වැඩිහිටියන්ට පමණයි රඟපාන්නේ නැහැ

මේ වන විට මුළු රටක්ම දන්නා නර්තන ශිල්පිනියන් දෙපළක් මෙන්ම, රංගන ශිල්පිනියන් ලෙස කලා ලොවේ  දක්ෂතා දක්වන ආදරණීය හැඩකාර නිවුන් සොහොයුරියන් දෙපළක් සමගයි මෙවර " සිරිකත " සොඳුරු කතාබහ. ඒ  අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍රයි.

 

අඩුවෙන්ම කතා කරන්නේ    කනු ...   

  •  නිවුන් සොයුරියන්ගේ ආදරණීය නැඟණිය කනුෂ්කි  ප්‍රේමචන්ද්‍ර (කනූ) සමගයි මේ කතාබහ
  • මේ දවස්වල කලා වැඩ කටයුතු කොහොමද?

මම මේ දවස්වල TV දෙරණ නාළිකාවේ 9.30ට  විකාශය වෙන තුෂාර තෙන්නකෝන් සර් අධ්‍යක්ෂණය කරන  "නිකිණි කුසුම්"Teledrama එකේ සකුනි කියන චරිතයට පණ පොවනවා. ඒ වගේම අපි දෙන්නම ඉන්න ටෙලි ඩ්‍රාමා එකක Pre-productions  වැඩ ටික මේ දවස්වල කෙරෙනවා. 

  • අම්මා තනිවම පොඩි කාලේ ඉඳලා ඔය දෙන්නව සහ අක්කලා හතර දෙනාව බලා ගත්තා. ඒ අතීතය මොන වගේද දැනෙන්නේ?

ඇත්තටම වර්තමානය වෙනකොට ලොකු සතුටක් තියෙනවා. අම්මි අපි පොඩි කාලේ අපි හයදෙනාව හදාගන්න ලොකු බරක වගේම ලොකු කර්තව්‍යයක හිටියා. දැන් වෙනකොට අපි දෙන්නත් අපේ ෆැමිලි එකට  ශක්තියක් වෙනවා. අම්මා ගැන කතා කළොත් ඇත්තටම මගේ ජීවිතයේ මම ෆලෝ කරන චරිතය මගේ අම්මා. අම්මා හැම ප්‍රශ්නයකදීම දරාගත්ත විදිහ නිසා තමයි අද වෙනකොට අපි දෙන්නා මොනාවාහරි ගැටලුවක් ආව වෙලාවට ශක්තියක් කරගෙන තියෙන්නේ. අපි දෙන්නා ක්ෂේත්‍රයට ආපු ගමන් විවිධ ගොසිප් හැදුණා. ඒවා සාමාන්‍ය දේවල්. නමුත් ක්ෂේත්‍රයේ මුල් කාලයේ අපි දෙන්නට ලොකු කඩා වැටීමක් ඇතිවුණා. ඒ හැමදේකදිම අපිව  දරා ගත්තේ, අපි දෙන්නට ශක්තියක් වුණේ අපේ අම්මා. තාත්තා නැතිවෙලත් අපි හයදෙනාව ලස්සනට බලාගෙන හොඳට උගන්නලා මේ තැනට ගත්තා. මේ වෙනකොට අක්කලා තුන්දෙනෙක් විවාහ වෙලා ඉන්නේ. අපේ අක්කිලා විවාහ වෙලා හිටියත් තාමත් අපේ අම්මා එයාලව බලනවා සහ එයාලගේ දරුවන්ව බලනවා. අම්මා කියන චරිතය තමයි මගේ ජීවිතයේ මම ෆලෝ කරන්නේ.

  • හැමෝම කියනවා ඔය දෙන්නගෙන් අඩුවෙන්ම කතාබහ කරන්නේ කනු කියල ඒක ඇත්තක්ද?

(සිනාසෙමින්) අපි දෙන්නා Twins ලනේ. මගේ හැමදේමත් අක්කි දන්නවා. අක්කිගේ දේවලුත් මම දන්නවා. අපි දෙන්නා සාමාන්‍යයෙන් Interviews වලට යනකොටත් යන්නේ එකටමයි. ඒ නිසා මොනවාහරි ප්‍රශ්නයක් අහපුවහම අක්කි උත්තර දෙනවා. ඒක නිසා වෙන්න ඇති එහෙම කියන්නේ.

  • රංගනය, නර්තනය සහ උසස් අධ්‍යාපන කටයුතු සමබර කරගෙන ජීවිතේ ගෙනියන්නේ කොහොමද?

අපේ ජීවිත සාර්ථක වෙන්නේ අධ්‍යාපන කටයුතු, කලා කටයුතු මේ හැමදේම එකට කරගෙන ගියොත් විතරයි. ඒ නිසා උපරිම බැලන්ස් කරගෙන කරන්න තමයි අපි දෙන්නා උත්සාහ කරන්නේ. අක්කිගේ කැම්පස් එකේ එක්සෑම්, එසයිමන්ට් තියෙන කාලවලට මම එයාට සපෝට් කරනවා. මම එයාට ෂෝට් නෝට් ගහලා දෙනවා. මගේ වැඩ වලට එයා හෙල්ප් කරනවා. අපි දෙන්නම අපි දෙන්නට උදව් කර ගන්න නිසා කලාව සහ ඉගෙන ගැනීම බැලන්ස් කරන එක අපි දෙන්නට ලේසියි.

  • Twinsලා විදියට ඔය දෙන්නගේ  Fashions මොන වගේද?

ඇත්තටම Fashion කියන්නෙත් කලාවක්. මේ යන්නේ අපේ තරුණ කාලේ. ඉතින් අපි අපිට ගැළපෙන විදියට Fashion කරනවා. මමයි අක්කියි දෙන්නම  චූටි කාලේ ඉඳලම එක වගේමයි අඳින්නේ. ඒ නිසා අපි දෙන්නා අදටත් කැමතියි එක වගේ අඳින්න. ෂොප් එකකට ගියත් අපි දෙන්නා තෝරගන්නේ එකම ඇඳුම්. කවදාවත් අක්කි Shopping ගිහිල්ලා මටත් එක්ක අරන් එන ඇඳුම් වලට මම කවදාවත් අකමැති වෙලා නැහැ. මම තනිවම ගිහිල්ලා Shopping කළත් ඒ ඇඳුම් වලටත් අක්කි කැමතියි.  අපි දෙන්නට ගැළපෙන විදියට සමාජ විවේචනවලට ලක්වෙන්නෙ නැති ආකාරයේ ලස්සන ෆැෂන් කරන්න කියලා තමයි අපේ අම්මි සහ අක්කිලා කියලා තියෙන්නේ. 

  • ළඟදි විවාහ වීමට බලාපොරොත්තුවක් නැද්ද? විවාහ වෙන්න මොන වගේ කෙනෙක්ද තෝරගන්න කැමති?

ළඟදි විවාහ වෙන්න අයිඩියා එකක් නැහැ. විවාහ වෙනවා නම් ගොඩක් ගුණයහපත්, සාර්ථක හොඳ පෞරුෂයක් තියෙන මට ආදරය කරන සහ මගේ පවුලේ අයටත් ආදරේ කරන කෙනෙක්ව තමයි විවාහ කරගන්න හිතාගෙන ඉන්නේ.

  • ඔය දෙන්නා හැමදේම කරන්නේ එකට. සමහර අවස්ථාවල තනි තනියම ගිහින් වැඩ  කරන්න වෙන අවස්ථා ඇති. ඒ වගේ අවස්ථාවලට කොහොමද මුහුණ දෙන්නේ?

ඇත්තටම ඒකෙ වෙනසක් තියෙනවා. අපි දෙන්නා පොඩි කාලේ ඉඳලා හැම තැනකම එකටනේ හිටියේ. තනියම ගිහිල්ලා වැඩක් කරනකොට ඇත්තටම ඒක හරිම වෙනස්. හිස් බවක් දැනෙනවා. මට ඒක ගොඩක් දැනෙනවා. මොකද මම TV දෙරණ නාළිකාවේ නිකිණි කුසුම් ටෙලිඩ්‍රාමා එකට තනියම යන්නේ. මුල් දවස්වල මට හරියට පාළු දැනුණා අනූ නැති එකට. හැබැයි ඒ ටෙලිඩ්‍රාමා එක ඇතුළෙ හොඳ යාළුවෝ හතර දෙනෙක් ඉන්නවනේ. ඒ නිසා ඒ පාළුව, තනිකම ඒගොල්ලෝ නැති කරනවා. 

  • අනාගත බලාපොරොත්තු, හීන මොන වගේ තැනකට යන්නද?

අපි දෙන්නා අනූ , කනූ විදියටනේ Social Media වල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනූ, කනූ කියන නමින් අපි දෙන්න තව තවත් ඉදිරියට ගිහිල්ලා රංගනය හෝ වේවා නර්තනය හෝ වේවා අපි දෙන්නගෙන් සමාජයට යම්කිසි දෙයක් දෙන්න පුළුවන් නම් ඒ දේ කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ. 


අපිත් කැමැතියි Twinsලා   බඳින්න     

  • අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර (අනූ) නිවුන් සොයුරියන්ගේ අක්කා සමග  
  • අනූශ්කි ඔබේ පවුලේ විස්තර කියමු. 

මගේ පවුලේ අම්මි, අක්කලා හතර දෙනයි, අපි දෙන්නයි ඉන්නේ. ඔක්කොම පවුලේ සහෝදරියෝ හයදෙනයි. අපි චූටි දවස්වල අපේ තාත්ති නැති වෙනවා. 

  • මේ දවස්වල කලා වැඩ කටයුතු කොහොමද?

මේ දවස් වල මම අලුත්ම චිත්‍රපටයක වැඩකටයුතු වලට තමයි සම්පූර්ණ කාලය වෙන් කරලා තියෙන්නේ. නොබෝ දිනකින් ඒ ෆිල්ම් එක  රිලීස් කරනවා. අපි දෙන්නගෙ අලුත් ටෙලි ඩ්‍රාමා එකක  Pre-productions වැඩකටයුතුත් මේ දින ටිකේ කරගෙන යනවා.    

  • ඔය දෙන්නා Twins වුණාට අසමානකම් තියෙන්න පුළුවන්. එහෙම  අසමානකම් තියෙනවාද?

ටිකක්  තියෙනවා . රූපෙන් බැලුවාම දෙන්නම එක සමානයි. හැබැයි ටිකක් ළඟින් ආශ්‍රය කරනකොට දෙන්නගේ වෙනස්කම් ඕනම සමීප කෙනෙකුට පේනවා. හැසිරීම්වලින් ගත්තොත් මම ටිකක් Social. ඕනම කෙනෙක් එක්ක මම ටක් ගාලා යාළු වෙනවා. කනු ටිකක් Study කරලා තමයි ඕන කෙනෙක් ආශ්‍රය කරන්නේ. 

  • කොහොමද මුලින්ම  කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න අඩිතාලම වැටුණේ?

TV දෙරණ නාළිකාවේ විකාශය වුණු "මල් පිපෙන කාලේ" ටෙලි ඩ්‍රාමා  එකෙන්. තුෂාර තෙන්නකෝන් සර් යටතේ පළවෙනියෙන්ම අපි ප්‍රධාන චරිත විදියට මේ ක්ෂේත්‍රයට ආවේ. අපි දෙන්නට ඒක ලොකු භාග්‍යයක්. 

  • මේ වෙනකොට ඔබ දෙදෙනා සම්මානනීය නර්තන ශිල්පිනියන් දෙදෙනෙක්. ඒ ගැන දැනෙන හැඟීම මොන වගේද?

පොඩි කාලේ අම්මිගෙන් සහ අක්කිලාගේ කැමැත්තට තමා අපි ඩාන්සින් කළේ. දෙරණ little star වලින් තමා අපි දෙන්නා පළවෙනියටම Dancing competition එකකින් සිලෙක්ට් වෙන්නේ. එතැනින් පස්සේ හැමෝගෙම ප්‍රතිචාර මැද අපි දෙන්නා නර්තනය පැත්තට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ඒ අනුව දැනට මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ, තුන්වන වසරේ භරත නාට්‍යය වලින් උපාධිය හදාරනවා. ගිය වසරේ අපි දෙන්නා ජනප්‍රියම නර්තන ශිල්පිනීන් බවට පත්වෙලා සම්මානයක් ලබා ගන්නවා. ඒ පිළිබඳව හරිම සතුටුයි.

  • මේ වන විට රංගනයෙන් දායක වී නැති ඉදිරියේදී රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?

ගොඩක්ම අපි දෙන්න කැමති අපි දෙන්නා ප්‍රධාන චරිතය මෙහෙයවන නිවුන්නු චරිත ඇතුළත් කතා වලට පණ පොවන්න. ඒකනං අපි දෙන්නා මේ වන විටත් කරගෙන යන ගමන් ඉන්නේ. අපි දෙන්නා ඊට අමතරව කැමති හමුදා චරිතයක් කරන්නයි. 

 

  • රංගනයේදී ඔය දෙදෙනා විවිධ චරිත සඳහා වාරණ දාගෙනද ඉන්නේ?

අපි දෙන්නා දැඩී වාරණයක ඉන්නවා වැඩිහිටියන්ට පමණයි කියලා තිබෙන චිත්‍රපටි හෝ ටෙලිඩ්‍රාමා වල රඟපාන්නේ නෑ කියන තැන. ඒකට හේතුව අපිට ගොඩක් ආදරේ කරන පිරිස පොඩි ළමයි, නැන්දලා මාමලා. ඒගොල්ලෝ අපිට ප්‍රේක්ෂකයෝ හැටියට ආදරේ කරන්නේ අපි දෙන්නගේ හැකියාවන් වලට. සමහර විට නිවුන්නු නිසා වෙන්න ඇති.  ඒ ගොල්ලන්ගේ ආදරේ දිගටම තියා ගන්න තමයි කැමති. විවේචනයෙන් තොරව මේ ගමන යන්න තමයි අපි දෙන්නා බලාපොරොත්තු වෙන්නේ.

  • ලංකාවේ මීට කලින් නිවුන් අයගේ ඉදිරිපත් කිරීම් ජනප්‍රිය වෙලා නැහැ. නමුත් ඔය දෙන්නා නිසා මේ වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා නේද?

ඔව්. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. අපි දෙන්නා ක්ෂේත්‍රයට එන්න කලින් Twins ඩ්‍රාමා තිබුණ නම් ඒ තිබුණේ එක නිළියක් අරගෙන Duplicate කරලා. අපි දෙන්න මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ ඇත්තටම ඒකෙන් චුට්ටක්  බැහැරට ඇවිල්ලා හැම අධ්‍යක්ෂකවරයෙකුටම ලේසි වෙලා තියෙනවා. ඒ ගොල්ලන්ට Duplicate කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒ වෙනුවෙන් අපි දෙන්නට ආරාධනා ලැබෙනවා. ඒ වගේම අපි දෙන්නාව අනුගමනය කරන ගොඩක් නිවුන්නු දැන් ඉන්නවා. ඇත්තටම ගොඩක් සතුටුයි. 

  • සමහර Twinsලා  කැමතියිනේ  Twinsලා දෙන්නෙක්ම විවාහ කරගන්න. ඔය දෙන්නට එහෙම හිතිල නැද්ද?

(සිනාසෙමින්) පොඩි කාලේ ඒ වගේ දේවල් කිව්වා. අම්මිත්, අක්කිලත් අපි පොඩි කාලේ මේ දෙන්නා වගේම හොඳ ගුණ යහපත් Twinsලා දෙන්නෙක් විවාහ කරන්න හම්බුණොත් හොඳයි නේද කියලා කියනවා. ඒ මතයේ හිටියෙ පොඩි කාලේ. අනාගතය ගැන අපි දෙන්නට හරියටම කියන්න බෑ. අපි දෙන්නත් හරි කැමතියි Twins  හම්බ වෙනවා නම්. ඒ වුණාට ඒ ගැන අදහසක් නැහැ. ඒ වගේ හොඳ දෙන්නෙක් අපි දෙන්නට තාම හමුවෙලා නැහැ.

  • අනුශ්කිගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

දැනට මම සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. එතැනින් මම උපාධිධාරිනියක් වුණාට පස්සේ මට නර්තන කලාවෙන් ලංකාවට කරන්න පුළුවන්  හැමදේම මම කරනවා. අපි දෙන්නගෙන් සමාජයට වෙන්න ඕන දේවල් උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.  

 Pic By - Sasitha Madushan  

concept by  - Ashanthi Warunasuriya 

 

 

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක් Read Previous

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක්

පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව.... Read Next

පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව....

Realted Post

Leave a comment