සුන්දර කඳුකරයේ ගල් බංගලාව
අප සුන්දර සීතල කඳුකරයේ වැලී මඩ නගරයේ සිට හපුතලේ දෙසට කිලෝමීටර 6 ක් පමණ දුර ගෙවන අතර එම මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරුණෙමු. එතැන් සිට ගමන් කළ අප වන ජීවි දෙපාර්තමේන්තුව යටතේ අප සුන්දර සීතල කඳුකරයේ පවතින වනරක්ෂිතය තුළ සිසිලස විඳිමින් කිලෝමීටරයක් පමණ ඉදිරියට ගියෙමු. දැන් අප සිටින්නේ ඇඩිෂම් බංගලාවට පිවිසෙන දොරටුව අසලය. අවට ගැමියන්ට අනුව එය ගල් බංගලාවකි. එය එසේ මෙසේ ගල් බංගලාවක් නොව යෝධ බංගලාවකි.
1927 වසරේදී සර් තෝමස් විලියස් නම් ධනකුවේරයාට සුන්දර කඳුකරයේ හපුතලේ පිහිටි මෙම මනස්කාන්ත බිම් කොටස පිළිබඳ සිත ඇදී ගියේය. ඔහු තෝමස් ස්ටුවර්ට් සමාගම් අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ ප්‍රසිද්ධ වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළේය.
මුහුදු මට්ටමේ සිට මීටර් 15705 ක් උසකින් යුතු සීතල කඳුකරයේ මිහිදුම් පින්නෙන් ගතසිත වෙළාගත් එම භුමිය තුළ සිය වාසස්ථානය ඉදිකර ගත යුතු බව විලියස් සිතුවේය. එහි නිර්මාණය කෙසේ විය යුතු දැයි තීරණය කළ ඔහු ආර්.
බුත් සහ එප් වෙබ්ස්ටර් වෙත මෙහි ගෘහ නිර්මාණ ශිල්පීය කටයුතු පවරා ඇත. ඒ අනුව අයර්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පය අනුව සහ ටියුඩර් ඇන්ඩ් ජෙකොබින් වාස්තු ශිල්පය අනුව යමින් ගොඩනැගිල්ල ඉදි වූ බව මෙහි ලේඛන දක්වයි. අක්කර දහයක පමණ භූමියක තෝරා ගත් බිම් කොටස ඔහුගේ මහා මන්දිරයට වෙන් විය. එංගලන්තයේ ඇඩිෂම් ග්‍රාමයේ නම අනුව මෙය ඇඩිෂම් බංගලාව බවට පත් විය.
මෙය සකස් කළ කළුගලෙන් පමණක් නිම වූ බාල්ක සහිත විශාල බංගලාවකි. එනිසා එය ගල් බංගලාව යන නමින්ද ප්‍රචලිතය. දෙමහල් මන්දිරයේ කාමර විසිපහකි. එම සෑම කාමරයකම උණුසුම රඳවා ගැනීම වෙනුවෙන් ගිනි උඳුන් භාවිතකර ඇත. එහි සිවිලිම සහ වහල දැවයෙන් නිර්මාණය වී තිබේ.
අද මෙහි කාමර නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව නැත. ඒවා වසා දමා පහළ මාලය පමණක් නැරඹිය හැකිය. බිම්මහල යෝධ ආරුක්කු දොරටු වලින් සමන්විතය. ඇතුළතප්‍රධාන සාලයේ පැරණි දැව භාණ්ඩ සහ විවිධ පෞරාණික දෑ එකතු කළ සාලයකි. එහි පසෙක පැරණි විවිධ පොත්පත් දහසකට ආසන්න ගණනාවක් රැස් කළ දැව අල්මාරි ගණනාවකි
අවට ගම්වාසීන් පවසන්නේ එකල ගබංගලාව ආසන්නයේ පහළින් පිහිටි ගම්මානයක විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා මෙහි පාලනාධිකාරිය උදව් උපකාර කර ඇති කතාවකි එහිලා භාවිතයට ගත් මේසන් හැන්දක් මෙහි කෞතුක වස්තුවක් ලෙස ප්‍රදර්ශනයට තබා තිබුණ ද එය ද මේ වන විට එහි දක්නට නැති බව ඔවුහු පවසති.
මෙම ගොඩනැගිල්ල 1951 දී මෙම ඉඩම බණ්ඩාරනායක ඝාතනයේ විත්තිකාරියක ලෙස නම් කළ විමලා විජේවර්ධනට විකුණා ඇත. ඇය සේදවත්තවතු සමාගමේ අධ්‍යක්ෂවරියක වූ අතර ලංකාවේ කැබිනට් ඇමතිවරියක ලෙස ද කලක් කටයුතු කළාය. බණ්ඩාරනායක ඝාතනය මෙම බංගලාවේ සිට සැලසුම් කළා යයි එකල කටකතාවක් වී යැයි ද ඇතමෙකු පවසති.
මෙම දේපොළ 1961 දී සිල්වෙස්ටර් බෙනඩික් නැමැති ආගමික සංවිධානයකට විකුණා ඇත. ඒ අනුව තාපසාරාමයක් ලෙස මෙය දැනට භාවිතයට පත්ව තිබේ.
එනිසා පළමුව ඇඩිෂම් හෝල් යනුවෙන් හැඳින් වූ මෙම ගොඩනැගිල්ල පසුව සෙන්ට් බෙනඩික් මීසම නමින් හඳුන් වන බව එහි ප්‍රදර්ශිත ලේඛන දක්වයි. මෑතකදී මෙරට තිරගත වූ සරිගම චිත්‍ර පටයේ රූගත කිරීම් මෙහි සිදුකර තිබේ. ගොඩනැගිල්ල වටා අලංකාර උද්‍යාන පෙළකි. උඩරට කඳුකරයේ සීතල පින්නෙත්
යකට මයක් තිබේ. වෙන් සන්ට් එහි මෙරට කිරීම් වටා නෙත් නැහැවෙන විවිධ වර්ණයෙන් පිරි රෝස කපුරු ඇතුළු මල් පිරි මල් උයන් මෙන්ම දෙපා සනහන තණනිල්ල වටා ඇති මල් ගොමු ද වන පියස ද සංචාරක ආකර්ෂණයට තවත් හේතුවකි.
හපුතලේ නගරයේ සිට පැමිණෙන්නේ නම් කිලෝමීටර හතරක් පමණ දුර ගෙවූ පසු පහසුවෙන් මෙම ස්ථානයට ළඟා විය හැකිය.
සංචාරය - ලාල් ජයසුන්දර
Leave a comment