසැම්බර් මාසයේදීි මෙරට පැවැත්වීමට නියමිත ය. ඒ සඳහා රටවල් 80ක රූප රාජිණියෝ සහභාගිවීමට නියමිතය. 


ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල දින 14 ක් පුරා මෙම තරග පැවැත්වීමට තීරණය කර ඇති අතර මෙවර පැවැත්වීමට නියමිත Miss Tourism world තරගය හඳුන්වාදීම පසුගියදා කොළඹදී සිදුකෙරුණේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා මිස් ටුවරිසම් හි අධ්‍යක්ෂ මලිත් රණසිංහ ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනි.


එහිදී ශ්‍රී ලංකාවේ පවත්වන Miss Tourism world 2022 අවසන් ප්‍රචාරණ කටයුතු සඳහා මෙරටට පැමිණි ස්පාඤ්ඤයේ Miss Tourism world  ලෙස තේරී පත්වූ 2022 ස්පාඤ්ඤ ලෝක රූ රැජණ මාරියා ඩෙල් ඉන්ඩික්ටෝ කාමෙල් ශ්‍රී ලංකාව තුළ ඇය ලත් අත්දැකීම් පිළිබඳ අප වෙත අදහස් දැක්වූයේ මෙලෙසිනි.


ඔබ ගැන හැඳින්වුවොත්
මම මාරියා ඩෙල් ඉන්ඩික්ටෝ කාමෙල්. මම ස්පාඤ්ඤ ජාතිකයෙක්. වයස අවුරුදු 22යි. 


මාරියාට ලංකාවට එන්න ආරාධනා ලැබුණාම මොකද හිතුනේ?
ඒක හරිම පුදුම සහගත දෙයක් වුණා. මට හිතාගන්න බැරි වුණා. මොකද මම මීට කලින් ලංකාවට ඇවිත් නැහැ. ඒ නිසාම මේ සංචාරය කොයි වගේ අත්දැකීමක් වෙයිද කියා මට ලොකු තැතිගැන්මක් වුණා.
ඒත් ලංකාවේ එයාර්පෝට් එකට ආවට පස්සේ මාව පිළිගත්ත විදිය, මට දක්වපු ආදරය ගැන මම පුදුම වුණා. මගේ මවු රට වගේම හැඟීමක් මට ඒ වෙලාවේ දැනුණා. ලංකාවේ ගෙවපු දින කිහිපය මම පුදුමාකාර වින්දනයක් සතුටක් ලැබුවා. ස්තූතිවන්ත වෙනවා මට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික ජනතාවට.


ලංකාව වටේම ලස්සන බලන්න මාරියාට අවස්ථාව ලැබුණා. ඒ ගැන මොකද හිතන්නේ?
ලංකාව මේ තරම්ම ලස්සනයි කියලා මම දැනගෙන හිටියේ නැහැ. ලංකාවේ තියෙන සුන්දරම තැන්වලට මට යන්න් අවස්ථාව ලැබුණා. ඒ තැන්වලින් මගේ හිත ගත් තැන වුණේ යාල කවුඩුල්ල අලි බලන්න ගිය ගමන. මම කවදාවත් අලින්ව ළඟට දැකලා තිබුණේ නැහැ. ඒ අත්දැකීම මට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. එැමෝටම බොහොම ස්තූතියි ඒ වගේ සංචාරයක් සංවිධානය කරලා මගේ ඇස් දෙකට ඒ සුන්දරත්වය අත්විඳින්න සූදානම් කළාට. ලංකාව කියන්නේ සොබාව සෞන්දර්ය අතින් දාලා යන්න ලෝබ හිතෙන රටක්.


ලංකාවේ ආගන්තුක සත්කාර මාරියාට දැනුණෙ කොහොමද?
මම එයාර්පෝට් එකේ ගුවන් යානයෙන් බැහැපු තැන ඉඳලා මට සංචාරය කරනන් ලැබුණ තැන්වලදී ලංකාවේ අය එක්ක මට කතා කරන්න ලැබුණා. එයාලගේ ඒ ළෙංගතුකමට, මානුෂීය අදහස්, සත්කාර ගැන පුදුම හිතුනා වගේම ලොකු සතුටක් දැනුණා. මම සංචාරය කරලා තියෙන රටවල් අතුරින් ලංකාව කියන්නේ ආගන්තුක සත්කාර අතින් ඉදිරියෙන්ම ඉන්න රටක්. ලංකාව අපේ රටේ අයට මඟහැරුණු රටක්. මම මගේ රටේ අයට ආරාධනා කළා ලංකාවට සංචාරය කරන්න එන්න කියලා. ලංකාවේ ලස්සන දකින්න ඇස් පිංකරලා තියෙන්න ඕනෑ.

 

 


තරගාවලියට සියල්ල සූදානම් 
Miss Tourism world 2022 ජාතික අධ්‍යක්ෂවරයා වන ලලිත් රණසිංහ මහතාගෙන්ද අප තරගාවලිය පිළිබඳව විමසුවා. 

 

රටවල් 80කින් රූපරාජිණියෝ ගෙනැල්ලා ලංකාවේ කඩා වැටිලා තියෙන සංචාරක කර්මාන්තය ගොඩ ගන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?
ලංකාවේ කඩා වැටිලා තියෙන සංචාරක කර්මාන්තයට යමිකිසි රුකුලක් දෙන්න  පුළුවන් අවස්ථාව මේකයි කියලා මම විශ්වාස කරනවාා. මොකද කඩා වැඩිලා තියෙන මේ ක්ෂේත්‍රය ගොඩගන්න පුළුවන් වෙන්නෙ මේ රටට සංචාරකයින් ගෙන්වා ගැනීමෙන් පමණයි. මේ රටවල් අසූවේ තරගකාරිනියන් සමග ඔවුන්ගේ පවුල්වල අය, ජාතික අධ්‍යක්ෂවරු ව්‍යාපාර කරන පිරිස් ලංකාවට එනවා. ඒ හරහා ලංකාවට විදේශ විනිමයත් ලැබෙනවා.
Miss Tourism විදියට ඒ අදාල රටවල්වල ජයග්‍රහණය කරන තරගකාරිනියන් අසූ දෙනෙක් මම දෙසැම්බර් මාසයේ ලංකාවට අරගෙන එනවා. ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාාවට තමයි තරගකාරිනියන් අසූ දෙනෙක්  එකවර ලංකාවට පැමිණිලා ජාත්‍යන්තර තරගයක් මේ විදියට සංවිධානය වෙන්නේ.


Miss Tourism වර්ල්ඩ් තරගාවලියත් සමග මගේ වසර 10 ක අත්දැකීම් එක්කයි මේ තරගය මම ලංකාවට 2022 වසරේ අරගෙන එන්නේ. 

 


තරගයට කොහොමද සූදානම?
මේ වැඩේට අත ගහද්දී ගොඩක් දෙනා අපිව මඟ හැරියා. මේවා කරන්න පුළුවන් දේවල්ද කියලා ඇහැව්වා. ඒත් ඒ අභියෝගය මම අතහැරියේ නැහැ. මේක විශාල සටනක් කරලා අපේ රටට ගත් ඵෙතිහාසික ජයග්‍රහණයක්. මගේ දහඩිය මහන්සියෙන් කැපකිරීම් මම අද භුක්ති විඳිනවා. එළඹෙන දෙසැම්බරයේදී ලංකාවේ පැවැත්වෙන ලොව ජාත්‍යන්තර තරගයට සියලුම කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා.


මේ වෙලාවේ මාත් එක්ක හිටපු මාව ශක්තිමත් කරපු මගේ මවුපියන්ට, මගේ සහෝදරිය ආදරයෙන් මතක් කරනවා. ඒවාගේම රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් උනන්දුවෙන් කැපවීමෙන් මට උදව් කරපු සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියත් විශේෂයෙන් මතක් කරනවා. ඒවාගේම ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, ලිලානි කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු මේ සඳහා මට වචනයකින් හෝ උදව් කළ සියලුම දෙනාට හදවතින්ම ස්තුති කරනවා.


 


නදීෂා අතුකෝරාල
ඡායාරූප -සජීව ලක්ෂාන්


 

මේ සතිය ඔබට - සැප්තැම්බර් 16 සඳුදා සිට  සැප්තැම්බර් 22 ඉරිදා දක්වා Read Previous

මේ සතිය ඔබට - සැප්තැම්බර් 16 සඳුදා සිට සැප්තැම්බර් 22 ඉරිදා දක්වා

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment