පරිශීලකයින් එයාර්ටෙල් පිළිබඳව කතාකරයි

ඕනෑම ජාලයක් අතර අසීමිත දේශීය ඇමතුම් නොමිලේ ලබාදීමට මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල අසීමිතව සැරි සැරීමට පහසුකම් හා ප්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබූ පළමු ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන්නේ එයාර්ටෙල් ලංකා සමාගමයි. 


එයාර්ටෙල් Unlimited Freedom පැකේජය වෙත මාරුවූ කිහිපදෙනෙකුගෙන් එම අත්දැකීම කෙබඳුද යන්න සහ එයාර්ටෙල් විසින් පොරොන්දු වූ පරිදි ඔබ බලාපොරොත්තු වනදේ ලබාදෙන්නේ දැයි  විමසාබැලීමට අපි තීරණය කළෙමු.


තරුණ බැංකු වෘත්තිකයෙකු වන භාග්‍යා හට එයාර්ටෙල් හි රු. 749 පැකේජය පිළිබඳව දැනගන්නට ලැබී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක ඇයගේ මිතුරෙකු හරහායි. නව දුරකතන සම්බන්ධතාවයක් අත්හදාබැලීමට ඇය මුලදී පසුබට වූවත් තවත් මුදල් ඉතිරි කිරීමේ අවශ්‍යතාවය මත එය උත්සාහකර බැලීමට ඇය තීරණය කළාය.


“මම දැනට භාවිතකරන මගේ දුරකතන අංකය වෙනස් කිරීමට මට අවශ්‍ය වූයේ නෑ. නමුත් මට තිබෙන්නේ dual SIM ජංගම දුරකතනයක් නිසා අවසානයේ මම එය මගේ දෙවන සිම්පත ලෙස භාවිතකිරීමට තීරණය කළා. මම දැන් එය භාවිතයට ගෙන මාසයක් පමණ වුවත් එය මගේ අවශ්‍යතාවන්ට හරියටම ගැලපෙන පැකේජය බව මට කිව හැකියි. මම මීට පෙර වෙනත් ජාලවල පැකේජ ගණනාවක් භාවිතකර තිබෙනවා. නමුත් ඒ කිසිවකින් අප ගෙවන මුදලට අප බලාපොරොත්තු වූ වටිනාකමක් ලබාදුන්නේ නැත. අපි ගෙවන මුදලට හොඳම වටිනාකමක් සොයන මෙවැනි කාලයක වෙනත් ජාල වෙත ලබාගන්නා අසීමිත ඇමතුම් අපට බොහෝ සෙයින් උපකාරී වනවා. හොඳ සිග්නල් ආවරණය, ලබාගන්නා හා ලැබෙන ඇමතුම්වල ගුණාත්මකභාවය සහ Data විශ්වසනීයත්වය ද ඉතා වැදගත්. මගේ සහෝදරයා Zoom ඔස්සේ ඔහුගේ ඉගෙනීම් කටයුතු කිරීමේදී මගේ මෙම පැකේජය භාවිතකරන නිසා ඔහුටද මා මෙය නිර්දේශ කළා.” යනුවෙන් ඇය පැවසුවාය.

 

හැමවිටම පවුලට මුල්තැන දෙනවා  - Dinakshie Read Previous

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

Launch of the Times School of Higher Education Read Next

Launch of the Times School of Higher Education

Realted Post

Leave a comment