සීමාවකට කොටුවෙලා නිර්මාණ කරන්න කැමති නෑ

 

සරාගී සහ නාඳුනන පෙම් රස කතා ගීත දෙකම Trending 
ඊළඟට සුකිරි බටිල්ලෝ’ සමග වේදිකාවට එනවා 


වේදිකාවේ හෝ පුංචි තිරයේ සාර්ථක නළුවෙක්, නිළියක්වීම පහසු නොවේ. ඊටත් වඩා ප්‍රේක්ෂක හදවත්වල ලැඟුම්ගත් කලාකරුවෙක්වීම තවත් අපහසුය. දුලීකා මාරපන  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ රංගන ශිල්පිනියකි. එක් චරිතයකට පමණක් සීමා නොවී චරිතාංග නිළියක් විදියට ඇය වේදිකාව වගේම පුංචි තිරය සහ රිදී තිරය ඔස්සේත් කාගෙත් සිත් සොරාගත් කලාකාරියකි. මේ දිනවල දුලීකා ගැන සමාජ මාධ්‍ය පුරා අලුත්ම කතාබහක් ඇති වී තිබේ. ඒ ඇය ප්‍රථම වතාවට එළිදැක් වූ අලුත්ම මියුසික් වීඩියෝ දෙකක් සමගය. මේ දිනවල ඇයට ලැබෙන උණුසුම් ප්‍රතිචාර සහ අලුත් වැඩකටයුතු ගැන අපි ඇයගෙන්ම අසා බලමු.


එක්වරම මොකද්ද මේ දූලිකා කරපු අලුත් වෙනස?
අලුත් වෙනසක් කරන්න ඕනැ කියන එක ප්ලෑන් කළේ සෑහෙන කාලෙක සිටයි. මගේම ගීතයක් කරන්න මට ලොකු හීනයක් තිබුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි මුල්ම ගීතය ‘සරාගී’ එළියට එන්නේ. ඊට පස්සේ ඒත් එක්කම තවත් ගීතයක් උපන්දිනයට එළිදක්වන්න පු`ඵවන් වුණා.


කොහොමද අලුත් නිර්මාණ දෙකට ලැබෙන ප්‍රතිචාර?
සරාගී නිර්මාණය තමයි මුලින්ම කළේ. එයට ඉතාම හොඳ ප්‍රතිචාර තිබුණා. එය ත්‍රෙන්ඩින්  වුණා. හුඟක් අය ඒ ගැන කතා කළා. සරාගී එකේ රූප රචනය අපි වේලාසන කළා. වෙනස්ම විදියට. මිනිස්සු මාව ඒ නිර්මාණය ඇතුළෙ හුඟක් වෙනස් විදියට දැක්කා. විශේෂයෙන් මාව බොහෝ දෙනෙක් දකින්නේ ටිකක් වයස චරිතවලින්. හුඟක් වෙලාවට මාව දකින්නේ ප්‍රතිනිර්මාණය කරපු චරිතයකින්. ඉතින් මට හිතුනා දුලීකා කියන සැබෑ චරිතයෙන් පෙනී සිටින්න. ඒ නිසයි ඒ විදියට රූප රචනය කළේ. ඊට පස්සේ දෙවැනියට කරපු ගීතය රිලිස් වුණේ මගේ උපන්දිනය දවසේ නොවැම්බර් පහළොව. එයත් අතිශය ජනප්‍රිය වුණා. මුල් ගීතයටත් වඩා ආදරෙන් ප්‍රෙක්ෂකයෝ එය වැලඳගෙන තිබුණා. කාන්තා පාර්ශවය තමයි මේ ගීත දෙක වැඩිපුරම බලලා තිබුණේ. විවේචන නම් බොහොම අඩුයි. මාව ටී.වී. එකේ දකින චරිතත් එක්ක සමහරු ඇයි දුලීකා මේ වගේ දෙයක් කළේ කියලා හිතපු පිරිසකුත් හිටියා. 


මේ විදියේ චරිතයකින් ඔබව දකින්න අකමැති අයගෙන් සමහරවිට විවේචන එල්ල වෙන්න ඇති ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ?
අපි කලාකරුවන් හැටියට අපි විවිධ විවිධ රස ඔස්සේ නිර්මාණ ගේනවා. ඇත්තටම කිව්වොත් ඒක එක සීමාවකට කොටුකරලා තියන්න මම නම් චුට්ටක්වත් කැමති නැහැ. ඒ කියන්නේ මම මේ විදියේ චරිත විතරයි කරන්නේ කියලා සීමාවෙන්න මම කැමති නැහැ. ඉතින් ඒ පරාසයන් ඇතුළෙ අපට වෙනස් වෙන්න සිද්ධවෙනවා. ප්‍රතිචාර පැත්තෙන් ගත්තොත් ඉතින් ඉතාම හොඳ ප්‍රතිචාර වැඩියි. විශේෂයෙන් දෙවැනි නිර්මාණය මුහුණු පොතේ ආදරය ගැන කියවෙන ගීතයක්. ඒක අමුතුම ත්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒ වගේම රූප රචනය පැත්තෙන් මට මේකේ ලොකු වෙනසක් කරන්න පු`ඵවන් වුණා.


ඉදිරියේදී මේ වගේ තවත් අලුත් නිර්මාණවලින් අපට දුලීකව දැකගන්න ලැබෙයිද?
අනිවාර්යෙන්ම. මම තව ගීත දහයක්, දොළහක් විතර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ හැම ගීතයකටම රූප රචනයකුත් ඇතුළත් වෙනවා. ඒ වගේම මගේ කණ්ඩායමේ අපේ බලාපොරොත්තුවක් තියෙනවා රූප රචනා කලාව වෙනස් කරන්න ඕනෑ කියන එක. මොකද අපට බොහෝ දේවල් ලස්සනට කතා කරන්න ඒක හොඳ පවර්ෆුල් මාධ්‍යයක්. ඒ වගේම දවස් පහළොවකින් වගේ ප්‍රේක්ෂකයින්ට මගේ අලුත් ගීත නිර්මාණය ‘සිත්තර ර’ෑ දැකබලාගන්න පු`ඵවන් වේවි.


සරාගී නිර්මාණයට සැමියවත් තෝරාගන්න හිතුවේ ඇයි?
සම්පත් ගෙදර තියාගෙන පිටින් ගන්න ඕනෑ නැහැනේ. එයා ඒකට හොඳටම ගැළපෙනවා. ඒ වගේම ලස්සනයි. යුනික් පෙනුමක් තියනවා. ඒ නිසා ගැළපෙනම කෙනා එයා තමයි කියලා හිතුණා. අනිත් එක තමයි මගේ ජීවිතේ මම කවදාවත්ම වෙනත් කෙනකුගේ ගීතයක රූප රචනයට පෙනී සිටිය නැති කෙනෙක්. නමුත් මගේ ගීතය තුළ මම ඒකට අවස්ථාව ලබා ගත්තා. මොකද මම හිතන දෙයක් තමයි අපේ අතරේ තියන සම්පත් නිසි විදියට ප්‍රයෝජනයට ගන්න ඕනෑ කියන එක. ඉතින් ගෙදර වටිනාම සම්පතක් තිබුණ නිසා අපි ඒ සම්පත ප්‍රයෝජනයට ගත්තා.


ඉදිරියේදී වේදිකා නාට්‍ය පැත්තෙන් අලුත් වැඩක් දකින්න ලැබෙයිද?
ලෝරන්ස්ගේ මනමාලි තමයි පෙනී සිටි අන්තිම වේදිකා නාට්‍යය. ඒකට පු`ඵවන් වුණා විශාල ප්‍රෙක්ෂකාගාරයක් ග්‍රහණය කරගන්න. ඒක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ පුරාම ජනප්‍රිය වේදිකා නාට්‍යයක්බවට පත්වුණා. ඒත් එක්ක මේ වෙනකොට අපි තව අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. ඒකේ නම “සුකිරි බටිල්ලෝ” ඒක මේ වෙලාවේ මේ රටට ඉතාමත් හොඳින් ගැළපෙන නිර්මාණයක්. ඒකත් හාස්‍යෝත්පාදක නාට්‍යයක්. 


ගීත නිර්මාණවල අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?
අනිවාර්යයෙන්ම එහෙම සිදුවීම් කිහිපයක්ම තිබුණා. විශේෂයෙන් දෙවැනි ගීතය ‘නාඳුනන පෙම් රස කතා’  නිර්මාණය කරද්දි එහෙම වැඩක් වුණා. ඒක අපි රූගත කිරීම් කළේ පිටකොටුවේ. ඉතින් ඒ වැඩේ කරන්න ගිහින් ටිකක් අමාරු වුණා. කට්ටිය ඇවිත් වටකර ගන්නවා. සෙල්ෆි ගහනවා ඒ වගේ වැඩ ටිකක් වුණා. කොහොම වුනත් මේ වැඩේ අවසානයට සාර්ථක කරගන්න පු`ඵවන් වුණා. ඒ වගේම මගේ ජීවිතේ මම දැකපු ලොකුම හීනය සාර්ථක කරගන්න මට උපරිමයෙන් උදවු කරපු මගේ කණ්ඩායමේ සියලුමදෙනාත් මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා. 


නයනා උදයංගනී



    

     

The Next Face Read Previous

The Next Face

මේ සතිය ඔබට - සැප්තැම්බර් 16 සඳුදා සිට  සැප්තැම්බර් 22 ඉරිදා දක්වා Read Next

මේ සතිය ඔබට - සැප්තැම්බර් 16 සඳුදා සිට සැප්තැම්බර් 22 ඉරිදා දක්වා

Realted Post

Leave a comment